Saturday, 21 November 2020 - 8:47
ජෝර්ජියා ප්‍රාන්තයේ නැවත ගණන් කළ ප්‍රතිඵල අනුවත් ජෝ බයිඩ්න් ජයගනී
...

අමෙරිකානු ජනාධිපතිවරණයේ ජෝර්ජියා ප්‍රාන්තයේ නැවත ගණන් කළ ප්‍රතිඵල අනුව යළිත් වරක් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න්ගේ ජය තහවුරු වී තිබෙනවා.

ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව ජෝ බයිඩ්න් විසින් වැඩි ඡන්ද 12284ක් ලබා ප්‍රාන්තය ජයගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තවත් ප්‍රාන්ත 03 යළි ඡන්ද ගණනය කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණය ව්‍යාපාරය විසින් කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වනවා.

මේ මස 03 වනදා පැවැති ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව ජෝ බයිඩ්න් ඡන්ද විද්‍යාල නියෝජිතයින් 306ක් දිනාගෙන ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දිනාගෙන ඇත්තේ ඡන්ද විද්‍යාල නියෝජිතයින් 232ක් පමණයි.

මේ අනුව ලබන ජනවාරි 20 වනදා අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම සංධ බයිඩ්න්හට කිසිඳු නීතිමය බාධාවක් නොමැති වනු ඇති.

More News
...
Saturday, 28 November 2020 - 6:44

ඔක්ස්ෆර්ඩ්/ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතෙහි යෝග්‍යතාවය පිළිබඳව තක්සේරුවක් කරන ලෙස බ්‍රිතාන්‍ය...   Read more

...
Friday, 27 November 2020 - 11:52

ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩ්න් මීළඟ ජනාධිපතිවරයා ලෙස ඡන්ද විද්‍යාල නියෝජිතයන්...   Read more

...
Friday, 27 November 2020 - 0:19

සුඩාන හිටපු අගමැතිවරයෙකු වු  සදික් අල්-මහඩි කොවිඩ් කොරෝනා වෛරසයට ගොදුරුවිම හේතුවෙන් මිය ගොස්...   Read more

දවසේ වීඩියෝව
ad
දවසේ කාලගුණ අනාවැකිය
+28
°
C
H: +28°
L: +26°
Colombo
Saturday, 12 September
See 7-Day Forecast
Sun Mon Tue Wed Thu Fri
+28° +28° +28° +28° +28° +28°
+26° +26° +26° +26° +26° +26°

2020 නොවැම්බර් මස 28

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුලදී, අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇතිකරනු ඇත. ඌව, මධ්‍යම,උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

දවසේ කාටුනය
...