Friday, 27 November 2020 - 20:25
LPL තරඟාවලියේ හතරේ සීමාව ගැන සංවිධායකයන්ගෙන් පැහැදිලි කිරීමක්
...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී යොදා ගෙන ඇති හතරේ සීමාවේ දුර ප්‍රමාණය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බව තරගාවලි සංවිධායකයින් පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ යාර 70ක දුර ප්‍රමාණයක් තණතීරුවේ සිට හතරේ සීමාව දක්වා පවත්වා ගැනීමට මෙවර තරගාවලියේ දී කටයුතු කරන බවයි.

එය ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රමිතීන්ට අනුකූල බව තරගාවලි සංවිධායකයින් සදහන් කරනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල නීති ප්‍රකාරව තණතීරුවේ සිට හතරේ සීමාව දක්වා වන අවම දුර ප්‍රමාණය යාර 65ක් විය යුතුයි.

උපරිමය යාර 90ක් දක්වා පවත්වා ගත හැකි වනවා.

තරගාවලියට යොදා ගෙන ඇති හතරේ සීමාවේ දුර සම්බන්ධයෙන් තරගාවලි සංවිධායකයින් මෙලෙස මාධ්‍ය නිවේනයක් නිකුත් කරමින් පැහිදිලි කිරීමට පියවර ගෙන ඇත්තේ එම දුර ප්‍රමාණය ප්‍රමිතියෙන් තොර බවට පාර්ශව රැසකින් විවේචන එල්ල වීම හේතුවෙන්.


More News
...
Friday, 22 January 2021 - 10:39

  ක්‍රීඩා පාසල් 12 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මෙම වසරේදී ආරම්භ කරන බව ග්‍රාමීය පාසල් ක්‍රීඩා...   Read more

...
Friday, 22 January 2021 - 10:15

ශ්‍රී ලංකා  සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දී කාසියේ වාසිය දිනාගත්...   Read more

...
Thursday, 21 January 2021 - 16:32

  සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියට නම් කළ සංචිතයෙන්...   Read more

දවසේ වීඩියෝව