Friday, 20 November 2020 - 8:58
නිරෝධායන නීති අනුගමනය කරනවාදැයි බලන්න පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමින්
...

මුව ආවරණ භාවිත නොකිරීම සහ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල 46 දෙනෙක් ඊයේ දිනයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ මුව ආවරණ භාවිත නොකිරීම සහ දුරස්ථභාවය පවත්වාගෙන නොගිය පුද්ගලයින් 358 දෙනෙක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර මහජන සේවා සපයන ආයතන තුළ නිරෝධායන නීති රීති නිසි ලෙස අනුගමනය වනවාදැයි සොයා බැලීමට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අදාළ වැඩපිලිවෙල සෞඛ්‍යය අංශවල සහය ඇතිව ක්‍රියාමත්මක කිරීමට නියමිත බවයි.

More News
...
Saturday, 28 November 2020 - 7:51

බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩ යන ප්‍රදේශවලට අද (28) රාත්‍රී 9 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන...   Read more

...
Saturday, 28 November 2020 - 7:20

පී සී ආර් පරීක්ෂණ සඳහා සහභාගී නොවන ලෙස දන්වා යම් සංවිධානාත්මක කල්ලියක් ක්‍රියා කරන බවට තොරතුරු...   Read more

...
Saturday, 28 November 2020 - 7:10

අද සහ හෙට දුම්රිය ධාවනය සීමාසහිතව සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.මෙම සතියේ ධාවනය කරන...   Read more

දවසේ වීඩියෝව
ad
දවසේ කාලගුණ අනාවැකිය
+28
°
C
H: +28°
L: +26°
Colombo
Saturday, 12 September
See 7-Day Forecast
Sun Mon Tue Wed Thu Fri
+28° +28° +28° +28° +28° +28°
+26° +26° +26° +26° +26° +26°

2020 නොවැම්බර් මස 28

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුලදී, අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇතිකරනු ඇත. ඌව, මධ්‍යම,උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

දවසේ කාටුනය
...