Wednesday, 13 January 2021 - 10:14
SDB බැංකුව ප්‍රථම ඩිජිටල්හිමිකම් නිකුතුව පවත්වයි
හිමිකම් නිකුතුවක් ඩිජිටල් මාධ්‍යයෙන් සාර්ථකව සම්පුර්ණ කළ කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත ප්‍රථම ආයතනය ලෙස SDB බැංකුව ශ්‍රී ලාංකීය ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ තම සන්නාමය සනිටුහන් කළ අතර මේ අවස්ථාව දායකත්ව සීමාව ඉක්මවූ පළමු දේශීය ඩිජිටල් හිමිකම් නිකුතුව ලෙස නිල වශයෙන් පිළිගැනීමට ලක්ව තිබෙනවා.
රටේ පවතින COVID-19 වසංගත තත්ත්වය මධ්‍යයේ පවත්වන ලද SDB බැංකුවේ ඩිජිටල් හිමිකම් නිකුතුව සැලකිය යුතු ලෙස රුපියල් බිලියන 1.5 ක් රැස් කිරීමට සමත් වුණා.. බැංකු ක්ෂේත්රය තුළ නව්‍යකරණයන් රැසක් හඳුන්වා දුන් SDB බැංකුව කෙරෙහි පවතින ප්‍රසාදය මෙන්ම කොටස් හිමියන් බැංකුව කෙරෙහි දක්වන විශ්වාසය මින් නැවත නැවතත් තහවී තිබෙනවා.
කොළඹ කොටස් හුවමාරුව (CSE) සමඟ සම්බන්ධීකරණයෙන් පසුගිය නොවැම්බර් මස මුලදී බැංකුව තම කොටස් හිමියන්ට ඔවුන්ගේ හිමිකම් සහ අතිරේක කොටස් ඩිජිටල් මාධ්‍යයෙන් ගැනීමට පහසුකම් සැලසීමේ වැඩපිළිවෙළ දැනුම් දී ඇති බව සඳහන්.
මධ්‍යම තැන්පතු පද්ධති (CDS) ගිණුම් හිමියන් සඳහා මධ්‍යම තැන්පතු පද්ධතිය (CDS) හරහා සහ CDS නොවන ගිණුම් හිමියන් සඳහා SDB බැංකුව විසින් සකස් කරන ලද විශේෂිත අන්තර්ජාල ක්‍රමවේදයක් හරහා අයදුම් කිරීමේ අවස්ථාව සකස් කරන ලද අතර කොළඹ කොටස් හුවමාරුවේ සහ SDB බැංකුවේ ක්‍රමවේදයන්ට අනුගතව මෙය සිදුව තිබෙනවා.