Saturday, 28 November 2020 - 7:02
මැදපෙරදිග සහ ඉන්දියාවේ සිට තවත් 277ක් දිවයිනට
...
මැදපෙරදිග රටවල් දෙකක සහ ඉන්දියාවේ රැකියා සදහා ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 277 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

           ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 76 දෙනෙකු ද , එරට අබුඩාබි සිට 42 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 96 දෙනෙකු ද , ඉන්දියාවේ චෙන්නායි සිට 53 දෙනෙකු ද වශයෙන් ශ්‍රී ලාංකිකයන් 277 දෙනෙකු  කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් යානා 05 කින් පැමිණ තිබු බව සඳහන්.

               මෙම පිරිස ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව කොළඹ පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සදහා සංචාරක හෝටල් වෙත යොමු කර ති අතර සෞදි අරාබිය වෙත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් අද දින පිටත්ව යෑමට නියමිත බව ප්‍රකාශ වුවද එවන් පිරිසක් මේ දක්වා එරට බලා පිටත්ව ගොස් නොමැති බවයි ගුවන්තොටුපල වාර්තාකරු ප්‍රකාශ කළේ.


More News
...
Friday, 22 January 2021 - 11:20

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකප්‍රතිකාර මධ්‍යස්ථානයක පැවැත්වූ මල්වර උත්සවයක් මේ දිනවල සමාජ...   Read more

...
Friday, 22 January 2021 - 11:05

 වලපනේ සහ බදුල්ල ප්‍රදේශවලට රිච්ටර් මාපකයේ ඒකක 2 ට අඩු අගයකින් යුත් සුළු භූ චලනයක් සිදුව ඇතැයි...   Read more

...
Friday, 22 January 2021 - 10:48

පස්සර  ජාතික පාසලේ සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලදී සිසුන් 6දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හදුනාගෙන...   Read more

දවසේ වීඩියෝව