Friday, 27 November 2020 - 8:34
පීසීආර් පරීක්ෂණ ගාස්තුව රුපියල් හයදහස් පන්සියය ඉක්මවන්න එපා යැයි පෞද්ගලික රෝහල්වලට දැනුම් දීමක්
පීසීආර් පරීක්ෂණ සිදු කිරීමේදී රුපියල් හයදහස් පන්සියයේ සීමාව ඉක්මවා මුදල් අයකර නොගන්නා ලෙස කොවිඩ් වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය පෞද්ගලික රෝහල්වලට දැනුම් දී තිබෙනවා.
පෞද්ගලික රෝහල් කිිපයක නියෝජිතයන් හා මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉකුත් දා පවත්වා තිබෙන අතර එහිදී ඇතැම් පීසීආර් පරීක්ෂණවල අමතර වියදම් යන බවට එම නියෝජිතයන් පෙන්වා දුන්නද සාමාන්‍යයේ පීසීආර් පරීක්ෂණයක් රුපියල් 6500ක පමණ මුදලකට සිදුකර ගතහැකි බව එහිදී අදාළ අංශ පෙන්වා දී තිබේ.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියාසිටියේ පෞද්ගලික රෝහල් නියෝජිතයන් ගෙන්වා මේ පිළිබඳ දැනුම් දුන් බවයි.
ඇතැම් පරීක්ෂණවලට යම්කිසි අමතර වියදමක් යන්නේ නම් ඒ පිළිබඳ සොයා බලා යම් ක්‍රමවේදයක් සැකසීමටද තීරණය වී තිබේ.
ඒ නිසා පීසීආර් පරීක්ෂණයට අයකරන ගාස්තුව රුපියල් 6500කට සීමා කිරීමට උපදෙස් දුන් බවද ඒ මහතා කීය.
ශිරාන් රණසිංහ, චානක්‍ය සිල්වා