Saturday, 28 November 2020 - 6:57
සෞඛ්‍ය අමාත්‍යංශය තුළ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දැඩි හිඟයක්
ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය හා ඖෂධ නිෂ්පාදනය,සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතර සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍යංශයේදී පැවැත්වුනා.
කොරෝනා වසංගතය හේතුවෙන් රෝගී වූ සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ වන විට පත්ව ඇති ගැටලු හා අපහසුතා පිළිබඳ මෙහිදී වෘත්තීය සමිති නිලධාරීන් විසින් පෙන්වා දී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් ඝෘජුව සම්බන්ධතාවයක් පවත්වාගෙන යන ස්වයං නිරෝධායනය වන කාර්යමණ්ඩලයේ අවශ්‍යතාවල යම් යම් ගැටලු පවතින බවත්,රෝගී කාර්යමණ්ඩලය නිරෝධායනය වන ස්ථානවල මූලික පහසුකම්වල යම් යම් ගැටලු පවතින බවත් වෘත්තීය සමිති නිලධාරීන් විසින් පෙන්වා දුන්නා.
අදාළ ආයතනවල ප්‍රධානීන් සමග රජ්‍ය අමාත්‍යවරයා දුරකථනයෙන් ඝෘජුව සම්බන්ධ වෙමින් එම ගැටලු සඳහා කඩිනම් පියවර ගැනීමට අදාළ ආයතනවල ප්‍රධානීන්ට උපදෙස් ලබා දීමට කටයුතු කළා. මෙම තත්ත්වයෙන් අපහසුතාවයටපත් පවුල්වල ඇති වී තිබෙන ආර්ථික අපහසුතා පිළිබඳව අවධානයට යොමු කළ අතර මෙම සාකච්ඡාවේ දී සෞඛ්‍ය අමාත්‍යංශය තුළ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දැඩි හිඟයක් පවතින බව ද අනාවරණය වුණා.