Saturday, 21 November 2020 - 23:36
අද කොවිඩ් මරණ 9ක් - සමස්තය 83ක් දක්වා ඉහළට
...

 
මෙරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 83 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද දිනයේ මරණ 9ක් වාර්තා වීමත් සමගයි. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, වැල්ලම්පිටිය ප්‍රදේශයේ 65 හැවිරිදි පුද්ගලයෙක්, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පුද්ගලයෙක්, වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 76 හැවරිදි පුද්ගලයෙක්, 75 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ කාන්තාවක්. මොවුන් සියලු දෙනා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාරලබමින් සිට තිබෙනවා.

මේ අතර කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙක් නිවසේදී මියගොස් ඇති අතර කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවක්ද නිවසේදී මියගොස් තිබෙනවා. මරණයට හේතුව ලෙස කොවිඩ් 19 සමග ඇතිවූ හෘදයාබාදයක් දක්වා තිබෙනවා.

 එමෙන්ම 76 හැවිරිදි IDH රෝහලේ ප්‍රතිකාරලබමින් සිටි කාන්තාවක්ද කොවිඩ් 19 නියුමෝනියාව සහ ලේ විෂ වීම යන හේතුන්ගෙන් ජීවිතක්ෂයට පත්වුනා.

කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක් ද කොරෝනා ආසාධනය සමග ඇති වූ හෘදයාබාදයකින් නිවසේදී මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

More News
...
Friday, 27 November 2020 - 22:56

වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා පිළිබඳ මාධ්‍යවල වාර්තා වූ පුවත සාවද්‍ය බව රාජ්‍ය අමාත්‍ය රොෂාන්...   Read more

...
Friday, 27 November 2020 - 22:47

හිටපු එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය ලෙස එම ත්‍රස්තයින් හැදින්වු 'මහවිරු දිනය"...   Read more

...
Friday, 27 November 2020 - 22:46

ශ්‍රී ලංකාවේ තවත් කොරෝනා මරණ 08ක් අද (27) දිනයේ දී වාර්තා වනවා.ඒ අනුව ශ්‍රී ලංකාවේ සිදුවූ සමස්ථ කොරෝනා...   Read more

දවසේ වීඩියෝව
ad
දවසේ කාලගුණ අනාවැකිය
+28
°
C
H: +28°
L: +26°
Colombo
Saturday, 12 September
See 7-Day Forecast
Sun Mon Tue Wed Thu Fri
+28° +28° +28° +28° +28° +28°
+26° +26° +26° +26° +26° +26°

2020 නොවැම්බර් මස 28

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුලදී, අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇතිකරනු ඇත. ඌව, මධ්‍යම,උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

දවසේ කාටුනය
...