Sunday, 13 December 2020 - 10:00
සතියේ ලග්න පලාපල විස්තරය (2020.12.13 සිට 12.20 දක්වා)
...
 
මේෂ -රැකි­යා­ගත ප්‍රති­ලාභ රැසක්
ඔබගේ කේන්ද්‍ර­යට අනුව සතිය ආර­ම්භයේ මුදල් නාස්ති­යක් හෝ තුන­ටිය ආශ්‍රිත හදිසි අන­තු­රක් නිසා ඒ සම්බන්ධ විය­දම් තත්ත්ව­යක් පෙන්වනු ඇතත් සතිය මැද භාගයේ සිට එම දුෂ්ක­රතා සියල්ල නිවී­ගොස් සිතේ සතුට රජ­යන තත්ත්ව­ය­කට පත්වී­මට වාස­නාව උදා වනු ඇත. ඔබට පෙර පින් මහිම සහිත වාස­නා­ව­කට මුල පෑදේ.

වෘෂභ - දේපළ උරු­ම­යක්
ඔබගේ කේන්ද්‍ර­යට අනුව අන් සෑම කාල­ය­ක­ටම වඩා සුබ වන සති­යක් ලෙස මෙය පෙන්වා දිය හැක. තම ඥාති පාර්ශ­්ව­යෙන් තමාට හිත­සුව පිණිස ඇප උප­කාර ලැබේ. තමාට උරුම වීමට තිබූ එහෙත් අන්ස­තුව කලක් පැවති දේප­ළ­කට ඔබ හිමි­ක­රු­වකු වීමට තිබෙන ඉඩ­කඩ වැඩිය. චන්ද්‍රයා මේ සතියේ ඔබ කේන්ද්‍ර­යට අනුව 07 - 08 - 09 යන ස්ථාන­වල හැසි­රීම ද සිතේ සතුට ගෙන දෙයි.

මිථුන - උව­දු­රෙන් මිදී­මට හැකි වේ
මෙම සතිය ඇර­ඹුම අමි­හිරි අත්දැ­කී­ම­කට හේතු වුවත් ඒ තුළින් හොඳ - නරක තේරු­ම්ගෙන ඉදිරි කාලය ගත කිරී­මට ඔබට හොඳ පන්න­ර­යක් ලැබෙන සති­යකි. චන්ද්‍රයා ඔබ කේන්ද්‍ර­යට අනුව 06 - 07 - 08 යන ස්ථාන­වල ගමන් කිරීම නිසා එබඳු උව­දුරු ඔබ කරා ඒමට පුළු­වන. නමුත් ඔබගේ පිහි­ටට එන හිත­වත් අයකු නිසා වෙන්නට තිබූ විශාල පාඩු­ව­කින් අත් මිදී­මට ඔබට හැකි­වනු ඇත. යටි­බඩ තුන­ටිය ආශ්‍රිත රෝග ඇති­වන සති­යකි.

කටක -ආර්ථික ප්‍රති­ලාභ
ඔබට මෙම සතිය වාස­නා­වන්ත සති­යකි. දරු­ඵල අපේක්ෂා කරන අයට දරු­ඵල වාස­නාව ද අවි­වා­හක අයට විවාහ යෝජනා ද එළ­ඹෙනු ඇත. චන්ද්‍රයා 05 - 06 - 07 යන ස්ථාන­වල ගමන් කර­මින් යහ­පත් ආර්ථික ප්‍රති­ලාභ හා යහ­පත් ආයෝ­ජන කට­යුතු වලට ද යොමු­වනු ඇත. තමාගේ පිය පාර්ශ්­වයේ අයකු හා හිත­ව­තකු මාර්ග­යෙන් තමාට කිසි­යම් කොන්ත්‍රාත් වැනි කට­යු­ත්ත­කට අත ගැසී­මට ද හැකිවේ.

සිංහ - භෞතික සම්පත් ප්‍රති­ලාභ
මෙම සතිය කිසි­යම් භෞතික සම්පත් උරු­ම­වී­මක් පෙනෙ­න්නට තිබේ. චන්ද්‍රයා 04 - 05 - 06 යන ස්ථාන­වල ගමන් කිරීම ඒ සුබ­තා­ව­යට හේතු වෙයි. පපුවේ සෙම ගතිය වැඩි වීමට පුළු­වන් නිසා ඕනෑ­වට වඩා සීතල ආහා­ර­පාන සුදුසු නොවන බව පව­සමි. කෙසේ වුවද සතිය අව­සා­නයේ පිට­ර­ටක සිටින හිත මිතු­ර­කුගේ හදිසි පණි­වු­ඩ­යක් නිසා ඒ අයට සිදුවූ යම් විප­තක් පිළි­බ­ඳව අසා කන­ගාටු වීමට සිදු වනු ඇත.

කන්‍යා -ධන සම්ප­තක හිමි­ක­මක්
ඔබට මෙම සතිය ඉතා වාස­නා­වන්ත සති­යක් වන බව පෙනේ. විශේ­ෂ­යෙන් ඔබගේ විවාහ පාර්ශ්­ව­යෙන් ලැබෙන ඇප උප­කාර නිසා මහා වස්තු ධන සම්පත් උරු­ම­ය­කට හේතු වෙයි. බුද්ධි­මත්ව තීන්දු තීරණ ගැනී­මට ඔබට ශක්තිය ලැබෙන සති­යක් වන්නේ චන්ද්‍රයා 03 - 04 - 05 යන ස්ථාන­වල ගමන් කිරීම නිසාය.

තුලා - උසස් නිර්මාණ බිහි වේ
මේ සතිය පුරා ඔබට සතු­ටින් ගත කිරී­මට හැකි­වෙයි. කලා කට­යුතු කෙරේ යොමු වන අයෙක් නම් එහි උසස් නිර්මාණ බිහි කිරී­මට හැකියි. විය­දම් පැත්ත ඉහළ ගියද ඒ විය­දම් වුවද ප්‍රති­ඵල සහ­ගත දේකට යොමු කළාය යන අස්වැ­සිල්ල තමාට හිමි වෙයි. චන්ද්‍රයා මේ සතියේ 02 - 03 - 04 යන ස්ථාන­වල ගමන් කිරීම මෙම සතු­ටු­දා­යක හිමි­කම ඔබට ලබා දීමට සමත් වෙයි.

වෘශ්චික - ආග­මික සහ­ජී­ව­න­යට ඉඩ
ඔබගේ කේන්ද්‍ර­යට අනුව චන්ද්‍රයා 01 - 02 - 03 යන ස්ථාන ත්‍රිත්වයේ හැසි­රෙන නිසා ඉතා සුබයි. තම විවාහ සහ­කරු හෝ සහ­කා­රිය සමඟ කිසි­යම් පුණ්‍ය කර්ම­ය­කට අත ගසන සති­යකි. ඒ සැල­සුම් අනුව සතිය පුරා නිවසේ බුද්ධා­ල­ම්බන ප්‍රීතිය උතුරා යාමට හේතු වෙයි. ඒ නිසා සිතේ සතුට ඇති කෙරේ. දූ දරු උරු­ම­කම් හා අස­ල්වාසි හිත මිත්‍ර­යින් වෙතින් ප්‍රසා­දය හා අත් උදව් ලැබී­මට ද හේතුවේ. මුදල් ප්‍රති­ලාභ ද හිමිවේ.

ධනු - දුර බැහැර ආග­මික කට­යු­ත්තක්
මෙම සතියේ වඩාත්ම නිව­සින් බොහෝ දුර බැහැ­රට ගොස් කට­යුතු කිරී­මට සිදු වේ. එය ආග­මික හෝ විනෝද ජනක ගම­නක් විය හැකිය. මුලින් එය කර­ද­ර­කාරි ගම­නක් ලෙස සිතු­ණත් සතිය මැද සිට එම සිතු­වි­ල්ලෙන් මිදී කට­යුතු කිරී­මට හැකි වේ. තමා මුල්වී කට­යුතු කරන සමිති සමා­ග­ම්වල පිරි­ස­කගේ ප්‍රසා­දය නිසා සිතේ සතුට වැඩි වේ. ඒ තත්ත්ව තුළ තමා තව තවත් ආර්ථික ප්‍රති­ලාභ ඇති­වන අන්දමේ ආයෝ­ජන කට­යු­ත්ත­කට මුල පුරයි.

මකර -කෙනෙ­කු­ගෙන් පරි­ත්‍යා­ග­යක්
කේන්ද්‍ර­යට අනුව මෙම සතිය වඩාත් වෙන් වන්නේ දුෂ්කර කට­යුතු රැස­කට ඔබ යොමු කිරී­මෙනි. දෙපා ගෙවෙ­න­තුරු ඇවි­දී­මට සිදු­වන සති­යක් වන නමුත් වෙහෙසේ තර­මට ප්‍රති­ඵල උදා­වීම තුළ ඔබගේ ආර්ථික ශක්තිය වඩා වැඩි­දි­යුණු වනු ඇත. තමා කලින් උප­කාර කළ කෙනකු යළි ඔබ කරා පැමිණ ඔබට ප්‍රති­ලාභ රැසක් අත්කර දීමට පෙල­ඹෙනු ඇත.

කුම්භ - රැකියා ගැටලු විසඳේ
කේන්ද්‍ර­යට අනුව 10 - 11 - 12 යන ස්ථාන­වල චන්ද්‍රයා ගමන් කිරීම නිසා ඔබගේ රැකි­යා­ග­තව පැවති උව­දුරු සහ­ගත තත්ත්ව මඟ හැරෙන අතර ඒ තුළින් ආර්ථික වාසි ද අත්පත් වේ. ඔබ ඔබගේ දූ දරු­වන් වෙනු­වෙන් කළ ආයෝ­ජ­න­යක උසස් ප්‍රති­ඵල උදා කෙරෙන අතර විදේ­ශීය ආයෝ­ජ­න­ය­කට ද හේතු මතු කෙරේ. දණ­හිස පාදයේ වළ­ළු­කර ආශ්‍රිත යම් යම් උව­දුරු බලපෑ හැකි නමුත් කල්ප­නා­කාරි ලෙස කට­යුතු කළ­හොත් ඒවා­යෙන් මිදී­මට ඔබට හැකි වේ.

මීන -රැකියා ආර්ථික වාසි
මීන ලග්න­යට අනුව ඔබට මෙම සතිය අන් සියලු ලග්න හිමි­ක­රු­වන්ට වඩා ඉතා උසස් ප්‍රති­ඵල උදා වෙයි. සිතේ සතුට ආර්ථික ලාභ රැකියා අභි­වෘ­ද්ධිය යන සියලු දේ ජය­ග­ත­හැකි සති­යකි. ඔබගේ නැවතී තිබූ යන්ත්‍ර සූත්‍ර සහිත කර්මා­න්ත­යක යළි වැඩ ආරම්භ වන ලකුණු පළවේ. ඒ සඳහා බොහෝ අයගේ ඇප උප­කාර සහාය හිමි වනු ඇත. ඒ චන්ද්‍රයා මේ සතියේ 09 - 10 - 11 යන ස්ථාන­වල ගමන් කිරීම නිසාය.
 


More News
...
Monday, 08 February 2021 - 11:09

ලෝකයේ මිනිසා ඇතුළු සියලුම ජීවින් මෙන්ම සොබාදහමද රඳා පවතින්නේ, සූර්යයා නිසා බවට ඈත අතීතයේ සිටම අපගේ...   Read more

...
Sunday, 07 February 2021 - 9:27

  මේෂ- අඹු­සැමි මත භේද මේෂ ලග්නය හිමි ඔබට මෙම සතිය ආර­ම්භය අස­තු­ටු­දා­යක වුවත් සතිය මැද භාගයේ...   Read more

...
Monday, 01 February 2021 - 10:00

ජලය මිනිසාගේ ප‍්‍රධානතම අවශ්‍යතාවයක්. නිවසකට ජලය ලබා ගැනීමේ පහසුකම අතිශයින්ම වැදගත් වෙනවා....   Read more

දවසේ වීඩියෝව