Wednesday, 13 January 2021 - 9:50
ග්‍රීසියේ මාරියා ටෙනිස් ලොව කලඹයි
අමෙරිකාවේ ප්රබලතම ටෙනිස් ක්‍රීඩිකාවක වන සොෆියා කෙනින් පරාජය කරමින් ලෝක ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අබුඩාබි ටෙනිස් ශූරතාවලියේ (WTA) අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ග්‍රීසියේ මාරියා සක්කාරි සමත් වූවා.
තරගයේ ආරම්භයේ සිටම දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වූ මාරියා හමුවේ පරාජයට පත් වූ අමෙරිකානු ක්‍රීඩිකාව පසුගිය වසරේ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරිය ද වූවා. 25 හැවිරිදි මාරියා මේ ජයග්‍රහණය අත් කර ගත්තේ මේ වසරේදී ලෝක ටෙනිස් පිටියේ වඩාත්ම කැපී පෙනෙන ක්‍රීඩිකාව බවට පත් වනු ඇතැයි අනාවැකි පළ වී තිබියදීයි. ග්‍රීසියේ වෘත්තීය මට්ටමේ ටෙනිස් ක්‍රීඩිකාවක වන මාරියා මේ දක්වා ජයගෙන ඇත්තේ ලෝක ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමයට අයත් එක් ශූරතාවක් පමණයි. ඇය විසින් එම ශූරතාව දිනාගනු ලැබුවේ 2019 වසරේ මොරොක්කෝවේ පැවැති තරගාවලියේදීයි.
කෙසේ වෙතත් ලෝක ප්‍රකට ක්‍රීඩිකාවන් වන ජොහානා කොන්ටා, කැරොලින් වොස්නියැකි, පෙට්රා ක්විටෝවා වැනි ක්‍රීඩිකාවන් පරාජය කිරීමට පසුගිය කාලයේදී ඇය සමත් වූ අතර, මේ වසරේදී ග්‍රෑන්ඩ් ස්ලෑම් තරග බිමේ පෙරළිකාර දස්කම් දක්වනු ඇතැයි විචාරකයෝ අනාවැකි පළ කරනවා.