Saturday, 28 November 2020 - 6:52
ජැෆ්නා ස්ටැලියන්ස් ජය හිමිකර ගනී
ලංකා ප්‍රිමිය ලීග් තරඟාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර ඊයේ පැවැති තරඟය කඩුලු 08කින් ජය ගන්නට තිසර පෙරේරා නායකත්වය දරණ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වුණා.
කාසිය වාසිය දිනා තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 08ක් දැවී ලකුණු 175ක් රැස් කළා.
එහිදී ග්ලැඩියේටර්ස් ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලකුණු 38ක් රැස් කළ අතර නායක ෂහිඩ් අෆ්රිඩි හයේ පහර 06ක් සමඟ පන්දු 23කදී ලකුණු 58ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ඩුවාන් ඔලිවියර් සහ වනිඳු හසරංග පිළිවෙලින් ග්ලැඩියේටර්ස් කඩුලු 03 සහ 02 බැගින් බිඳ දැමුවා.
ලකුණු 176ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ස්ටැලියන්ස් කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 19යි පන්දු 03ක් තුල පසුකර ගියා.
එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ස්ටැලියන්ස් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 92ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.
ඔහුට අනගි සහයක් ලබාදුන් පාකිස්ථාන සුපිරි පිතිකරු ෂොයිබ් මලික් නොදැවී ලකුණු 27යි.