Wednesday, 13 January 2021 - 10:24
අතේ ඇති මුදලට හොඳම වාහනය 'රියසක්වල'
...
වසර 40ක් පුරා බජාජ් වාහන මෙර­ටට ගෙන්වා බෙදා හැරීමේ එකම නියෝ­ජි­තයා ලෙස ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයි­වට්) ලිමි­ටඩ් මෙරට පාරි­භෝ­ගි­ක­යන්ට දී ඇති විශ්වා­සය තවත් තහ­වුරු කර­මින් සමා­ග­මට අනු­බද්ධ ‘රිය­ස­ක්වල‘ විසින් ‘DPMC සහ­තික කළ ත්‍රිරෝද රථ’ (DPMC Certified Three-wheelers) පසු­ගි­යදා මෙරට වෙළෙ­ඳ­පො­ළට හඳුන්වා දෙනු ලැබුවා.

මේ පිළි­බඳ අද­හස් දක්ව­මින් රිය­ස­ක්වල වෙතින් පසු­ගි­යදා ත්‍රිරෝද රථ­යක් මිලදී ගත් ග්‍රේෂන් උපාලි මදු­ර­සිංහ මහතා පැව­සුවේ රිය­ස­ක්වල සේවාව පිළි­බඳ ඔහු ඉතා සෑහී­මට පත් වන බවයි. බොරැල්ලේ පදිංචි උපාලි මහතා කාසල් රෝහලේ සේවය කරන අතර තම පවුලේ පාවි­ච්චි­යට මෙන්ම අම­තර ආදා­ය­මක් උපයා ගැනීමේ ක්‍රම­යක් ලෙස ත්‍රිරෝද රථය මිලට ගත් බව කියා සිටි­යා.

‘මම පෞද්ග­ලික අංශයේ ආය­ත­න­යක සේවය කර­නවා. අද කාලෙ පව­තින ආර්ථික තත්ත්වය සමඟ අම­තර ආදා­ය­ම­කුත් හොයා ගන්න හිතා­ගෙන තමයි මම ත්‍රීවිල් එක ගත්තෙ,” ඉම්රාන් මහතා පැව­සු­වා. තව­දු­ර­ටත් අද­හස් දක්ව­මින් ඔහු කියා සිටියේ රිය­ස­ක්වළ කාර්ය මණ්ඩ­ලයේ සේවය පිළි­බඳ ඔහු ස්තූති වන්ත වන අතර ත්‍රිරෝද රථ­යක් මිලදී ගැනී­මට අවශ්‍ය අයට තමා රිය­ස­ක්වළ නිර්දේශ කරන බවයි.

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයි­වට්) ලිමි­ටඩ් හි DPMC සහ­ති­කය සමඟ ත්‍රිරෝද රථ­යක් මිලදී ගැනීමේ අව­ස්ථාව ඇත්තේ රිය­ස­ක්වළ වෙතින් පමණයි. එප­ම­ණක් නොව රිය­ස­ක්වළ වෙත පැමි­ණෙන පාරි­භෝ­ගි­ක­යන්ට සහ­තික කළ මෙන්ම නොකළ ලිපා­දිංචි ත්‍රිරෝද රථ, මෝටර් සයි­කල්, කුඩා ට්‍රක් රථ, කාර් ඇතුළු වෙනත් වාහන මිලදී ගැනීමේ හැකි­යාව තිබෙනවා.
 


More News
...
Thursday, 21 January 2021 - 21:21

   මෙම වර්ෂයේ රැකියා සඳහා දකුණු කොරියාවට පිටත්ව යන පළමු කණ්ඩායම අද (21)එරට බලා පිටත්ව ගියේය. ශ්‍රමිකයින්...   Read more

...
Wednesday, 20 January 2021 - 11:00

ශ්‍රී ලංකාවේ ප්‍රමු­ඛ­තම මූල්‍ය සමා­ග­මක් වන HNB FINANCE සිය විශිෂ්ට සේවා තත්ත්වය යළිත් ශක්ති­මත්...   Read more

...
Tuesday, 19 January 2021 - 9:21

    කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය ඊයේ (18) වාර්තා විය. ඒ අනුව ඊයේ...   Read more

දවසේ වීඩියෝව