Friday, 27 November 2020 - 12:39
නිරෝධායනය සඳහා පිරිසක් ගෙන ගිය බස් රථයක් අනතුරකට ලක්වෙයි
...
ලෙබනනයේ සිට පැමිණි පිරිසක් ගමන් ගත් බස් රථයක් කිලිනොච්චි විඩත්තපලෙයි ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා.

පලෙයි පොලීසිය සඳහන් කළේ ලෙබනන්යේ සිට පැමිණි ශ්‍රීලාංකිකයින් 256 ක් නිරෝධායනය කිරීම සඳහා බස් රථ කිහිපයකින් අද උදෑසන විඩත්තපලෙයි යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙතට රැගෙන යමින් සිටියදී එක් බස් රථයක් මෙලෙස අනතුරට ලක් වී ඇති බවයි.

අනතුරට ලක් වූ බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට මුලික පරික්ෂණ හෙළි වී තිබෙනවා.

රියදුරුහට නින්දයාම හේතුවෙන් බස්රථය මාර්ගයෙන් ඉවතට පැන අසලින් ඉදිකොට තිබූ විශාල ජලනලයක වැදී නැවතී තිබෙනවා.

අනතුරෙන් බස් රථය තුල සිටි 17 දෙනෙකු තුවාල ලබා පලෙයි රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් පලෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.


More News
...
Friday, 22 January 2021 - 9:59

තම 14 හැවිරිදි ඥාති දියණිය අපහරණය කළ බාප්පලා වන අයියා මලෝ දෙදෙනෙකු මේ මස 26 වැනි දින දක්වා රිමාන්ඩ්...   Read more

...
Friday, 22 January 2021 - 9:11

15 හැවිරිදි දැරියක් ලවා ඇයගේ මවුපියන්ට ආහාර සමග මිශ්‍ර කර නිදි පෙති ලබාදී අවස්ථා ගණනාවකදී එම දැරිය...   Read more

...
Thursday, 21 January 2021 - 17:08

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට අයත් හොරගොල්ල වලව්වේ දොරක් කඩා කිසියම්...   Read more

දවසේ වීඩියෝව