Wednesday, 13 January 2021 - 12:42
ඉන්දීය පිලත් ලෙඩ වාට්ටු­වක්
...
ඔස්ට්‍රේ­ලි­යාවේ තරග සංචා­ර­යක නිතර වී සිටින ඉන්දීය කණ්ඩා­යමේ ආබාධ ලැයි­ස්තුව තවත් ඉහළ දමමින් වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීට් බුම්රාත් ආබා­ධ­ය­කට ලක්ව තිබෙනවා.

උද­රයේ ආබා­ධ­ය­කට ලක්ව සිටින ඔහුට එම හේතුව නිසා ඔස්ට්‍රේ­ලි­යාව සමඟ පැවැ­ත්වෙන සිවු­වැනි ටෙස්ට් තර­ගය අහිමි වනු ඇති.

මේ සංචා­ර­යේදී ආබාධ හේතු­වෙන් ඉන්දීය පිලට අහිමි වූ තෙවැනි වේග පන්දු යවන්නා වන බුම්රාට නිමාවූ තෙවැනි තරග‍යේ ඉනිම දෙකේදී දවා­ගත හැකි වූයේ කඩුලු 3ක් පමණයි.

මින් පෙර තෙවැනි තර­ග­යේදී වම් මාප­ටැ­ඟිල්ලෙ අස්ථි බිදී­මක් හේතු­වෙන් ආබා­ධ­ය­කට ලක් වූ තුන් ඉරි­යව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේ­ජාට ද සිවු­වැනි තර­ග­යට ක්‍රීඩා කිරීමේ අව­ස්ථාව අහිමි වී තිබුණා.

ඉන්දීය පළමු ඉනි­මේදී මිචෙල් ස්ටක්ගේ පන්දු­වක් වැදී­මෙන් ජඩේජා ආබා­ධ­යට ලක්වුණා. කෙසේ වෙතත් ඔහු ඉනිම නිමා වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර, පසුව ඔස්ට්‍රේලි­යානු දෙවැනි ඉනි­මේදී පන්දු යැවී­මෙන් ද වැළකී සිටි­යා. මේ තර­ග­යේදී ඉන්දීය පිල බේරා­ගත් හනුමා විහාරි පාදයේ ආබා­ධ­ය­ක­ටත්, රවි­ච­න්ද්‍රන් අශ්වින් ඉල අට පෙදෙසේ ආබා­ධ­ය­ක­ටත් ලක්ව සිටි අතර, සිවු­වැනි තර­ගය සඳහා ඔවුන් දෙදෙනා සහ­භා­ගි­ත්වය පිළි­බඳ තව­මත් ප්‍රකාශ වී නැහැ.

එමෙන්ම මෙල්බ­ර්න්හිදී පුහු­ණු­වීම් අත­ර­තුර ආබා­ධ­ය­කට ලක් වූ මයාන්ක් අගා­ර්වල්ගේ ශාරී­රික යෝග්‍ය­තාව ඉන්දීය පිලට ගැටු­වක් වී තිබෙනවා. මේ සංචා­ර­යේදී ලෝකේෂ් රාහුල්, මොහො­මඩ් ශාමි සහ උමේෂ් යාදෙව් ද ආබා­ධ­ව­ලට ලක් වූ අතර, ඔවුන් මේ වන විටත් යළි ඉන්දි­යා­වට ගොස් ඇතැයි වාර්තාවනවා.

ඔස්ට්‍රේ­ලි­යාව සහ ඉන්දි­යාව අතර, ටෙස්ට් තර­ගා­ව­ලියේ සිවු­වැනි සහ අව­සන් ටෙස්ට් තර­ගය මේ 15දා බ්‍රිස්බේ­න්හිදි ආරම්භ වීමට නිය­මි­තයි.


More News
...
Friday, 22 January 2021 - 10:39

  ක්‍රීඩා පාසල් 12 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මෙම වසරේදී ආරම්භ කරන බව ග්‍රාමීය පාසල් ක්‍රීඩා...   Read more

...
Friday, 22 January 2021 - 10:15

ශ්‍රී ලංකා  සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දී කාසියේ වාසිය දිනාගත්...   Read more

...
Thursday, 21 January 2021 - 16:32

  සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියට නම් කළ සංචිතයෙන්...   Read more

දවසේ වීඩියෝව