Saturday, 21 November 2020 - 18:35
මහනුවර - මහියංගන මාර්ගයේ ගමනාගමනය සීමා කිරීමක්
...

අපවත් වී වදාළ රාමඤ්ඤ මහ නිකායේ මහා නායක අති පූජ්‍ය ප්‍රේමසිරි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට (22) දින පස්වරු 1.00ට කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම ක්‍රීඩාංගනය මහනුවර මහියංගන ප්‍රධාන මාර්ගය අසල පිහිටා ඇති බැවින් හෙට දින දහවල් 12.00 සිට ආදාහන පූජෝත්සවය අවසන්වන තෙක් එම මාර්ගය මහියංගන කුණ්ඩසාලේ, නන්රම්පොත 621 හංදියෙන් සහ දිගන නගරයෙන් වාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ.

ඒ අනුව මහියංගනය, හසලක දෙස සිට මහනුවර දෙසට ධාවනය වන වාහන දිගන නගරයෙන් හරවා මැණික්හින්න පොල්ගොල්ල මාර්ගයෙන් මහනුවර දෙසට ධාවනය කළ හැකි බව හා
මහනුවර සිට හසලක, මහියංගනය දෙසට ධාවනය වන වාහන කුණ්ඩසාලේ,නන්රම්පොත 621 හංදියෙන් හරවා යක්ගපිටිය, කිරිමැටිය, මැණික්හින්න නගර හරහා දිගන නගරය වෙත ගොස් මහියංගනය ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකි ලෙසත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.


More News
...
Saturday, 28 November 2020 - 7:51

බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩ යන ප්‍රදේශවලට අද (28) රාත්‍රී 9 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන...   Read more

...
Saturday, 28 November 2020 - 7:20

පී සී ආර් පරීක්ෂණ සඳහා සහභාගී නොවන ලෙස දන්වා යම් සංවිධානාත්මක කල්ලියක් ක්‍රියා කරන බවට තොරතුරු...   Read more

...
Saturday, 28 November 2020 - 7:10

අද සහ හෙට දුම්රිය ධාවනය සීමාසහිතව සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.මෙම සතියේ ධාවනය කරන...   Read more

දවසේ වීඩියෝව
ad
දවසේ කාලගුණ අනාවැකිය
+28
°
C
H: +28°
L: +26°
Colombo
Saturday, 12 September
See 7-Day Forecast
Sun Mon Tue Wed Thu Fri
+28° +28° +28° +28° +28° +28°
+26° +26° +26° +26° +26° +26°

2020 නොවැම්බර් මස 28

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුලදී, අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇතිකරනු ඇත. ඌව, මධ්‍යම,උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

දවසේ කාටුනය
...