Saturday, 21 November 2020 - 19:36
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ අක්‍රමිකතා රැසක් - කෝප් කමිටුවේදී හෙළි වෙයි.
...



මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදි අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය වුණා.මෙම මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනයට පමණක්  රු.බිලියන 1.7 කට වැඩි මුදලක් වැය වී ඇති බව මෙහිදී තහවුුරු වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේඅතර , මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා පළමු කොටසේ වැඩ කටයුතු ආරම්භ වීම 2015 සිට 2019 දක්වා ප්‍රමාද වීම නිසා රුපියල් බිලියන 08ක මූල්‍ය අලාභයක් සිදුවී ඇති බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

මෙහිදී පළමු ශක්‍යතා අධ්‍යනය සඳහා SMEC සමාගම තෝරා ගැනීම  ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව සිදුව ඇති බව අනාවරණය වූ අතර 2012 දි උතුරු අධීවෙිගි මාර්ගය ලෙස  පියවර 03ක්  යටතේ පැවති ව්‍යාපෘතිය 2015 වර්ෂය වන විට මධ්‍යම අධිවෙිගී මාර්ගය ලෙස පියවර 04 ක් යටතේ වෙනස්ව තිබෙනවා.

මේ අනුව එඩේරමුල්ල සිට මීරිගම දක්වා ඉදිකරීමට තිබූ මාර්ගය කඩවත සිට ඉදිකිිරිමට තිරණය කොට ඇති අතර, එම තීරණය නිසා තවත් ශක්‍යතා අධ්‍යයන කිහිපයක් විශාල මුදලක් වැය කොට සිදු කර ඇති බව සඳහන්. වසර 2015 දී කිසිදු හෝ විද්වත් මත විමසීමකින් තොරව කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව මෙහිදි අනාවරණය වුණා.

මෙලෙස මුල් ව්‍යාපෘතිය වෙනස්වීම නිසා සිදුවූ මූල්‍ය අලාභය පිළිබඳ වාර්තාවක් වහාම ලබා දෙන ලෙසද කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මහාමාර්ග අමාත්‍යාංශයයේ ලේකම්වරයාට  නියෝග කර තිබෙනවා.


මධ්‍යම අධිවේගී මාර්ගයේ  කඩවත සිට මීරිගම දක්වා කොටස උතුරු අධිවෙිගී මාර්ගය නමින් පැවති ව්‍යාපෘතියේ පොතුහැර සිට හෑදෙනිය කොටස ඉදිකිරීම සඳහා තෝරාගෙන තිබූ MCC නම් චීන සමාගමට ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව  ලබා දීමට 2015 දී කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවද මෙහිදි මෙහිදී හෙළි ව තිබෙනවා.

මේ සඳහා රුපියල් බිලියන 159 ක මුදලක් වැය වන අතර මෙම තිරණය ආර්ථීක කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව (CCEM) මගින් ගෙන ඇති බවත් , ගෙවීම් පිළිබඳ ගැටලුවක් නිසා වසර 04 ක කාළයක් තුළ මෙහි ඉදිකිරීම් ප්‍රමාද වී 2019 අගභාගයේදි වැඩ කටයුතු ආරම්භ කළ බවද වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා. එමෙන්ම මෙම ප්‍රමාදය නිසා සිදුව ඇති අලාභය බිලියන 8කට ආසන්නයි.

මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ  ‍තෙවැනි කොටස වන පොතුහැර - ගල‍ගෙදර කොටසේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අක්‍රමිතා නිසා තවමත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන්ව නොමැති බව මෙහිදි අනාවරණය වුණා.ටෙන්ඩර් පටිපාටිය අනුව MS Taisei නම් සමාගමට මෙම ටෙන්ඩරය හිමිවිය යුතුව තිබුනද Fujita නම් සමාගමට මෙම ලබා දෙන ලෙස  CCEM කමිටුව මගින් බලපෑම්කර ඇති බවත් එමගින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ප්‍රමාද වී ඇති බවටද කරුණු අනාවරනය වී තිබෙනවා.

කෝප් කමිටු සභාපතිවරයා මෙහිදි පෙන්වා දී ඇත්තේ ,  CCEM වැනි කමිටු තිබීමේ වරදක් නොමැති වුවද බිලියන ගනනක ප්‍රසම්පාදන කටයුතු වලට සම්බන්ධ වන විට එය රටේ මූල්‍ය විනයට සුවිශාල බලපෑමක් සිදු කොට ඇති බවයි.

CCEM කමිටුව ඇතැම් අවස්ථාවලදි ලිඛිතවද බලපෑම් කොට ඇති බවට සාක්ෂි ඇති බැවින් නිරීක්ෂණය හා සහය දීම සදහා වන කමිටු මෙලෙස එවැනි ප්‍රසම්පාදන ක්‍රියාවලියට බලපෑම් කිරීම විශාල ගැටලුවක් බවද සභාපතිවරයා පෙන්වා දුන්නා. එබැවින් මෙම අධිවේගී මාර්ගයේ ඉදිරි වැඩ කටයුතු ප්‍රසම්පාදන ක්‍රියාවලියටම අනුකූලව සිදු කිරීමේ වැදගත්ම මෙහිදි සභාපතිවරයා විසින් අවධාරණය කරන කර තිබෙනවා.

එමෙන්ම මධ්‍යම අධිවේගි මාර්ගයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන්ද කෝප් සභාපතිවරයාවිමසීමක් කල අතර මෙහිදී අනාවරණය වූයේ කඩවත මීරිගම කොටසේ වැඩකටයුතු 5%ක ප්‍රමාණයක් පමණක් අවසන් වි ඇති බවයි. මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන කොටසේ වැඩකටයුතු 75%ක් අවසන්ව ඇති බවද එහිදී අනාවරණය වුණා.

දේශිය කොන්ත්‍රාත්කරුවන් යොදා දේශිය බැංකු මගින් ණය ලබාගෙන මෙම කොටසේ ඉදිකිරීම් සිදුකර ඇති බවත් ලබන වසරේ ජූනි මාසය වන විට ඉදිකිරීම් අවසන් කළ හැකි බවත් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්තුමා මෙහිදී ප්‍රකාශ කළා.

මේ අතර පොතුහැර සිට ගල‍ගෙදර කොටසේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය  නැවතත් ආරම්භ වී ඇති බැවින් එහි වැඩකටයුතු ලබන වසරේ ආරම්භ කළ හැකිබවයි ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා සදහන් කළේ.

මෙහිදි මධ්‍යම අධීවේගී මාර්ගයේ පළමු, තෙවන හා සිව්වන කොටස්වල ප්‍රගතිය පිළිබඳ තත්ව වාර්තාවක් ලබා දෙන ලෙස කමිටුව නිර්දේශ ඉදිරිපත් කළා.

තවද 2012 වර්ෂයට පෙර මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා ශක්‍යතා අධ්‍යයන වාර්තාවන්  සඳහා රුපියල් මිලියන 284 අ‍ාසන්න මුදලක් වැයවී ඇති බව ද අනාවරණය වූ තවත් කරුණක්.

මෙම ඇතැම් ශක්‍යතා අධ්‍යයන වාර්තාවන් වර්තමාන අධිවේගී මාර්ගය සඳහා කිසිදු ප්‍රයෝජනයක් නොවීම පිළිබඳව කණගාටුව පළ කළ සභාපතිවරයා ඉදිරි සියලු  මූල්‍ය කටයුතු කළමනාකරණය කිරීමේ වැදගත්කම අවධාරණය කළා.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය සඳහා වන සියලු  ශක්‍යතා අධ්‍යයනයන් ව්‍යාපෘතියේ සාර්ථකත්වයට කුමන බලපෑමක් සිදු කර තිබේද යන්න වාර්තා කරන ලෙසද කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට  නියෝගක්ද කර තිබෙනවා.

More News
...
Saturday, 28 November 2020 - 7:20

පී සී ආර් පරීක්ෂණ සඳහා සහභාගී නොවන ලෙස දන්වා යම් සංවිධානාත්මක කල්ලියක් ක්‍රියා කරන බවට තොරතුරු...   Read more

...
Saturday, 28 November 2020 - 7:10

අද සහ හෙට දුම්රිය ධාවනය සීමාසහිතව සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.මෙම සතියේ ධාවනය කරන...   Read more

...
Saturday, 28 November 2020 - 7:02

මැදපෙරදිග රටවල් දෙකක සහ ඉන්දියාවේ රැකියා සදහා ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී...   Read more

දවසේ වීඩියෝව
ad
දවසේ කාලගුණ අනාවැකිය
+28
°
C
H: +28°
L: +26°
Colombo
Saturday, 12 September
See 7-Day Forecast
Sun Mon Tue Wed Thu Fri
+28° +28° +28° +28° +28° +28°
+26° +26° +26° +26° +26° +26°

2020 නොවැම්බර් මස 28

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුලදී, අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇතිකරනු ඇත. ඌව, මධ්‍යම,උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

දවසේ කාටුනය
...