Tuesday, 12 January 2021 - 12:18
කුලියට ගත් වාහන අලෙවි කරන ජාවාරම්කරුවෝ
ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් වාහන කුලියට ලබාගෙන එම වාහන තවත් පාර්ශ්වයකට විකුණන කණ්ඩායමක් පොලිසිය විසින් තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.
ඔවුන් විසින් ව්‍යාජ හැඳුනුම්පත් සහ විදුලි බිල්පත් ඉදිරිපත් කරමින් වාහන ලබාගෙන ඒවා කොටස් කර කැබිලි විකුණා දැමීම හෝ සම්පූර්ණ වාහනය ම විකුණා දැමීම සිදුකරන බවයි එහිදී අනාවරණ වී ඇත්තේ.
මෙම ජාවාරමට අදාල සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා යක්කල සහ මීරිගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස ව්‍යාජ ලෙස විකුණන ලද වාහන දාහතක් මේවනවිට මුල්ලේරියාව පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙවැනි සිද්ධියකට මුහුණ දුන් අයෙකු වේ නම් මුල්ලේරියාව පොලිසියට පැමිණ එම වාහන 17 අතර තමන්ගේ වාහනය ඇත්දැයි සොයා බැලිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.