Friday, 20 November 2020 - 20:37
බැසිල් ආගමනයත් සමඟ කැබිනට් මණ්ඩලය නව වසරේ සිට වෙනස් කිරීමේ සුදානමක්?
...

ලබන ජනවාරි මාසයේදී දැවැන්ත කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

කැබිනට් මණ්ඩලයේ තිබෙන ඉතුරු පුරප්පාඩු කිහිපයද සම්පූර්ණ කරමින් වර්තමානයේ කැබිනට් අමාත්‍යධුර දරණ ඇතැමුන්ගේ විෂයයන් සංශෝධනය වෙමින් මෙම කැබිනට් මණ්ඩල සංශෝධනය සිදුවන බව දැනගන්නට තිබෙනවා.

මේ වන විට රාජ්‍ය ඇමතිවරුන්ටත් පිටුපසින් පාර්ලිමේන්තුවේ අසුන් ගෙන සිටින කුරුණෑගල, නුවරඑළිය හා කළුතර දිස්ත්‍රික්ක නියෝජනය කරන ජේෂ්ඨතම මන්ත්‍රීවරුන් තිදෙනකුට කැබිනට් මණ්ඩල අමාත්‍යධුර ලැබීමට නියමිත බවයි එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

තමාට දිගටම පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන් ගැනීමට සිදුවනවා දැයි කුරුණෑගල දිස්ත්‍රික් නියෝජනය කරන ජේෂ්ඨ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් විමසා ඇති අතර එහිදී ජනාධිපතිවරයා සඳහන් කොට ඇත්තේ නෑ ඔබ ලඟදීම ඉදිරිපෙලට පැමිනෙන බවයි.

බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනයත් සමග මෙම කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු වීමට නියමිත අතර එහිදී බැසිල් රාජපක්ෂ මහතාට ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරයට අමතරව අග්‍රාමාත්‍යවරයා යටතේ තිබෙන ප්‍රබල අමාත්‍යාංශයක වගකීමද හිමිවීමට ඉඩකඩ ඇති බවයි එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

More News
...
Sunday, 15 November 2020 - 22:59

කොවිඩ් මැද මන්දගාමී වූ දේශපාලන කරළියේ රැඟුම් යම් පමණකට සුපුරුදු රිද්මයට පැමිණීම පසුගිය සතියේ...   Read more

...
Thursday, 12 November 2020 - 10:18

  රට හදන සෞභා­ග්‍යයේ දැක්ම ප්‍රති­පත්ති මාලාව අනුව නගර නිර්මා­ණ­යට අවශ්‍ය යටි­තල පහ­සු­කම්...   Read more

...
Wednesday, 11 November 2020 - 10:29

ඉදිරි අයවැයෙහි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ කරුණු රැසක් ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක...   Read more

දවසේ වීඩියෝව
ad
දවසේ කාලගුණ අනාවැකිය
+28
°
C
H: +28°
L: +26°
Colombo
Saturday, 12 September
See 7-Day Forecast
Sun Mon Tue Wed Thu Fri
+28° +28° +28° +28° +28° +28°
+26° +26° +26° +26° +26° +26°

2021 නොවැම්බර් මස 24

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ලංකාවේ ත්‍රිකුණාමලය වෙරළට කි.මී.280 දුරින් (10.0N, 83.3E) මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතී.

ඉදිරි පැය 12ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වාත් ඊළඟ පැය 12 තුල චන්ඩ සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය විය හැක.

මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුල දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දවසේ කාටුනය
...