Friday, 27 November 2020 - 6:22
දවසේ ලග්න පලාපල විස්තරය 2020-11-27
...
2020නොවැම්බර් මස 27 සිකුරාදා
 
රාහු කාලය දිවා 09.02 සිට 10.30 දක්වාරාත්‍රී 08.54 සිට 10.27 දක්වා
ශුභ දිසාව - නැගෙනහිර
මරු සිටින දිසාව - ගිනිකොන
 
මේෂ ලග්නය
ධනලාභ
හදිසි ධන ලාභ හිමියි. කරන කියන කටයුතු සාර්ථකත්වයට පත් වේ. නීති ප්‍රශ්නවලින් සහනය ලැබේ. උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටි අයගේ පැතුම් ඉටු වේ. යහපත් ගුරු ඇසුරෙන් අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට පත් වේ. සෞඛ්‍ය තත්ත්වය යහපත්.

වෘෂභ ලග්නය
සිත්තැවුල්
සිත් තැවුල් ඇති වේ. මුදල් අගහිඟතා ඇති කරයි. හිතවත් අයකුගේ වෙන්වීමක් පෙන්වයි. තමාගේ වටිනා බඩු අස්ථානගත විය හැක. පවුලේ අයට කරදර සහිත දිනයකි. වෙළෙඳාම් කටයුතුවලින් පාඩු සිදු වේ. සෞඛ්‍යය ගැන කල්පනාකාරී වන්න.

මිථුන ලග්නය
රැකියා දියුණුව
යහපත් දිනයකි. මුදල් අතින් අඩුපාඩු නොවේ. කරගෙන යන රැකීරක්ෂා කටයුතු දියුණුවට පත් වේ. පතල් කර්මාන්තයේ යෙදෙන අයට වාසිදායකයි. දේශපාලනයේ නිරත වන්නන්ට ජනතා ප්‍රසාදය හිමි වේ. සතුරන් පරාජයට පත් වේ. ඌෂ්ණාධික රෝග ඇති විය හැක.

කටක ලග්නය
අධ්‍යාපනයට බාධා
කලක සිට තිබූ බලාපොරොත්තුවක් ඉටු වේ. තමාගේ කටයුතුවලට අන්‍යයන්ගේ උපකාර හිමි වේ. උසස් පුද්ගලයන්ගේ ආශ්‍රය ලැබේ. දරුවන් සම්බන්ධයෙන් වෙහෙසීමට සිදු වේ. අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණිය හැක. ශරීරයේ ඌෂ්ණ ගතිය වැඩි වේ.
 
සිංහල ලග්නය
සිත් පීඩා
සිතට පීඩා ගෙන දේ. මුදල් අගහිඟතා ඇති කරයි. අවනම්බුවක් සිදුවීමට ඉඩ පවතී. පින්දහම් කටයුතු කෙරේ යොමු වේ. ස්ථාන මාරුවකට ඉඩ පවතී. හෘදගත පීඩා ඇති කරයි.

කන්‍යා ලග්නය
මුදල් හානි
මුදල් හානි සිදු වේ. නිෂ්ඵල ගමන්බිමන් යෙදේ. ආදායම් තත්ත්වයේ වර්ධනයක් නොපෙන්වයි. සිතේ බයකින් ජීවත්වීමට සිදු වේ. වෙළෙඳ ව්‍යාපාරවල නියුතු අයට යම්කිසි වාසිදායක තත්ත්වයක් ඇති වේ. පදිංචි ස්ථානයේ කරදර මතු කරයි.

තුලා ලග්නය
ආදායම් යහපත්
සැප සම්පත් උරුම දිනයකි. ආදායම් තත්ත්වය යහපත්ය. යහපත් මිතුරන් ඇසුරට ලැබේ. විනෝද අවස්ථාවලට සහභාගි වේ. වංචාවලට හසුවීමේ ඉඩ පවතී. ඥාතීන් සමග කරන කටයුතුවලින් පාඩු සිදු වේ. පවුලේ අයට රෝග පීඩා ඇති කළ හැක.

වෘෂ්චික ලග්නය‍
උෂ්ණාධික රෝග
අහංකාර ගති ඉස්මතු වේ. මුදල් ලැබීම අතින් අයහපත් නොවේ. කය වෙහෙසා වැඩ කිරීමට සිදු වේ. විවාහාපේක්ෂකයන්ගේ පැතුම් මල්පල ගැන්වේ. අධ්‍යාපන කටයුතුවල නිරත අයගේ බුද්ධිය ඥානය වර්ධනය වේ. ඌෂ්ණාධික රෝග ඇතිවිය හැක.

ධනු ලග්නය
අධික වියදම්
අධික වියදම් යෙදේ. අලුතින් ආරම්භ කරන කටයුතුවලින් පාඩු සිදුවිය හැක. නිෂ්ඵල ගමන් යෙදේ. රජයේ රැකියාවල නිරත අයට තරමක් අපලදායකයි. හිතවත් අයට කරදර පීඩා ගෙනේ. අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණේ.​ පෙම් සබඳතාවලට විරෝධතා එල්ල වේ.

මකර ලග්නය
මිශ්‍රඵල
මිශ්‍රපලදායකයි. වියදමට සරිලන ආදායම් ලැබේ. සිත් තැවුල් ඇතිවිය හැක. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. වෙළෙඳ කටයුතුවලින් පාඩු සිදුවිය හැක. දරුවන් සම්බන්ධයෙන් වියදම් කිරීමට සිදු වේ. සිතේ සැක සංකා මතු වේ.

කුම්භ ලග්නය
ශුභ දිනයක්
ශුභදායක දිනයකි. ආදායම් ලැබීම අතින් යහපත්ය. රැකියා කටයුතුවලින් දියුණුවක් ලබයි. අලුතින් ආරම්භ කරන කටයුතුවලින් සාර්ථකත්වයක් ලබයි. ස්ත්‍රී පක්ෂයේ උදව් උපකාර හිමි වේ. සතුරු කරදරවලින් ප්‍රවේසම් විය යුතුයි. ගුප්ත විද්‍යා කටයුතුවලට ශුභයි.

මීන ලග්නය
රැකියාවට බාධා
අධික වියදම් යෙදේ. කරන කියන කටයුතුවලින් පාඩු සිදුවිය හැක. රැකියා කටයුතුවලට බාධා පැමිණේ. සහෝදර පක්ෂයට අපලදායකයි. ගොවිතැන් කටයුතුවලින් පාඩු සිදු වේ. ගෘහ ජීවිතයේ කටයුතුවල දී මතගැටුම් ඇතිවිය හැක. ශරීරයේ අප්‍රාණිකතා මතු කරයි.
 


More News
...
Monday, 08 February 2021 - 11:09

ලෝකයේ මිනිසා ඇතුළු සියලුම ජීවින් මෙන්ම සොබාදහමද රඳා පවතින්නේ, සූර්යයා නිසා බවට ඈත අතීතයේ සිටම අපගේ...   Read more

...
Sunday, 07 February 2021 - 9:27

  මේෂ- අඹු­සැමි මත භේද මේෂ ලග්නය හිමි ඔබට මෙම සතිය ආර­ම්භය අස­තු­ටු­දා­යක වුවත් සතිය මැද භාගයේ...   Read more

...
Monday, 01 February 2021 - 10:00

ජලය මිනිසාගේ ප‍්‍රධානතම අවශ්‍යතාවයක්. නිවසකට ජලය ලබා ගැනීමේ පහසුකම අතිශයින්ම වැදගත් වෙනවා....   Read more

දවසේ වීඩියෝව