Saturday, 21 November 2020 - 6:20
සසුන’ඹර එළිය කළ නිවී ගිය මිණි පහන නාපාන පේම­සිරි මහ නා හිමියෝ
...

2014 වසරේ ජූලි මාස­යයි. මහ­නු­වර ප්‍රදේ­ශයේ විහා­ර­ස්ථා­න­යක පැවති විශේෂ ආග­මික උත්ස­ව­ය­කට සහ­භාගි වන්නට මමද ගියෙමි. උත්ස­වය ආරම්භ කිරී­මට නිය­මි­තව තිබුණේ පස්වරු 3.00ටය. පස්වරු 3.00ට ආසන්න විය. ඒ වන විට උත්ස­ව­යට සහ­භාගී වන්නට පැමිණ සිටි ගිහි පිරි­සද එත­රම් විශාල නොවීය. භික්ෂූන් වහන්සේ 40නමක් පමණ ආරා­ධනා ලැබ තිබුණු අතර ඒ වන විටත් වැඩම කර සිටියේ ආරා­ධිත භික්ෂූන් වහ­න්සේ­ගෙන් 12නමක් පමණි. විහා­ර­ස්ථා­න­යට පැමිණි ළා නිල් පැහැති මෝටර් රථ­යකි. වයෝ­වෘද්ධ හිමි­න­මක් එයින් බැස ගත්හ.
‘‘අපි හිතුවෙ නැහැ මහ නායක හාමු­දු­රුවො කලින්ම වඩියි කියල‘‘ පිරිස කියූහ.

‘‘උත්ස­වේට ආරා­ධනා කරල තිබුණෙ 3.00ටනෙ ඉතින් වෙලා­ව­ටම ආවා‘‘ සිහින් හඬ­කින් උන් වහන්සේ වදා­ළහ.

එම උත්ස­වය අව­සන් වූයේ පස්වරු 6.30ට පම­ණය. එතෙක් වේලා උන් වහන්සේ අසු­නින් නැඟී සිටියේ නැත. නාපාන මහ නාහි­මියෝ එවැනි ගති ලක්ෂ­ණ­ය­න්ගෙන් යුතු වූහ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක පද­වි­යට පත්වී­මට පෙර සිට වුවද නාපාන පේම­සිරි මහ නා හිමියෝ මාධ්‍ය ඔස්සේ වැඩි වශ­යෙන් පෙනී සිටියේ නැත. ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා අද­හස් පළ කර­න­වාට වඩා උන් වහන්සේ සිතුවේ ශාස­නික ආග­මික මෙහෙ­ව­රට එම කාලය යෙද­විය යුතු බවයි. උන් වහන්සේ උපත ලැබුවේ මහ­නු­වර පාත­දු­ම්බර නාපාන ග්‍රාම­යේදී 1923 ජන­වාරි 20 වැනි­දාය. ඒ ඒක­නා­යක මුදි­ය­න්සේ­ලාගේ මහ­කු­ඹුරේ ගෙදර කිරි­බ­ණ්ඩාර නිල­මේ­තු­මාගේ හා නියං­ගොඩ හිටි බණ්ඩාර මුදි­ය­න්සේ­ලාගේ බණ්ඩාර මැණි­කේගේ පුත් කුම­රෙක් ලෙසිනි. පවුලේ 7වැනි දරුවා ලෙසින් මෙලොව එළිය දුටු මේ කුම­රාට ඒක­නා­යක මුදි­ය­න්සේ­ලාගේ මහ­කු­ඹුරේ ගෙදර ටිකිරි බණ්ඩාර යන නම තබන ලදී.

වලල මූලික පාස­ලෙන් හා ගුන්නෑ­පාන අමු­ණු­ගම මහා විද්‍යා­ල­යෙන් අධ්‍යා­ප­නය ලැබූ ටිකිරි බණ්ඩාර වයස අවු­රුදු 10දී එනම් 1933 ජූලි මස 08 වෙනිදා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු­නා­යක ධුරය හෙබවූ (අප­වත් වී වදාළ) තෙරි­පැහැ සිරි සීල­වංශ නා හිමි­යන්ගේ ආචා­ර්ය­ත්ව­යෙන් නාපාන පේම­සිරි නමින් පැවිදි විය. ඒ හුරි­ක­ඩුව උදු­ම්බ­රා­රා­ම­යේ­දීය.
සාම­ණේර අව­ධියේ මූලික බණ දහම් අධ්‍ය­ය­නය කළ පේම­සිරි හිමියෝ 1935 වස­රේදී කොළඹ වැල්ල­වත්ත ශ්‍රී ධර්මෝ­දය පිරි­වෙ­ණට ඇතු­ළත් වූහ. එතැ­නින් ප්‍රාචීන ප්‍රාරම්භ මධ්‍යම විභාග සමත්ව රාජ­කීය පණ්ඩිත විද්‍යා විශා­රද පරී­ක්ෂ­ණ­යද සමත් වූහ.

අධ්‍ය­යන කට­යු­තු­වල මෙන්ම ශාස­නික කට­යු­තු­ව­ලද නියැළී කට­යුතු කළ පේම­සිරි හිමියෝ 1943 වසරේ අගෝස්තු 6වැනිදා මහ­නු­වර කටු­ග­ස්තො­ටදී පිගා­ඔය මධ්‍යයේ ඉදි­කළ උද­කු­ක්ඛේප පෝය සීමා මාල­ක­යේදී උප­ස­ම්පදා ලැබූහ. එතැ­නින් පසු­වද අධ්‍ය­යන කට­යුතු සිදු කළ පේම­සිරි හිමියෝ තමන් වහන්සේ උගත් ධර්ම ශාස්ත්‍රීය සේවය භික්‍ෂු පර­පු­රට දායාද කිරීම පිණිස 1945 වස­රේදී නිට්ට­ඹුව විද්‍යා­නන්ද පිරි­වෙ­නින් ගුරු වෘත්තිය ආරම්භ කළහ.

තමන් උගත් ධර්මය පරා­ර්ථය සඳ­හාම යොද­ව­මින් කැට­වල ශ්‍රී ජිනේ­න්ද්‍රා­රා­මයේ ආරම්භ කළ උන් වහන්සේ ශ්‍රී විද්‍යා­ලෝක පිරි­වෙ­‍ෙනහි පරි­වේ­ණා­ධි­පති ධූරය හොබ­ව­මින් උගත් ගිහි පැවිදි පිරි­සක් රටට සසු­නට දායාද කර­න්නට කට­යුතු කළහ.

ගිහි පැවිදි විශාල ශිෂ්‍ය පිරි­ස­කට පාලි, සිංහල සංස්කෘත බුද්ධ ධර්මය යන විෂ­යන් ඉගැ­න්වීමේ නිර­තව සිටි නාහි­මි­යන් පසුව තමන් වහන්සේ උපත ලැබූ ගමට ආසන්න මැණි­ක්හින්න හුරි­ක­ඩුව විද්‍යා­සා­ගර පිරි­වෙන ආරම්භ කරන ලදී. ඒ 1967 වස­රේ­දීය. එහි ප්‍රථම පරි­වේ­ණා­ධි­පති ධූරය දරන ලද්දේද උන් වහ­න්සේ­මය.

ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝ­ප­කාර සමා­ගමේ යාව­ජීව සාමා­ජි­ක­යෙකු ද වූ උන්ව­හන්සේ එහි කාරක සභි­ක­යෙකු ලෙස ද ක්‍රියා කළ හ.

උන් වහන්සේ සැම­වි­ටම උත්සාහ කෙළේ ගුණ දහ­මින් පිරි සමා­ජ­යක් කරා යන ගිහි පැවිදි පිරි­සක් බිහි කිරීම වෙනු­වෙනි. ඒ සඳහා කිසිදු විටෙක තන­තුරු නම්බු නාම ගැන නොතැ­කූහ. එසේ වුවත් උන් වහ­න්සේගේ ශාස­නික මෙහෙ­වර උදෙසා 1980 වසරේ මහ­නු­වර ප්‍රාදේ­ශීය සංඝ සභාවේ සභා­පති ධූරය පිරි­නැ­මුණි. එසේම 1986 වස­රේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ­නු­වර ප්‍රාදේ­ශීය සංඝ සභා­වේම ලේඛ­කා­ධි­කාරී පද­වි­යද 1987දී එම නිකායේ සඤ්ඤා ලේඛ­කා­ධි­කාරී ධූර­යද හිමි විය. සිංහ­ප්පූ­රුව, ඔස්ට්‍රි­යාව, වියානා, චීනය, මිය­න්මාර්, එංග­ල­න්තය හා දඹ­දිව ඇතුළු විදෙස් රට­වල පැවති ජාත්‍ය­න්තර බොදු සමු­ළුද උන් වහන්සේ නියෝ­ජ­නය කළහ. ඊට අම­ත­රව ධර්ම ප්‍රචා­ර­යෙ­හිද නිරත විය.

1998 වස­රේදී අධි­ක­රණ සංඝ­නා­යක පද­විය ලැබූ නාපාන නා හිමි­යන්ගේ ආග­මික ශාස­නික සේවාව වෙනු­වෙන් උන් වහ­න්සේට 2008 වස­රේදී මිය­න්මාර් රාජ්‍ය­යෙන් අග්ග­මහා පණ්ඩිත ගෞර­වෝ­පා­ධි­යද හිමි වූහ. එමෙන්ම පෑලි­ය­ගොඩ විද්‍යා­ලං­කාර පිරි­වෙන් ආය­ත­නය වෙතින් ස්ථවි­ර­වං­ශා­ලං­කාර ශාස­න­කීර්ති ශ්‍රී යන ගෞරව උපා­ධි­යෙන්ද උන් වහන්සේ පිදුම් ලැබූහ. කිසිදු තන­තුරු නාම­ය­කින් උදම් නොවූ නාහි­මින්ගේ උත්කෘෂ්ට ගුණාං­ගය නිසාම 2012 වස­රේදී ඔක්තෝ­බර් මස උන් වහන්සේ රාමඤ්ඤ නිකායේ මහ නායක ධුර­යට පත් වන්නේ වේවැ­ල්දෙ­ණියේ මේධා­ලං­කාර මහ නා හිමි­යන්ගේ අප­ව­ත්වීම නිසාය. කුමන තන­තු­රක් ලැබු­ණද ඒ සියලු තන­තුරු උන් වහන්සේ උප­යෝගී කර­ගත්තේ ශාස­නික කට­යුතු වෙනු­වෙ­න්මය.

ඒ අනුව දුනු­විල සඳ­ගිරි ලෙන් විහා­රය, කුණ්ඩ­සාල වරා­පි­ටිය බෝධි­රු­ක්ඛා­රා­මය, පල්ලේ­කැලේ සීල­වංශ බෞද්ධ මධ්‍ය­ස්ථා­නය, මින්ද­ගොඩ සිරි සුම­නා­රා­මය, රජ­වැල්ලේ ශ්‍රී පූර්වා­රා­මය හා අලු­ත්වත්ත මිහිඳු ධර්ම පීඨය යන විහා­ර­ස්ථාන සිය­ල්ලම මහ නා හිමි­යන්ගේ උප­දෙස් අනුව ඉදි කරන ලදී. එම විහා­ර­ස්ථා­න­යන්හි දහම් පාසල් ආරම්භ කර දරු දැරි­යන්ට ධර්මා­බෝ­ධය ලබා දීම­ටද උන් වහන්සේ නව පිය­ව­රක් තැබූහ.

මහ­නා­හිමි සිදු කළ සාමා­ජික සේවා­වන්ද රැසකි. ඒ අතර 1951 වස­රේදී හුරී­ක­ඩුවේ ශ්‍රී විජය ප්‍රජා මණ්ඩ­ලය ආරම්භ කර­මින් ගමට ක්‍රීඩා පිටි­යක් හා සමූ­ප­කාර වෙළ­ඳ­ස­ලක් ලබා­දී­මට ක්‍රීඩා කිරී­මද ගමේ අභි­වෘ­ද්ධිය පිණිස විද්‍යා­සා­ගර අන්‍යෝ­න්‍යා­ධාර සමි­තිය, සංඝ­මිත්තා ග්‍රාම සංව­ර්ධන හා සුභ­සා­ධක සමි­තිය, ශ්‍රී සුච­රි­ත­ව­ර්ධන ළමා සමා­ජය ආදී සමිති රැසක් ආරම්භ කිරී­මද අගය කළ යුතුය. සර්වෝ­දය ව්‍යාපා­රය උඩ­ර­ටට හඳුන්වා දී එහි සේවා සිදු කිරීම සඳහා ස්වකීය විහා­ර­ස්ථා­නයේ මහ­නු­වර දිස්ත්‍රික් මධ්‍ය­ස්ථා­නය පිහි­ටු­වීම ආදි­යද මෙහිදී දැක්විය හැකි ය. උන් වහ­න්සේට පරි­ත්‍යාග වශ­යෙන් ලැබුණු ඉඩ­මෙන් අක්කර 2ක් ද්‍රවිඩ ජන­තා­වගේ සොහොන් පිටි­යක් ඉදි­ක­ර­වීම සඳහා පිරි­නැ­මීම මහ­නා­හි­මි­යන්ගේ සමාජ සේවා අතර විශේ­ෂ­ත්ව­යක් ගනී. ත්‍රෛනි­කා­යික මහා සංඝයා වහ­න්සේ­ලාගේ සම­ගිය පිළි­බ­ඳව දැඩි අව­ධා­න­යෙන් ක්‍රියා­කළ නාහි­මි­යන් රටේ සෑම අභි­යෝ­ගා­ත්මක අව­ස්ථා­ව­න්හි­දීම සෘජුව ඉදි­රි­පත්ව කට­යුතු කරන ලදී. එසේම දුර­බැ­හැර ශාස­නික කට­යු­තු­වල යෙදී සිටින භික්‍ෂූන් වහන්සේ දිරි­ගැ­න්වී­ම­ටද උන් වහන්සේ කට­යුතු කළහ.

2019 අගෝස්තු මාසයේ 16 දින ශ්‍රී ලංකා අම­ර­පුර සහ රාමඤ්ඤ යන මහ නිකා­යන් දෙක එක් කර­මින් ශ්‍රී ලංකා අම­ර­පුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව පිහි­ටු­වීම සඳහා සම්මු­ති­යට අත්සන් තැබී­මෙන් පසුව එහි සම සභා­පති ධුර­යට ද මහ­නා­හි­මියෝ පත් වූ හ.

භික්ෂූන් වහ­න්සේට මෙන්ම රටට දැයට හානි­දා­යක යම්කිසි කරු­ණක් දුටු­වේ­නම් උන් වහන්සේ ඒ සෑම අව­ස්ථා­ව­ක­දීම රට දැය සමය වෙනු­වෙන් කතා කළහ. ඒ සම්බ­න්ධ­යෙන් මෙරට සියලු නිකා­යික මහ නායක අනු­නා­යක ස්වාමීන් වහන්සේ උන් වහ­න්සේගේ ඒ ගුණාං­ග­යන් මහත් සේ වර්ණනා කළහ. දශක 7කට අධික කාල­යක් නාපාන පේම­සිරි මහ නාහි­මියෝ ශාස­නය වෙනු­වෙන් කැප වී කට­යුතු කළ බව ස්‍යාමෝ­පාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනු­නා­යක ගෞරව ශාස්ත්‍ර­වේදී දිඹු­ල්කු­ඹුරේ ශ්‍රී සර­ණං­කර විම­ල­ධ­ම්මා­භි­ධාන අනු­නා­යක හිමියෝ පව­සති.

උන් වහන්සේ කිසිදු අව­ස්ථා­වක කල­බල වුණේ නැහැ. සියල්ල මෙත් සිතින් ඉවසා සිටියා. පසු­ගිය දිනක නිකායේ සෙසු ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේ යම් දේශ­පා­ලන කරු­ණක් සම්බ­න්ධ­යෙන් මාධ්‍ය­යට කරුණු ඉදි­රි­පත් කළ අව­ස්ථා­වේදී උන් වහන්සේ ඒ පිළි­බ­ඳව කිසිදු ආකා­ර­යක කල­බල නොවී අදාළ භික්ෂූන් වහ­න්සේට කරුණු පැහැ­දිලි කළා. ඒ එම භික්ෂූන් වහ­න්සේගේ සිත් නොරි­දෙන අයු­රින්.

ඒ වගේම ශාසන විරෝධී ක්‍රියා­වක් නැත්නම් අර්බු­ද­කාරී තත්ත්ව­යක් මතු­වුණු අව­ස්ථා­ව­ලදී උන් වහන්සේ අනි­වා­ර්යෙන්ම පෙර­මුණ ගත්තේ සෙසු නිකා­යින මහ නාහි­මි­ව­රුන්ගේ සහා­යත් ලබා ගනි­මින්. එයට හොඳම උදා­හ­ර­ණ­යක් වන්නේ භික්ෂූන් වහන්සේ රියැ­දුරු බල­පත්‍ර ලබා ගන්නට උත්සාහ කළ අව­ස්ථා­වේදී එය ශාසන විරෝධී බව උන් වහන්සේ නොබි­යව පෙන්වා දුන්නා.එමෙන්ම භික්ෂූන් වහන්සේ පාර්ලි­මේන්තු යාම දේශ­පා­ල­න­යට සම්බන්ධ වීම අනු­මත නොකළ උන් වහන්සේ වදාළේ භික්ෂු­වගේ කාර්යය ශාසන දියු­ණු­වට කට­යුතු කිරීම බවයි. එමෙන්ම කුමන නිකා­ය­කින් ආරා­ධ­නා­වක් ලැබු­ණද උන් වහන්සේ එය ඉහ­ළින්ම පිළි ගත්තේ එම ආරා­ධ­න­යට කළ ගරු කිරී­මක් වශ­යෙන්. ‘
බුද්ධ චීව­ර­යට ඉහ­ළින්ම ගෞරව කළ යුගයේ මහා ථෙර නමක් ලෙස නාපාන පේම­සිරි මහ නාහි­මි­යන් හඳුන්වා දිය හැකි බව ස්‍යාමෝ­පාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනු­නා­යක වේඩ­රුවේ ධර්ම­කීර්ති ශ්‍රී රත­න­පාල උපාලි අනු නා හිමියෝ පව­සති. විදෙස් රට­කදී පවා උන් වහන්සේ කිසිදු විටෙක චීව­රය අභි­භවා යන්නට කිසිදු වස්ත්‍ර­යක් පැල­ඳුවේ නැහැ. එංග­ල­න්තයේ අධික සීතල මධ්‍යයේ වුණත් හිසේ සාලු­වක් පම­ණක් දව­ටා­ගෙන චීව­රයේ ගරු­ත්වය රැක දෙන්න උන් වහන්සේ කට­යුතු කළා. නිකාය භේද පාර්ශ්ව භේද කිසි­වක් ගැන කිසි­වක් නොසැ­ලකු උන් වහන්සේ අල්පේ­ච්ඡ­තා­වයේ ඉහ­ළින්ම සිටි භික්ෂූන් වහන්සේ නමක්. උන් වහන්සේ වැනි චරිත ඉදි­රි­යේදී අපට දැක බලා ගත හැකි­වන්නේ පොත්ප­ත්ව­ලින් පම­ණක් වෙන්න පුළු­වන්. උන් වහන්සේ 90වැනි වියේ­දීත් එංග­ල­න්තය, චීනය වැනි රට­ව­ලට වැඩම කළේ ආරා­ධි­ත­යාගේ සිත නොරි­ද­වී­මට ඇති අව­ශ්‍ය­තා­වය නිසායි. උන් වහන්සේ සැල­කුවේ තමන් වහ­න්සේගේ ශරීර සෞඛ්‍යය නොව අනෙක් තැනැ­ත්තාගේ අව­ශ්‍ය­තා­ව­යයි. නාපාන පේම­සිරි මහ නාහි­මි­පා­ණන් සැම විටම තන­තුරේ ගෞර­වය ගැන නිර­තු­රු­වම සිහි තබා­ගෙන කට­යුතු කළ බව ශ්‍රී ලංකා අම­ර­පුර මහා නිකායේ වැඩ බලන උත්ත­රී­තර මහා නායක හා සංඝ සභාවේ සභා­පති අම­ර­පුර චූල­ගණ්ධි පාර්ශ්වයේ මහා­නා­යක ගංතුනේ අස්සජි මහ නාහි­මියෝ පව­සති.

කිසිදු ශාඛා හෝ අනු නිකා­යන් නොමැති නිකා­යක මහ නායක ධුර­යක් ලැබී­මට තරම් උන් වහන්සේ භාග්‍ය­වන්ත වුණා.

ඕනෑම කුඩා සාම­ණේ­ර­යන් වහන්සේ නම­කගේ හෝ දස්ක­මක් දුටු­විට එය අගය කිරී­මත් ඒ සඳහා දිරි දීමත් මහ නාහි­මි­යන්ගේ චරි­තය පුරාම අපිට දකින්න පුළු­වන් වුණා. කුමන ගෞරව නාම ලැබු­ණත් ඒ සියල්ල නිකායේ සේව­යට යොදා ගන්න­ටයි උන් වහන්සේ කට­යුතු කෙළේ. උන් වහන්සේ අම­ර­පුර හා රාමඤ්ඤ මහා නිකාය ඒකා­බද්ධ කිරී­ම­ටත් එහි සම සභා­පති ධුරය ලබා ගන්න­ටත් හැකි වූයේ උන්ව­හන්සේ තුළ තිබුණු අප්‍ර­ති­හත ධෛර්යය නිසයි. ඇතැම් ශාස­නික අනු නාහි­මි­න­මක් හෝ වෙනත් ජ්‍යෙෂ්ඨ හිමි­න­මක් සහ­භාගි කර­න්නට හැකි­යාව තිබි­ය­දීත් තමන් වහ­න්සේම වැඩම කිරී­මට උන් වහන්සේ කට­යුතු කෙළේ ආරා­ධ­නා­වට කරනු ලබන ගෞර­ව­යක් ලෙසින්.

නාපාන පේම­සිරි මහ නායක හිමි­පා­ණන් වහන්සේ සැම විටම අනු­නා­යක හා සෙසු හිමි­ව­රුන් සමඟ ඉතාම සුහ­දව කට­යුතු කෙළේ උන් වහ­න්සේ­ලාට මාර්ගෝ­ප­දේ­ශ­ක­ත්වය ලබා දෙමින් බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු­නා­යක ගල­පි­ටි­යා­ගම විම­ල­ධම්ම අනු නාහි­මියෝ පැව­සූහ.

මහ නාහි­මි­යන්ගේ අප දුටු ඉහ­ළම ගුණාං­ගය තමයි ආරා­ධ­නා­ව­කට නිය­මිත වේලා­වට වැඩම කිරීම. ඒ වගේම එම උත්ස­වය හෝ පින්කම අව­සන් වන තෙක්ම එතැ­නින් ආපසු වැඩම කරන්නේ නැහැ. ඒ ආරා­ධ­නා­වට කරන ගරු කිරී­මක් ලෙසින්. වසර 99කට ආසන්න ආයු කාල­යම උන් වහන්සේ නිකායේ දියු­ණු­ව­ටම තමයි කට­යුතු කෙළේ. අපත් එක්ක බොහොම සුහ­ද­ශී­ලිව උන් වහන්සේ කට­යුතු කළා.

කිසිදු විටෙක දේශ­පා­ල­නය ගැන උන් වහන්සේ කතා කෙළේ නැහැ. අන් අයගේ සිත් රිද­වී­මට කිසි­වි­ටෙක කට­යුතු කෙළේ නැහැ.

ධර්මය පිළි­බද හසල දැනු­මක් උන් වහ­න්සේට තිබුණා. විශේ­ෂ­යෙන්ම පාලි හා සංස්කෘත භාෂා­වෙන් ගාථා ශ්ලෝක නිර්මා­ණය කර එහි තේරුම් පවා පව­ස­න්නට උන් වහන්සේ කට­යුතු කළා. එවන් මහ නා හි­මි­න­මක් යළි පහළ වේයැයි සිත­න්න­ටත් බැහැ.

පසු­ගිය 17 වැනිදා අප­වත් වී වදාළ නාපාන පේම­සිරි මහ නාහි­මි­යන්ගේ ආදා­හන පූජෝ­ත්ස­වය 22 ඉරිදා කුණ්ඩ­සා­ලේදී පැවැත්වේ. අපි උන් වහ­න්සේට නිවන් සුව පතමු!

තාරක වික්‍ර­ම­සේ­කර

More News
...
Friday, 27 November 2020 - 21:56

නොවැම්බර් 30 වනදා සිට BBC සිංහල ගුවන් විදුලි සේවය වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.එක්සත් රාජධානියේ...   Read more

...
Friday, 27 November 2020 - 12:39

ලෙබනනයේ සිට පැමිණි පිරිසක් ගමන් ගත් බස් රථයක් කිලිනොච්චි විඩත්තපලෙයි ප්‍රදේශයේදී අනතුරට ලක්ව...   Read more

...
Friday, 27 November 2020 - 8:34

පීසීආර් පරීක්ෂණ සිදු කිරීමේදී රුපියල් හයදහස් පන්සියයේ සීමාව ඉක්මවා මුදල් අයකර නොගන්නා ලෙස කොවිඩ් ...   Read more

දවසේ වීඩියෝව
ad
දවසේ කාලගුණ අනාවැකිය
+28
°
C
H: +28°
L: +26°
Colombo
Saturday, 12 September
See 7-Day Forecast
Sun Mon Tue Wed Thu Fri
+28° +28° +28° +28° +28° +28°
+26° +26° +26° +26° +26° +26°

2020 නොවැම්බර් මස 28

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුලදී, අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇතිකරනු ඇත. ඌව, මධ්‍යම,උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

දවසේ කාටුනය
...