පාර්ලිමෙන්තු මන්ත්‍රී රංජන් රාමනායකට බරපතල වැඩ සහිත වසර 4ක සිරදඬුවම් නියම කර තිබෙනවා. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන නඩුව අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්වන විජිත් මලල්ගොඩ, සිසිර ද ආබෲ, පී පද්මන් සූරසේන හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදුන් බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ මහතා සඳහන් කර සිටියේ, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වග උත්තරකාර රන්ජන් රාමනායක මහතා වෙත එල්ල කර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවය.
ඒ අනුව රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරන බවද විනිසුරුවරයා කියා සිටියා.
සබැඳි -
රංජන්ගේ නඩුවේ තීන්දුව අද
වලපනේ සහ බදුල්ල ප්‍රදේශවලට රිච්ටර් මාපකයේ ඒකක 2 ට අඩු අගයකින් යුත් සුළු භූ චලනයක් සිදුව ඇතැයි...   Read more
පස්සර ජාතික පාසලේ සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලදී සිසුන් 6දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හදුනාගෙන...   Read more
අනුරාධපුර,පලාගල මහ හුරුල්ලෑවේ වනජීවි කලාපයක පිහිටි පුරාවිද්‍යාත්මක නටඹුන් සහිත භූමිය පසුගිය...   Read more