Wednesday, 13 January 2021 - 22:17
සමගි ජනබලවේගයෙන් කතානායකට ලිපියක්
...

 

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාවකට ජනාධිපතිවරයා දැක්වූ ප්‍රතිචාරයෙන් භාෂණයේ නිදහසට තර්ජනයක් වී ඇති හෙයින් එම නිදහස රැකීමට මැදිහත් වන්නැයි කියමින් සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් අද  (13)  ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.
එම පක්ෂයේ  මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායමක් අද 13 පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නිල නිවසට ගොස් මෙම ඉල්ලීම සහිත ලිපිය කතානායකවරයාට බාර තිබේ.
කතානායකවරයා වෙත භාරදුන් ලිපියේ මෙසේද සඳහන් වේ.
“සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යානුකූලවම ලබාදී ඇති බව ඔබතුමා හොඳින් දන්නා කරුණකි. එසේ නීත්‍යානුකූලවම අනුමැතිය ලබා දී ඇත්තේ අන් කිසිවක් නිසා නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මහජන නියෝජිතයන් ලෙස තමන්ගේ අදහස් මහජනතාව වෙනුවෙන් රටට ප්‍රකාශ කිරීමට ඇති පරම ආයතනය පාර්ලිමේන්තුව වන බැවිනි.
හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙි කරන ලද ප්‍රකාශයට ජනාධිපතිවරයා මන්ත්‍රීවරයාගේ නම සඳහන් කරමින්  පාලිමේන්තුවෙන් පිටදී පිළිතුරු ලබාදෙනු අප දුටුවෙමු .එම සමස්ත ප්‍රකාශය අධ්‍යයනය කිරීමේ දී එහි භාෂණයේ නිදහසට එරෙහිව යමින් යම් තර්ජනාත්මක ස්වරූපයක් දක්නට ලැබේ .ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු සැසිවාරය  සඳහා සහභාගිවීමට අයිතිය ඇති බව සහ ඊට පිළිතුරු දීමට අයිතිය ඇති බවද ඔබතුමා දන්නා කරුණකි. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හා සමානවම ඔහුගේ අනුගාමිකයින් හා රාජ්‍ය මාධ්‍ය සහ සමාජය තුළින් ද ඔහුගේ ප්‍රකාශයට සමාන ප්‍රකාශ සිදුවනු අප දුටුවෙමු.
එම තත්ත්වය භාෂණයේ නිදහස මෙන්ම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව හා රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ බලපෑමක් වන බව අපගේ විශ්වාසයයි. එම නිසා උත්තරීතර පාර්ලිමේන්තුවේ නායකයා වශයෙන්  පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ භාෂණයේ නිදහස හා ජීවිත ආරක්ෂාව පිළිබඳ කටයුතු කළ හැකි පුද්ගලයා වශයෙන් මෙම තත්වය හමුවේ  මන්ත්‍රීවරුන්ගේ භාෂණයේ නිදහස හා සුරක්ෂිත කිරීමටත් මන්ත්‍රීවරුන්ගේ  වරප්‍රසාද ආරක්ෂා කිරීමටත්, ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව සැලසීමටත් උත්තරීතර පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස මැදිහත් වී කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.”
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක , රාජිත සේනාරත්න,තිස්ස  අත්තනායක ,රිෂාඩ් බදුයුදීන් ,ජේ. සී අලවතුවල, නලීන් බණ්ඩාර මහත්වරුන්  ප්‍රමුඛ පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවී ඇතැයි වාර්තාවේ.


More News
...
Friday, 22 January 2021 - 12:11

වන අලි රක්ෂිතය ගැසට් කරන ලෙසට හා අලි මිනිස් ගැටුමට වහාම විසදුම් ලබාදී ඇතුළු ඉල්ලීම් කිහිපයක්...   Read more

...
Friday, 22 January 2021 - 11:56

    වානිජ ගුවන් ගමන් සඳහා මෙරට ගුවන්තොට විවෘත වීමත් සමග අද (22) උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ ගුවන්...   Read more

...
Friday, 22 January 2021 - 11:20

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකප්‍රතිකාර මධ්‍යස්ථානයක පැවැත්වූ මල්වර උත්සවයක් මේ දිනවල සමාජ...   Read more

දවසේ වීඩියෝව