Friday, 20 November 2020 - 14:06
චීනය නිපදවූ කොරෝනා එන්නත මිලියනයකට
...



චීන රජයේ ඖෂධ නිෂ්පාදන සමාගම මගින් නිපද වූ කොවිඞ් 19 එන්නත එහි හදිසි භාවිත වැඩපිලිවෙල යටතේ චීන වැසියන් මිලියනයකට එන්නත් කර තිබෙනවා. කිසිදු පුද්ගලයෙකුගෙන් ඊට අහිතකර ප්‍රතිචාරයක් නොලැබුණු බවයි චීන ජාතික ඖෂධ සමූහයේ සභාපති ලියු ජින්ෂෙන් ප්‍රකාශ කළේ.

 පරීක්ෂණ මට්ටමේ පවතින කොවිඞ් එන්නත් මෙලෙස වැසියන්ට ලබාදී ඇත්තේ රුසියාව සහ චීනය පමණයි.

එමෙන්ම, චීන පෞද්ගලික ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් නිපද වූ සිනොවැක්-බයෝටෙක් කොවිඞ් 19 එන්නත මගින්ද කඩිනමින් ප්‍රතිශක්තිය ඇතිවන බව වාර්තා වනවා.

ඉදිකිරීම් ව්‍යාපෘති සේවකයින්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ සිනෝෆාම් එන්නත ලබා ගැනීමෙන් පසු විදේශගත වූ සිසුන් අතර කිසිවෙකුටත්කොරෝනා ආසාදනය වී නොමැති බව සඳහන්.

More News
...
Saturday, 28 November 2020 - 6:44

ඔක්ස්ෆර්ඩ්/ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතෙහි යෝග්‍යතාවය පිළිබඳව තක්සේරුවක් කරන ලෙස බ්‍රිතාන්‍ය...   Read more

...
Friday, 27 November 2020 - 11:52

ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩ්න් මීළඟ ජනාධිපතිවරයා ලෙස ඡන්ද විද්‍යාල නියෝජිතයන්...   Read more

...
Friday, 27 November 2020 - 0:19

සුඩාන හිටපු අගමැතිවරයෙකු වු  සදික් අල්-මහඩි කොවිඩ් කොරෝනා වෛරසයට ගොදුරුවිම හේතුවෙන් මිය ගොස්...   Read more

දවසේ වීඩියෝව
ad
දවසේ කාලගුණ අනාවැකිය
+28
°
C
H: +28°
L: +26°
Colombo
Saturday, 12 September
See 7-Day Forecast
Sun Mon Tue Wed Thu Fri
+28° +28° +28° +28° +28° +28°
+26° +26° +26° +26° +26° +26°

2020 නොවැම්බර් මස 28

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුලදී, අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇතිකරනු ඇත. ඌව, මධ්‍යම,උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

දවසේ කාටුනය
...