Friday, 20 November 2020 - 7:23
පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණය අද ජනතා අයිතියට
...

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණය අද (20) පෙරවරුවේ ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින්.

වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් 1192 කින් සමන්විත වන අතර එහි විවේකාගාර, වෛද්‍ය මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධි ශීත ගබඩා, හෝටල් සහ වාහන 600 ක් එකවර ගාල් කිරීමට හැකි රථ ගාලක් ඇතුළු පහසුකම් රැසක් සමන්විත වනවා.

ව්‍යාපෘතිය සඳහා වියදම්ව ඇති මුළු මුදල රුපියල් කෝටි 690කි.

2013 වසරේදී පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ කටයුතු ආරම්භ වූ අතර අද (20) සිට දිවයිනේ සෑම ප්‍රදේශයකටම ගමන් කරන අධිවේගී මාර්ග හා සම්බන්ධ වීම හේතුවෙන් භාණ්ඩ කොළඹට රැගෙන ඒම සහ කොළඹින් පිට ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීමට ඉතා පහසු වනවා.

මහල් හතරකින් සමන්විත වෙළඳ සංකීර්ණයේ 03 වෙනි මහල දක්වා පිහිටි සෑම වෙළඳ සැලකටම එළවළු ප්‍රවාහන ලොරි රථ ගෙන ඒමට හැකි වීම මෙම නව වෙළඳ සංකීර්ණයේ විශේෂත්වය වන්නේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය සමඟ පිටකොටුව මැනිං වෙළඳසැල වසා දැමීමට සිදුවූ අතර එහි වෙළඳුන් විශාල අර්බුධ රැසකට මුහුණ දීමට සිදු වුණා.

පසුව රජය තීරණය කරනු ලැබුවේ පෑලියගොඩ ප්‍රදේශයේ තාවකාලික ගොඩනැගිල්ලක් මැනිං වෙළඳසැල සඳහා වෙන් කිරීමටයි.

More News
...
Friday, 27 November 2020 - 22:56

වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා පිළිබඳ මාධ්‍යවල වාර්තා වූ පුවත සාවද්‍ය බව රාජ්‍ය අමාත්‍ය රොෂාන්...   Read more

...
Friday, 27 November 2020 - 22:47

හිටපු එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය ලෙස එම ත්‍රස්තයින් හැදින්වු 'මහවිරු දිනය"...   Read more

...
Friday, 27 November 2020 - 22:46

ශ්‍රී ලංකාවේ තවත් කොරෝනා මරණ 08ක් අද (27) දිනයේ දී වාර්තා වනවා.ඒ අනුව ශ්‍රී ලංකාවේ සිදුවූ සමස්ථ කොරෝනා...   Read more

දවසේ වීඩියෝව
ad
දවසේ කාලගුණ අනාවැකිය
+28
°
C
H: +28°
L: +26°
Colombo
Saturday, 12 September
See 7-Day Forecast
Sun Mon Tue Wed Thu Fri
+28° +28° +28° +28° +28° +28°
+26° +26° +26° +26° +26° +26°

2020 නොවැම්බර් මස 27 

ඌව සහ නැගෙනහිර පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති වේ.

දවසේ කාටුනය
...