Friday, 20 November 2020 - 12:10
තවත් මාරාන්තික වෛරසයක්
...


බොලිවියාවේ පැතිර යන චැපරේ නම් වෛරසය පිලිබඳ දැඩි අවධානය යොමුව තිබෙනවා.මෙම වෛරසය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන (සීඩීසී) විසින් ප්‍රකාශ කර ඇත්තේ එය මිනිස් සබඳතා හරහා පැතිර යා හැකි බවයි. එම වෛරසය ආසාදනය වන්නන්ට උණ, හිසරදය, සන්ධි සහ මාංශ පේශි වේදනාව, ඇස් පිටුපස වේදනාව, බඩේ අමාරුව, වමනය,පාචනය,විදුරුමස් ලේ ගැලීම සහ සමේ කැසීම වැනි රෝගලෂණ පෙන්නුම් කරන බව සඳහන්. මීයන් සමඟ ඍජුව සම්බන්ධ වීමෙන් මෙය පැතිර යන බව වෛද්‍ය මතයයි.

කොරෝනා වෛරස් ඛාණ්ඩයට අයත් මෙම වෛරසය පැතිර යාම මුලින්ම වාර්තා වුණේ 2003 වර්ෂයේදීයි.බොලීවියාවේ චපාරේ ප්‍රාන්තයෙන් වාර්තා වූ මෙම වෛරසයෙන් එවකට ජිවිතක්ෂයට පත්වුණේ එක් පුද්ගලයෙකු පමණයි.පසුව 2019 වර්ෂයේදී බොලිවියාවේ කරනවි පලාතෙන් මෙම වෛරසය පිලිබඳ යලි වාර්තා වුනා.සෞඛ්‍ය සේවකයින් තිදෙනෙකුගේ ජීවිත බිලිගෙන ඇති මෙම වෛරසය ගැන යලි අනතුරු ඇඟවීම් කර ඇත්තේ කොරෝනා වෛරස් ඛණ්ඩයට අයත් කොවිඩ් 19 වෛරසය ලොවපුරා ව්‍යාප්ත වී ඇති පසුබිමකයි.

More News
...
Saturday, 28 November 2020 - 6:44

ඔක්ස්ෆර්ඩ්/ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතෙහි යෝග්‍යතාවය පිළිබඳව තක්සේරුවක් කරන ලෙස බ්‍රිතාන්‍ය...   Read more

...
Friday, 27 November 2020 - 11:52

ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩ්න් මීළඟ ජනාධිපතිවරයා ලෙස ඡන්ද විද්‍යාල නියෝජිතයන්...   Read more

...
Friday, 27 November 2020 - 0:19

සුඩාන හිටපු අගමැතිවරයෙකු වු  සදික් අල්-මහඩි කොවිඩ් කොරෝනා වෛරසයට ගොදුරුවිම හේතුවෙන් මිය ගොස්...   Read more

දවසේ වීඩියෝව
ad
දවසේ කාලගුණ අනාවැකිය
+28
°
C
H: +28°
L: +26°
Colombo
Saturday, 12 September
See 7-Day Forecast
Sun Mon Tue Wed Thu Fri
+28° +28° +28° +28° +28° +28°
+26° +26° +26° +26° +26° +26°

2020 නොවැම්බර් මස 28

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුලදී, අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇතිකරනු ඇත. ඌව, මධ්‍යම,උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

දවසේ කාටුනය
...