Sunday, 15 November 2020 - 13:31
කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විදේශ ආධාර ව්‍යාපෘති සම්බන්ධීකරණයට විශේෂ ලේකම් කාර්යාලයක්
...


කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ක්‍රියාත්මක රාජ්‍ය අමාත්‍යාංශ වලට සම්බන්ධ විදේශ ආධාර ව්‍යාපෘති සම්බන්ධීකරණයට අදාල විශේෂ ලේකම් කාර්යාලයක් විවෘත කෙරුණා. ඒ කෘෂිකර්ම  අමාත්‍යාංශය පරිශ්‍රයේදීයි. ලෝක බැංකුව සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ජාත්‍යන්තර අරමුදල හෙවත් “IFAD” යටතේ දිවයින පුරා කෘෂි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කෙරේග අදාල  ව්‍යාපෘති වල කටයුතු අධීක්ෂණයල කාර්යක්ෂම කිරීම මෙන්ම නිවැරදි සම්බන්ධීකරණයක් තුළින් විධිමත් කිරීම මෙම නව ලේකම් කාර්යාලයේ කාර්යභාරයට අයත්.

කෘෂිකර්ම අමාත්‍ය  මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් නව ලේකම් කාර්යාලයේ කටයුතු ආරම්භ කෙරුණා.

ගෙවතු වගාවේ සිට මහා පරිමාණ කෘෂි ව්‍යපෘති දක්වා විවිධ විදේශ ආධාර ක්‍රියාත්මක කෙරෙනවා, එහෙත් ඒ පිළිබඳ නිවැරදි සම්බන්ධීකරණයක් මෙන්ම තොරතුරු ජාලගතවීමක් මෙතෙක්  සිදුවූයේ නැත. එම අඩුපාඩු නිරාකරණය කරමින් රටට ඵලදායී ලෙස මෙම විදේශ ආධාර ව්‍යාපෘති අධීක්ෂණය නව ලේකම් කාර්යාලය මඟින් සිදුකිරීමට නියමිතය. සාම්ප්‍රදායික කෘෂිකාර්මික  රටාවට නව තාක්ෂණික සහාය ලබාදීමත් මෙම විදේශ ආධාර ව්‍යාපෘති මඟින් සිදු කෙරන තවත් කාර්යභාරයක්. ඒ දැනුමද විධිමත්ව දිවයින පුරා ගොවිජනතාව වෙත ගලායන පරිදි  සම්බන්ධීකරණ නව ලේකම් කාර්යාලය ඔස්සේ සිදුකිරීම සැලසුමයි.

කෘෂි ව්‍යවසායකයින් සහ කෘෂිකර්ම අමාත්‍යාංශය අතර ගිවිසුම් කීපයක් අත්සන් කිරීම ද මීට සමගාමීව එම ස්ථානයේ දී සිදුකෙරිණ. අදාළ ව්‍යවසායකයින් හා අමාත්‍යාංශය වෙනුවෙන් එහි  ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේද පෙරේරා මහතා ඊට අත්සන් තැබිණි. ගොවිජනතාවත්. පාර්භෝගික ජනතාවත් ආරක්ෂා කරමින් මෙරට කෘෂි ක්ෂේත්‍රය නව මාවතකට යොමු කිරීමේ  වැඩසටහන් මාලාවේ එක් වැසටහනක් ලෙසයි මෙම විදේශ ආධාර ව්‍යාපෘති සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය ස්ථාපිත කෙරුණේ .
 

More News
...
Friday, 27 November 2020 - 21:56

ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ණය ගෙවීමේ හැකියාව...   Read more

...
Thursday, 26 November 2020 - 7:45

කොරෝනා තත්ත්වය හමුවේ දරුණු ලෙස බලපෑම් එල්ලවී තිබෙන මෙරට සුළු සහ මාධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන...   Read more

...
Wednesday, 25 November 2020 - 19:57

මින් ඉදිරියට මෙරටට ගැළපෙන ආයෝජන ගෙන ඒමට කටයුතු කරන බවත්, 1948 සිට මෙරට මෙතෙක් අනුගමනය කරමින් පැවති...   Read more

දවසේ වීඩියෝව
ad
දවසේ කාලගුණ අනාවැකිය
+28
°
C
H: +28°
L: +26°
Colombo
Saturday, 12 September
See 7-Day Forecast
Sun Mon Tue Wed Thu Fri
+28° +28° +28° +28° +28° +28°
+26° +26° +26° +26° +26° +26°

2020 නොවැම්බර් මස 28

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුලදී, අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇතිකරනු ඇත. ඌව, මධ්‍යම,උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

දවසේ කාටුනය
...