Tuesday, 12 January 2021 - 9:43
ආයුධ සන්නද්ධ විරෝධතාවක් ගැන FBI අනතුරු අඟවයි
...

ට්‍රම්ප්ට එරෙහි දෝශාභියෝග යෝජනාව හේතුවෙන් අමෙරිකාව පුරා මෙම දින කිහිපයේ ප්‍රචණ්ඩ වාතාවරණයක් ඇතිවිය හැකි බවට එෆ් බී අයි ආයතනය අනතුරු අඟවා තිබෙනවා. එරට ප්‍රාන්ත 50 සහ වොෂිංටන් ඩී.සී. හි එක්සත් ජනපද කැපිටල් ඉදිරිපිට ආයුධ සන්නද්ධ විරෝධතාවක් සැලසුම් වන බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

ජනාධිපති පදවි ප්‍රාප්තියට පෙර තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන්ට හානියක් කිරීමේ විවිධ තර්ජන පිළිබඳ වාර්තාද FBI විසින් නිරීක්ෂණය කර ඇති අතර, අතිරේක වාර්තාවලින් දැක්වෙන්නේ උප ජනාධිපති ලෙස තේරීපත් වූ හැරිස් සහ කථානායක පෙලෝසිට එරෙහිවද එවැනි තර්ජනයක් ඇති බවයි.

කුමන බාධා පැමිණියද සැලසුම් කල පරිදි කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිටදී තමන් ලබන 20 වනදා දිවුරුම් දෙන බව ජෝ බයිඞ්න් මහතා සහතික වී තිබෙනවා.

දෝෂාභියෝගය ජෝ බයිඞ්න් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී ප්‍රථම දින සියයෙන් පසු සෙනෙට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂිතයි.


More News
...
Friday, 22 January 2021 - 8:53

   පැයට කිලෝමීටර 620 ක වේගයෙන් ගමන් කළ හැකි දුම්රියක මූලාකෘතියක් චීනය විසින් එළිදක්වා තිබෙනවා. එම...   Read more

...
Friday, 22 January 2021 - 7:17

චීනයේ බීජිං හි ජෛව ඖෂධ සමාගමක් වන සීනොවැක් විසින් සංවර්ධනය කරන ලද නව කොරෝනා වෛරස රෝගයට එරෙහි එන්නතක්...   Read more

...
Thursday, 21 January 2021 - 13:48

ලිංගික සංක්‍රාන්තික වෛද්‍යවරියක වන Rachel Levine රජයේ ඉහළම සෞඛ්‍ය නිලයකට පත්කිරීමට නව ජනාධිපති ජෝ බයිඩ්න්...   Read more

දවසේ වීඩියෝව