Friday, 20 November 2020 - 13:21
විසබීජ නාශක දියර දන්සලක් දුන් අද කාලයේ මිනිසෙක්
...

සියලු දේ මුදලට යටව ඇති අවධියක, මාරාන්තික උවදුරක් පවා තම වාසියට හරහා ගත හැකිදැයි සොයන මිනිසුන් සිටින සමාජයක, මිනිසුන් වෙනුවෙන් දිනපතා පෞද්ගලික ධනය වැයකර නිරෝගී සමාජයක් තනන්නට  වෙර දරන  අයෙකු සිටීද, එවැනි අයෙකු අපට හමුවීය.

ඔහු අජිත් කුමාර ලියනාරච්චි නම් හිටපු හමුදා සෙබලෙකි. වයස 49ක දෙදරු පියෙකි. වර්තමානයේ රට පුරා ව්‍යාප්ත වන කොරෝනා වසංගතය මැඩලීම උදෙසා ඔහු මහඟු  දායකත්වයක් ලබාදෙයි.

එනම් දිනකට විසබීජ නාශක ද්‍රව ලීටර් 4000ක් පමණ නොමිලේ සැපයීම සිදුකරයි. ඒ වෙනුවෙන් දිනකට රුපියල් 4000ක් පමණ වැය වන බවද  ඔහු පවසයි. එහෙත් ඔහු එම සද්කාර්ය සිදු කරන්නේ රටේ යහපත වෙනුවෙන් ඉතා සතුටිනි. මිල පාලනය පවා නොතකමින් වැඩි මිලට අත්‍යවශ්‍ය ආහාර පවා කූට ලෙස අලෙවි කරමින් ජනතාව ගසාකන වෙළෙඳුන් සිටින රටක දිනපතා විසබීජ නාශක දන්සලක් පවත්වාගෙන යන අජිත් කුමාර මහතා මේ පිළිබඳව මෙසේ පවසයි.

“වත්මන් හමුදාපතිතුමා යටතේ මම දිගු කලක් යුද හමුදාවේ සේවය කළා. එදා එතුමා ලබාදුන් ආදර්ශය තමා අද මම මේ ක්‍රියාත්මක කරන්නේ. යුද හමුදාපතිතුමා ඇතුළු නිලධාරීන් විශාල වෙහෙසක් ගන්නවා අපේ රටේ කොරෝනා උවදුර මැඩලීමට.

ඒ වෙනුවෙන් මට කළ හැකි දායකත්වය තමා මේ සිදුකරන්නේ. ඒ නිසයි අද මම නොමිලේ විසබීජ නාශක ලබාදීමට කටයුතු කරන්නේ. දිනකට ලීටර් 4000ක් පමණ මා නොමිලේ ලබා දෙනවා. ඒ වගේම රජයේ කාර්යාල, සේවා ස්ථාන, පාසල් ඇතුළු ඕනෑම ස්ථානයක ඉල්ලීමකට නොමිලේ විසබීජ නාශක ලබාදෙන්න සූදානම්.

මම දැනට ව්‍යාපාරයක් විදියට විසබීජ නාශක අලෙවි කරනවා.

නැක් නැමැති ආයතනයේ අලෙවි නියෝජිත ලෙස කටයුතු කරනවා.

එම ආයතනය මගිනුත්  මේ නොමිලේ විසබීජ නාශක ලබාදීම සඳහා දායකත්වය ලබා දෙනවා.

අද ජනතාව අත්දෙක හෝදනවා. මාස්ක් දානවා, නමුත් තමන්ගේ පාවහන් වාහනවලින් නිවෙසට ගෙනියන විසබීජ විනාශ කරන්න උනන්දු නෑ. මේ පාරවල්වල මිනිසුන් කෙළ ගහනවා. ඒවා වාහන මගින් යන්න පුළුවන්. ඒ නිසා මගේ ශක්ති ප්‍රමාණයෙන් මේ රටෙන් කොරෝනා උවදුර තුරන් කරන්න දායකත්වය ලබාදෙනවා.

මෙම මේ ව්‍යාපාරයෙන් සුළු ලාභයක් ලබනවා. එයින් පවුලේ නඩත්තුවට හා ව්‍යාපාරය පවත්වාගෙන යෑමට මුදලක් ඉතිරි කරගෙන ඉතිරිය ජනතාවගේ සුබ සිද්ධිය සඳහා යොදනවා.
මෙවැනි මිනිසුන් දුලබය. පවතින තත්ත්වය හමුවේ කුමන හෝ අයුරකින් කල දුටු කල වළ ඉහා ගන්නා ව්‍යාපාරිකයින් අතර මනුෂ්‍යකම හදුනන පුද්ගලයෙකි.

අගලවත්ත - ප්‍රභාත් බුලත්සිංහල

More News
...
Friday, 27 November 2020 - 21:56

නොවැම්බර් 30 වනදා සිට BBC සිංහල ගුවන් විදුලි සේවය වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.එක්සත් රාජධානියේ...   Read more

...
Friday, 27 November 2020 - 12:39

ලෙබනනයේ සිට පැමිණි පිරිසක් ගමන් ගත් බස් රථයක් කිලිනොච්චි විඩත්තපලෙයි ප්‍රදේශයේදී අනතුරට ලක්ව...   Read more

...
Friday, 27 November 2020 - 8:34

පීසීආර් පරීක්ෂණ සිදු කිරීමේදී රුපියල් හයදහස් පන්සියයේ සීමාව ඉක්මවා මුදල් අයකර නොගන්නා ලෙස කොවිඩ් ...   Read more

දවසේ වීඩියෝව
ad
දවසේ කාලගුණ අනාවැකිය
+28
°
C
H: +28°
L: +26°
Colombo
Saturday, 12 September
See 7-Day Forecast
Sun Mon Tue Wed Thu Fri
+28° +28° +28° +28° +28° +28°
+26° +26° +26° +26° +26° +26°

2020 නොවැම්බර් මස 28

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුලදී, අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇතිකරනු ඇත. ඌව, මධ්‍යම,උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

දවසේ කාටුනය
...