Wednesday, 13 January 2021 - 16:31
පාර්ලිමේන්තුවේ 463කට PCR
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ කාර්යය මණ්ඩල සාමාජිකයන් සඳහා අද (13) ආරම්භ කෙරුනු අතර, අද දිනය තුළදී පමණක් PCR පරීක්ෂණ සඳහා 463 දෙනෙකු පරීක්ෂණයට සහභාගී වූ බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ අතර කථානායකවරයා ඇතුළු මැති ඇමතිවරුන් 15 දෙනෙක්වන බවයි.
මේ අතර පාර්ලමේන්තුවේ කාර්ය මණ්ඩලය සමග පාර්ලමේන්තුවේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද ඇතුළු 448 දෙනෙක් පී.සී.ආර්. පරීක්ෂණයට ලක් ව තිබෙනවා.
සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් එවනු ලැබූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් විසින් මෙම පරීක්ෂණය සිදු කරන ලද අතර ලබන සිකුරාදා (15) දිනයේදී පෙරවරු 9 සිට පස්වරු 12 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී පී. සී. ආර්. පරීක්ෂණ පැවැත්වෙනු ඇති.