Monday, 18 January 2021 - 11:03
නමේ තරමට සැරනැති, දුර්ලභ ඩ්‍රැකියුලා ගිරවා
...


සතුන් ගොදුරු කරගන්නා ගිජුලිහිනියන් සහ ගිරවුන් යන පක්ෂින් වර්ග දෙකෙහි මිශ්‍රවීමක් ලෙසින් දිස්වන, ඉතා දුර්ලභ පක්ෂී විශේෂයක් නිව්ගිනියාවේ වනාන්තරවල සහ කඳුකරවල වාසය කරති. පෘථිවියේ වෙසෙන අද්භූදජනක ම, බයංකාර ම ස්වභාවය ගන්නා කුරුල්ලන් වර්ගය මොවුන් බව සැලකේ. ‘ඩ්‍රැකියුලා ගිරවා’ යන නාමයෙන් මෙම පක්ෂියා නම්කර තිබේ.

බාහිර ස්වභාවය බියජනක වුවත්, ඩ්‍රැකියුලා ලෙසින් හැඳින්වුවත් මෙම පක්ෂියා ලේ උරා බොන අයෙකු නොවේ. ඔහුගේ විද්‍යාත්මක නාමය Psittrichas fulgidus ය. එම වර්ගයට අයත් එකම සාමාජිකයා එම පක්ෂියා බව කියැවේ.  

මේ ගිරවා තරමක් විශාලය. තද රතු පැහැති සිරුර වටකරගත් කෙටි කබායක් වැනි, කළු සහ අලු පැහැ පිහාපත් ගෙලෙහි වෙයි. හිසේ ඇති පිහාටු කල්යත්ම හැලෙන්නට ගනී. පබලු මෙන් දිලෙන ඇස්ය. කුඩා වටකුරු හිසෙන් නෙරා ඇති වකුටු වූ හොට සතුන් ගොඳුරු කරගන්නා ගිජුලිහිනියකුගේ වැනිය.

 

සංචාරක ජීවිතයක් ගතකරන මේ ගිරවා, විශේෂ ආහාර රටාවකට හුරුවී සිටී. ශාක කඳන්වලට ඇලී සිටින ජීවින්, කෘමි සතුන්, හානිකර සතුන් ආදිය ද, මල්පැණි සහ මල් කිහිපයක් ද ආහාරයට ගනී.

සෙසු පක්ෂීන් මෙන් මොවුන් අතු මත ඇවිදින්නේ නැත. අත්තෙන් අත්තට පැන පැන යනවා පමණි.

ගැහැනු සහ පිරිමි ඩ්‍රැකියුලා ගිරවුන්ගේ ඇත්තේ සුලු වෙනසකි. පිරිමි පක්ෂියාගේ ඇස්වලට පිටුපසින් රතු පැල්ලමක් වෙයි. ගස්වල විශාල බෙනවල සකසන කැදැලිවල වරකට දෙක බැගින් ගැහැනු පක්ෂියා බිත්තර දමයි. මොවුහු බොහෝවිට යුගල වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන් සිටිති. එක් කණ්ඩායමක ගිරවු 20ක් පමණ වෙති.

එකිනෙකා හා සන්නිවේදනය කිරීම සඳහා ගොරෝසු හඬකින් කෑගසන ඩ්‍රැකියුලා ගිරවුන්ගේ හඬ තරමක් දුරකින් සිට වුවද ඇසීමට හැකිය.

නිව්ගිනියා වනාන්තරවලට අමතරව ඩ්‍රැකියුලා පක්ෂීහු ලෝකයේ සත්වෝද්‍යාන කිහිපයක ද මේවනවිට සිටිති.

(ඕල් දැට් ඊස් ඉන්ටරස්ටින් ඩොට් කොම් ඇසුරිනි)

ඩිල්ෂානි චතුරිකා දාබරේ


More News
...
Tuesday, 06 April 2021 - 15:30

වර්තමානයේ රුක් රෝපණ බොහෝමයක් අයාලේ සිදු වන බව කල්පනාකාරීව බැලූ විට පෙනෙන කරුණක්.පරිසරය රැකගැනීම...   Read more

...
Tuesday, 06 April 2021 - 10:19

ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය කෑවම හැදෙන ලෙඩද? ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය...   Read more

...
Tuesday, 06 April 2021 - 9:43

‌ඇෆලොටොක්සීන් (aflatoxin beta 1) කියන්නේ ඇස්පජිලස් (Aspergillus flavus and Aspergillus parasiticus) නම් දිලීර මගින් නිපදවන විෂ ද්‍රව්‍යයක්. ‌ ‌ප්‍රධාන...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...