Saturday, 21 November 2020 - 11:13
සී ඩී වික්‍රමරත්න පොලිස්පති ධුරයට ?
...



වසරකුත් මාස හතක් වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයට පත්කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාවට නිර්දේශ කර ඇති බව වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීඹට ලබන 23 සඳුදා සවස පාර්ලිමේන්තු සභාව කැඳවා ඇති බව සඳහන්.එමෙන්ම එහිදී අභියාචධිකරණ විනිසුරුවරුන් පත් කිරීම් සම්බන්ධයෙන්ද අවධානය යොමු වනු ඇති.


1986 සිට වසර 33ක කාලයක් පොලිසියේ සේවය කළ සී.ඩී. වික්‍රමරත්න මහතා වසර 9ක කාලයක් ජාතික බුද්ධි අංශයේ සේවය කළා. අනතුරුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හා නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස ද ඔහු කටයුතු කර තිබෙනවා. 2006 වසරේ යාපනයේ මුහමාලේ සටන ජයග්‍රහණය කරන ලද අවස්ථාවේ යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස කටයුතු කරමින් සිටි ඔහු මීට පෙර වාර 13ක් වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කර ඇති බව සඳහන්.


2019 අප්‍රේල් මස 26දා සිට මේ දක්වා වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කළ ඔහු පසුගිය කාලය පුරාම පරිපාලන කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද ක්‍රියා කළා.

More News
...
Friday, 27 November 2020 - 21:56

නොවැම්බර් 30 වනදා සිට BBC සිංහල ගුවන් විදුලි සේවය වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.එක්සත් රාජධානියේ...   Read more

...
Friday, 27 November 2020 - 12:39

ලෙබනනයේ සිට පැමිණි පිරිසක් ගමන් ගත් බස් රථයක් කිලිනොච්චි විඩත්තපලෙයි ප්‍රදේශයේදී අනතුරට ලක්ව...   Read more

...
Friday, 27 November 2020 - 8:34

පීසීආර් පරීක්ෂණ සිදු කිරීමේදී රුපියල් හයදහස් පන්සියයේ සීමාව ඉක්මවා මුදල් අයකර නොගන්නා ලෙස කොවිඩ් ...   Read more

දවසේ වීඩියෝව
ad
දවසේ කාලගුණ අනාවැකිය
+28
°
C
H: +28°
L: +26°
Colombo
Saturday, 12 September
See 7-Day Forecast
Sun Mon Tue Wed Thu Fri
+28° +28° +28° +28° +28° +28°
+26° +26° +26° +26° +26° +26°

2020 නොවැම්බර් මස 28

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුලදී, අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇතිකරනු ඇත. ඌව, මධ්‍යම,උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

දවසේ කාටුනය
...