Tuesday, 12 January 2021 - 16:27
නැන්දම්මාට පහරදුන් ගුරුවරිය ඇප මත නිදහස්
...
ඉඳිආප්ප කෑමට ව්‍යාංජන ගත්තැයි උරණ වී තියුණු ආයුධයකින් හා අතින් පයින් නැන්දම්මාට පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ගම්පොළ නගරයට ආසන්න ප්‍රසිද්ධ විදුහලක උපාධිධාරි ගරුවරියකට තරයේ අවවාද කළ ගම්පොළ වැඩ බලන මහෙස්ත්‍රාත් ලලිත් වීරසේන මහතා ඇය ඇප මත මුදාහැරීමට නියම කළා.

තියුණු ආයුධයක්ද ඇතැතිව සිය නැන්නම්මාට දරුණු අන්දමින් පහර දෙන අයුරූ දැක්වෙන සමාජජාලයේ සැරිසැරූ වීඩීයෝ දරශනයකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව ගම්පොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු මෙම සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමිනුයි මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේ.

ගම්පොළ පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ගමනායක මහතා සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දැනුම් දුන්නේ වසර 15කට අධික කාලයක් පුරා සැකකාර ලේලිය හා නැන්දම්මා අතර තිබු ආරඅවුලක් හේතූවෙන් සැකකාරිය සිය නැන්දම්මාට මෙලෙස පහර දී ඇති බවයි.

සිද්ධියට අදාළ මෙම සැකකාරිය ගම්පොළ නගරයට ආසන්න ප්‍රසිද්ධ විදුහලක උපාධිධාරි ගුරුවරියකවන අතර දරු දෙදෙනෙකුගේ මවක්. ඇය වසර 15කට අධික කාලයක් පුරා නැන්දම්මා සමඟ ආරඅවුලකින් පසුවන බවත් ඒ හේතූවෙන් ඇය ඇගේ නැන්දම්මා වන තම මවට නිතර නිතර පහර දෙන බව ඇගේ සැමියාද දැනගෙන ඇතැයි දැනුම් දුන් පොලිසිය මේ නිසා ඔහු සිය දරු දෙදෙනා අමතා ‘අම්මා, ආච්චිට ගැහැව්වොත් ඒක ෆොන් එකෙන් වීඩීයෝ කරන්න’ යැයි දැනුම් දී ඒ අනුව සැකකාරිය ආච්චිට පහර දෙන අවස්ථාවක දරු දෙදෙනා එය වීඩීයෝ කර තිබෙනවා.

පහර කෑ වයෝවෘද්ධ කාන්තාවගේ එක් දියණියක් මෙම වීඩියෝව දැක එය ලබාගෙන සමාජ ජාලවලට හා ‘යු-ටියුබ්’ චැලයට මුදාහැර ඇතැයි විමර්ශනයේදී අනාවරණය වු බව දැනුම් දුන් පොලිසිය ඒ අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගත් බවද දැනුම් දුන්න්නා.

ඉදිරිපත් වු කරුණු සළකා බැලිමෙන් අනතුරුව සැකකාරියට තරයේ අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා රුපියල් 50,000/- ක් වටිනා ශරීර ඇපයක් මත සැකකාරිය මුදාහැර තිබෙනවා.


More News
...
Friday, 22 January 2021 - 9:59

තම 14 හැවිරිදි ඥාති දියණිය අපහරණය කළ බාප්පලා වන අයියා මලෝ දෙදෙනෙකු මේ මස 26 වැනි දින දක්වා රිමාන්ඩ්...   Read more

...
Friday, 22 January 2021 - 9:11

15 හැවිරිදි දැරියක් ලවා ඇයගේ මවුපියන්ට ආහාර සමග මිශ්‍ර කර නිදි පෙති ලබාදී අවස්ථා ගණනාවකදී එම දැරිය...   Read more

...
Thursday, 21 January 2021 - 17:08

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට අයත් හොරගොල්ල වලව්වේ දොරක් කඩා කිසියම්...   Read more

දවසේ වීඩියෝව