Wednesday, 09 December 2020 - 9:45
සතියේ ලග්න පලාපල විස්තරය 2020-12-06 සිට 12-12 දක්වා
...

මේෂ ලග්නය - රැකියා ස්ථාන­ගත සතුරු කර­දර

ඔබගේ කේන්ද්‍ර­යට අනුව මෙම සතියේ චන්ද්‍රයා 04 - 05 - 06 - 07 යන ස්ථාන ඇසුරු කොට ගෙන සිටින නිසා ආර්ථික වශ­යෙන් ප්‍රති­ලාභ ලැබෙ­තත් රැකියා ස්ථාන­ගත සතුරු බල­වේ­ග­යක් නිසා සිත් තැවුල් මතු කරන සති­යකි. තම දරු­ව­කුගේ නොගැ­ළ­පෙන ක්‍රියා­වක් නිසා අන් අයගේ දෝෂ දර්ශ­න­යට ලක් වනු ඇත. පපුවේ සෙම - දණ හිසේ ආපදා පව­තින නිසා ප්‍රවේ­ශම් වන්න.

වෘෂභ ලග්නය - මුදල් ප්‍රති­ලා­භ­යක්

ඔබගේ කේන්ද්‍ර­යට අනුව මෙම සතියේ ඔබ ආග­මික කට­යු­ත්ත­කට වැඩි නැඹු­රු­වක් දක්වන අතර, පෙර ආත්ම­ගත බැඳී­ම­කින් යුතු අයකු නිසා බොහෝ විට ලේ නෑදෑ­කම් සහිත අය­කු­ගෙන් ඔබට මුදල් ප්‍රති­ලා­භ­යක් හිමි වන ලකුණු පෙනේ. තමාගේ ක්‍රියා­වන් බොහෝ සමාජ ප්‍රශං­සා­වට භාජ­නය වනු ඇත. උර­හිස ආශ්‍රිත හදිසි ආපදා මෙන්ම කලින් සිදුවූ ආප­දා­වන් යළි මතු වීමට ඉඩ ඇති නිසා කල්ප­නා­කාරි වන්න. හදි­සියේ ඔබට ගමින් පිටව යාමට සිදු වුවද එය බොහෝ­විට ආර්ථික ලාභ­ය­කට හේතු වන එකක් ද වෙයි.

මිථුන ලග්නය - ලොත­රැයි ජය

ඔබගේ කේන්ද්‍ර­යට අනුව චන්ද්‍රයා මේ සති­යේදී 02 - 03 - 04 - 05 යන ස්ථාන­වල ගමන් කර­මින් හදිසි ධන ලාභ ලොත­රැයි ජය­ග්‍ර­හණ හිමි වන ලකුණු පෙන්වයි. උගුරේ ආසා­දන තුන­ටියේ ආපදා පිළි­බඳ සැල­කි­ලි­මත් වන්න. තමාගේ මවු පාර්ශ­වයේ කෙනකු වෙනු­වෙන් ඔහු හෝ ඇයගේ අස­නී­ප­යක් වෙනු­වෙන් කාලය ගත කර­න්නට සිදු වේ.

කටක ලග්නය - සුවි­ශේෂි ජය­ග්‍ර­හණ

ඔබගේ කේන්ද්‍ර­යට අනුව මෙම සතිය ඔබට සුවි­ශේෂි ජය­ග්‍ර­හණ කීප­යක් හිමි වන සති­යකි. චන්ද්‍රයා 01 - 02 - 03 - 04 යන ස්ථාන­වල ගමන් කිරීම නිසා සතිය ආර­ම්භය සිතේ සතුට උප­ද­වන කාර­ණා­ව­කට හේතු­වෙයි. එය මංගල කට­යු­ත්තක පෙර ලකුණු ලෙස පෙනෙ­න්නට තිබේ. ආලය, ආද­රය ගැන තිබූ ගැටලු විස­ඳෙන අතර ඒ සඳහා මෙතෙක් තිබූ බාධක මඟ­හැ­රෙනු ඇත.

සිංහ ලග්නය - ආර්ථික වාසි­යක්

ඔබ කේන්ද්‍ර­යට අනුව මෙම සතිය පිට­ර­ටක සිටින අය­කුගේ පැමි­ණීම පෙනෙ­න්නට තිබෙයි. එය ආර්ථික හා මාන­සික යහ­පත් කම­කට හේතු වුවද තම වැඩි­හිටි පාර්ශ්වයේ කෙන­කුගේ වෙන්වී­මක් ද නිසා සිත් තැවු­ල­කට හේතු වෙයි. තම කේන්ද්‍ර­යට අනුව චන්ද්‍රයා මේ සතියේ 12 - 01 - 02 - 03 යන ස්ථාන­වල ගමන් කිරීම නිසා අධික වෙහෙ­ස­කාරි බව­කට පත්වී­මට ඔබට සිදු වෙයි.

කන්‍යා ලග්නය - ව්‍යාපාර ලාභ

මෙම සතිය ඔබට ඉතා වටිනා ආර්ථික ප්‍රති­ලාභ පෙන්වන අතර මහ­පො­ළොව ආශ්‍රිත වස්තු සම්පත් ගෙන­දෙන සති­යකි. චන්ද්‍රයා විශේ­ෂ­යෙන් 11 - 12 - 01 - 02 යන ස්ථාන­වල ගමන් කිරීම නිසාද තමා අත­හැර දමා තිබූ ව්‍යාපා­ර­යක් යළි ආරම්භ කිරී­මට පසු­බිම සැක­සෙයි. තමා හුදෙ­ක­ලාව කරන නිර්මා­ණ­ශීලී කට­යු­ත්තක සාර්ථ­ක­ත්වය දැක සතුටු විය හැකි සති­යකි.

තුලා ලග්නය - යහ­පත් ආයෝ­ජ­න­ය­කට ඉඩ

ඔබගේ කේන්ද්‍ර­යට අනුව චන්ද්‍රයා 10 - 11 - 12 - 01 යන ස්ථාන­ග­තව ගමන් කිරීම නිසා ආර්ථික හා රැකි­යා­ගත වාසි පෙන්වනු ඇත. තමා කරන කියන කට­යු­තු­වල සාර්ථ­ක­ත්වය තම සිතට වඩාත්ම ශක්ති­යක් වන නිසා සතු­ටින් ගත­වන සති­යක් ද වෙයි. විශේ­ෂ­යෙන් තම රැකි­යා­ගත ස්ථානයේ ප්‍රධා­නීන් වෙතින් ප්‍රශංසා හිමි වේ.

වෘශ්චික ලග්නය - භෞතික සම්පත් ප්‍රති­ලාභ

ඔබගේ කේන්ද්‍ර­යට අනුව චන්ද්‍රයා 09 - 10 - 11 - 12 යන ස්ථාන­වල ගමන් කිරීම සතිය පුරා­ව­ටම සුබ­වාදි වෙයි. තමාට ලැබෙ­න්නට තිබූ භෞතික වස්තු එනම් ගේ දොර, ඉඩ­ක­ඩම්, වාහන ඵල ඇති කෙරෙනු ඇත. තම ජීව­නෝ­පාය සඳහා යහ­පත් ආකල්ප මතු කෙරෙන නිසා එබදු දේවල් පිළි­බඳ සිත­යොමු කිරීම සුබයි. කෙසේ නමුදු පෙර ආත්මය හා බැඳුණු කෙනකු මේ ආත්ම­ග­තව ද ඔබ කරා පැමි­ණෙන හිත­ව­තකු නිසා සුබ­වාදී කරුණු රැසක ජය ඔබට හිමි වෙයි.

ධනු ලග්නය - නව ව්‍යාපාර ආර­ම්භ­යක්

ඔබගේ කේන්ද්‍ර­යට අනුව චන්ද්‍රයා 08 - 09 - 10 - 11 යන ස්ථාන­වල ගමන් කිරීම නිසා සතිය ආර­ම්භය ආර්ථික පාඩු­වක් ඇති වෙයි. රන් භාණ්ඩ අතු­රු­ද­හන් වීමක්, සොරා ගැනී­මක් නිසා සිතේ කන­ගා­ටු­වට හේතු ඇති වුවද සතිය මැද භාගයේ සිට අන් අයගේ උප­කාර නිසා ඒ සියලු දේ අනා­ව­ර­ණය කර­ගෙන යළි ඔබට ඒ නැතිවූ වස්තුව ලැබේ. ඒ අනුව ඔබ නව ව්‍යාපා­ර­ය­කට අත­ග­සනු ඇත. එහි ආර්ථික ප්‍රති­ලාභ ද හිමි වනු ඇත.

මකර ලග්නය - ආර්ථික ප්‍රති­ලාභ රැසක්

ඔබගේ කේන්ද්‍ර­යට අනුව මෙම සතිය විශේෂ සතු­ටු­දා­යක අවස්ථා කීප­ය­කට ඔබට සහ­භාගී වීමට හැකි­වෙයි. එහිදී ඔබට වඩා සිතේ සතුට උප­ද­වන කරුණු කීප­ය­කට මුහුණ දීමට හැකි­වෙයි. ඒ නිර්මා­ණ­ශීලී බව හා තම කාර්ය­ක්ෂම භාවය අන් අය අතරේ හුවා දැක්වී­මට ඉඩ ලැබී­මෙන් ඔබ සමා­ජයේ හොඳින් කැපී පෙනී­මට ලක්වී­මෙන් ආර්ථික වාසි සහ­ගත කට­යුතු කිහි­ප­යක මූලි­ක­ත්වය වග­කීම දැරී­මට ඔබට හැකි­වෙයි.

කුම්භ ලග්නය - අත­පසු වූ දේ යළි ක්‍රියා­වට

ඔබගේ කේන්ද්‍ර­යට අනුව චන්ද්‍රයා මෙම සතියේ 06 - 07 - 08 - 09 යන ස්ථාන­වල ගමන් කිරීම නිසා කලක් ප්‍රමාද වී තිබූ විදේශ ගම­න­කට අව­ස්ථාව උදා වෙයි. තමා ආයෝ­ජ­නය කර තිබූ ව්‍යාපා­ර­ය­කට තව තව විශ්වා­ස­වන්ත කොටස් එකතු වීම තුළ එය සාර්ථ­කව කර­ගෙන යාමට හැකිවේ.

මීන ලග්නය - දරු­ඵල ලාභ

ඔබගේ කේන්ද්‍ර­යට අනුව චන්ද්‍රයා 05 - 06 - 07 - 08 යන ස්ථාන පසු­කර යාමේදි සතිය ආර­ම්භ­යේදි දරු ඵල ලාභ හිමි වනු ඇත. තම සිතැඟි පරිදි බොහෝ දේ ලැබු­ණාය යන සිති­විල්ල නිසා සතුට උප­ද­වනු ලබන සති­යකි.

 



More News
...
Monday, 08 February 2021 - 11:09

ලෝකයේ මිනිසා ඇතුළු සියලුම ජීවින් මෙන්ම සොබාදහමද රඳා පවතින්නේ, සූර්යයා නිසා බවට ඈත අතීතයේ සිටම අපගේ...   Read more

...
Sunday, 07 February 2021 - 9:27

  මේෂ- අඹු­සැමි මත භේද මේෂ ලග්නය හිමි ඔබට මෙම සතිය ආර­ම්භය අස­තු­ටු­දා­යක වුවත් සතිය මැද භාගයේ...   Read more

...
Monday, 01 February 2021 - 10:00

ජලය මිනිසාගේ ප‍්‍රධානතම අවශ්‍යතාවයක්. නිවසකට ජලය ලබා ගැනීමේ පහසුකම අතිශයින්ම වැදගත් වෙනවා....   Read more

දවසේ වීඩියෝව