Friday, 08 January 2021 - 16:32
බර ඉසිලීමේ සුපිරි සංචිතයට පරීක්ෂණයක්
...
මීළඟ ආසියානු ජ්‍යෙෂ්ඨ ශූරතා තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ තරග සඳහා සහභාගි වෙන බර ඉසිලීමේ කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් බර ඉසිලීමේ සුපිරි සංචිතය සඳහා පැවැත්වෙන පරීක්ෂණයක් මේ මස 28 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
කොළඹ පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම පරීක්ෂණය සඳහා අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 න් දෙනකු කැඳවීමට ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය පියවරගෙන ඇති බව සඳහන්.
මීළඟ ආසියානු ජ්‍යෙෂ්ඨ ශුරතා බර ඉසිලීමේ තරගාවලිය ලබන මාර්තු මස පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගි කරවන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට සුදුස්සන් නම් කිරීම මෙම පරීක්ෂණයේ ආසන්නම ඉලක්කයයි.
අදාළ පරීක්ෂණය සඳහා චින්තන ගීතාල් විදානගේ, ඇන්ටන් සුදේශ් පීරිස්, ඉන්දික දිසානායක, චතුරංග ලක්මාල්, තිලංක විරාජ් පළඟසිංහ, අසංක ඉසුරු කුමාර, උෂාන් චාරුක, චානක පීටර්ස්, සමන් අබේවික්‍රම, හංසනී ගෝමස්, චමරි වර්ණකුලසූරිය, බී. චතුරිකා ප්‍රියන්ති සහ තිමාලි හපුතැන්න යන ශ්‍රී ලංකා ජාතික සුපිරි සංචිතයට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කැඳවීමට ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය කටයුතු යොදා තිබෙනවා.
මොවුන් අතරින් චින්තන ගීතාල් විදානගේ (2006 - රන් සහ 2010 - රිදී), ඇන්ටන් සුදේශ් පීරිස් (2010 ලෝකඩ සහ 2014 - රිදී), ඉන්දික දිසානායක (2018 රිදී), චතුරංග ලක්මාල් (2018 ලෝකඩ) සහ හංසනී ගෝමස් (2018 ලෝකඩ) යන අය පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනා ගනිමින් කැපී පෙනුණු ක්‍රීඩික ක්‍රීඩිකාවෝ ලෙස හදුන්වන්නට පුළුවන්.
ඉන්ද්‍රචාපා හේරත්


More News
...
Friday, 22 January 2021 - 10:39

  ක්‍රීඩා පාසල් 12 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මෙම වසරේදී ආරම්භ කරන බව ග්‍රාමීය පාසල් ක්‍රීඩා...   Read more

...
Friday, 22 January 2021 - 10:15

ශ්‍රී ලංකා  සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දී කාසියේ වාසිය දිනාගත්...   Read more

...
Thursday, 21 January 2021 - 16:32

  සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියට නම් කළ සංචිතයෙන්...   Read more

දවසේ වීඩියෝව