Monday, 18 January 2021 - 11:08
සතියේ ලග්න පලාපල විස්තරය (2021-01-17 සිට 2021-01- 23 දක්වා)
...

මේෂ- නැතිවී තිබූ ස්වර්ණා­භ­ර්ණ­යක් හමු වේ

මේෂ ලග්නය හිමි ඔබට මෙම සතිය ඉතා වාස­නා­වන්ත සති­යකි. චන්ද්‍රයා 11 - 12 - 01 - 02 යන ස්ථාන­වල ගමන් කිරීම ද ආර්ථික ලාභ පිට­රට යෝග ව්‍යාපාර ඵල මතු කරනු ඇත. තමා අත්හැර දමා තිබූ ආර්ථික ආදා­ය­මක් යළි තමාට විවෘත වන බව පෙනේ. ඒ නිසාම සිතේ සතුට සැන­සීම උදා­වනු ඇත. තම වත්ත පිටියේ කරන පවිත්‍ර කිරී­ම­කදී තමාට හිමි උරු­ම­යක් නැ‍තහොත් තමාගේ නැතිවූ වටිනා ස්වර්ණා­භ­ර­ණ­යක් යළි තමාට හිමි වන ලකුණු පෙනේ. දණ­හිස ආශ්‍රිත ආසා­දන ඇතිවේ. ප්‍රවේ­ශම් වන්න.

වෘෂභ - ආර්ථි­කයේ ප්‍රව­ර්ධ­න­යක්

වෘෂභ ලග්න­යට අනුව මෙම සතියේ ඔබට කලක් ඈත්ව සිටි රැකි­යා­වක දිග­ටම නියැ­ළී­මට අව­ස්ථාව උදා වේ. ඒ නිසා රැකි­යා­ගත අම­තර වග­කීම් රැසක් දැරී­මට සිදු වේ. ඒ නිසාම වේත­නයේ සැල­කිය යුතු උසස් වීමක් පෙනෙ­න්නට තිබේ. සිතේ සතුට වැඩි­පුර දැනෙනු ඇත. ඒ අතර චන්ද්‍රයා මේ සතියේ ඔබගේ කේන්ද්‍ර­යට අනුව 10 - 11 - 12 - 01 යන ස්ථාන පසු­කර යමින් ඔබව ආර්ථික අතින් වාස­නා­ව­න්ත­යකු කරයි. අන් අයගේ උප­කාර මත ඔබට එදි­නෙදා අව­ශ්‍යතා කීප­යක් නොමි­ල­යේම ඉෂ්ට සිද්ධ කර ගැනී­ම­ටද අව­ස්ථාව උදා වේ.

මිථුන- විවේකී සුවය ලැබේ

මිථුන ලග්න­යට අනුව චන්ද්‍රයා මෙන්ම අනෙක් ග්‍රහ ගමන් කීප­යක් නිසා මෙම සතිය ඔබගේ සිතට මහත් සැන­සු­මක් ගෙන දෙන කට­යු­ත්ත­කට හේතුවේ. අස­නී­පව සිටි තම මව හෝ පියා ඉන් මිදී සුව අතට හැරීම නිසා මහත් වෙහෙ­ස­කින් මිදී විවේකී කාල­ය­කට මුහුණ දීමට ඔබට ඉඩ­හ­සර සැල­සෙනු ඇත. කෙසේ නමුදු ව්‍යාපාර රැකියා ආර්ථික දියු­ණුව ද ඇති වේ. තම සහ­කරු හෝ සහ­කා­රිය එකතු වී කිරී­මට සංවි­ධා­නය වී තිබූ සැල­සු­මක් කල් දැමී­මට සිදු වේ. එහෙත් එය ඔබට වාසි­යක් මිස ඉන් අවැ­ඩක් සිදු නොවනු ඇත.

කටක- යහ­පත් මාන­සික සුව­යක්

කටක ලග්න­යට අනුව ඔබ මෙම සතිය ආර­ම්භ­යත් සමඟ නව නිව­සක පදිං­චි­ය­කට යෑමට සිතයි. ඒ නිසා නව ජීවන ඇර­ඹුක් ලෙස එය හඳුන්වා දීමට පුළු­වන. මෙතෙක් මාන­සික පීඩ­න­යෙන් යුතුව කල් ගත කළ ඔබට අවශ්‍ය මාන­සික සුවය ලැබෙන සති­යකි. විවාහ අපේ­ක්ෂිත අයගේ බලා­පො­රොත්තු ඉටු වේ. ගමින් පිට දුර බැහැර ගම­න­කට කරුණු යෙදේ. කොයිකා සම­ඟත් එකට එක­තුව විනෝ­ද­ජ­නක ලෙස කට­යුතු නිමා­කර ගත හැකි වැඩි­පුර ආග­මික කට­යු­තු­වල යෙදී­මට සිත යොමු කරන සති­යකි. චන්ද්‍රයා 08 - 09 - 10 - 11 හි ගමන් කරයි.

සිංහ- කාර්ය බහුල සති­යක්

සිංහ ලග්න­යට අනුව අභි­යෝග රැස­කට මුහුණ දීමට සිදු වුවත් ඒවා ජය ගැනී­මට ඔබට හැකි­වනු ඇත. 07 - 08 - 09 - 10 යන ස්ථාන­වල ගමන් කරන චන්ද්‍ර­යාගේ ස්වභා­වය අනුව කාර්ය බහුල සති­ය­කට ඔබට මුහුණ දීමට සිදු වේ. උත්සව කිහි­ප­ය­ක­ටද සහ­භාගී වීමට සිදු­වන අතර හොඳ නම දිනා කා අත­රත් සතු­ටින් ගත කිරී­මට හැකි වේ. තුන­ටියේ අප­හ­සු­තා­වක් නිසා කිසි­යම් බාධා­කාරී ගම­න­කට මුහුණ දීමට සිදු වුව ද ප්‍රවේ­ශම් වීමෙන් එම බාධ­කද මඟ හරවා ගත හැකිය.

කන්‍යා- සම්මුඛ පරී­ක්ෂ­ණ­යෙන් ජය

කන්‍යා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍ර­යට අනුව බුද්ධි­මත් ලෙස කට­යුතු කිරී­මෙන් ජය­ග්‍ර­හණ කීප­යක් උදා­කර ගත හැකිය. තරග විභාග හා සම්මුඛ පරී­ක්ෂ­ණා­දි­යෙන් ජය හිමි වේ. තම වෙහෙසේ තර­මට ප්‍රති­ඵල හිමි වේ. නිව­සක් තනන අය­කුට ඒ සම්බන්ධ නැවත කඩා දැමීම් කීප­යක් නිසා නිර­ප­රාදේ විය­දම් ස්වරූ­ප­යක් පෙන්වන නිසා ඉතා ප්‍රවේ­ශ­මෙන් දෙව­තා­වක් සිතා කට­යු­තු­වල නිරත වීමෙන් විය­හැකි පාඩු අවම කර­ගත හැකිය. පපුවේ සෙම හතිය මුත්‍ර ස්ථාන­ගත ගැට­ලු­ව­ලට මුහුණ දීමට ද ආහාර අරු­චි­කම් අජීර්ණ නිසාද ශරී­රය පීඩා­වට පත්වන ලකුණු පවතී.

තුලා - ආර්ථික ස්ථාව­ර­ත්වය

තුලා ලග්න හිමි ඔබට ඉතා හර­වත් අද­හස් උද­හස් සිතට නැගෙන සති­යකි. ඒ අනුව හර­වත් කලා නිර්මාණ බිහි­වීම ඒ තුළින් අන් අය පින­වීට ඔබට අවස්ථා කීප­යක් උදා වීම තුළ බොහෝ දෙනාගේ ආදර ගෞර­ව­යට භාජ­නය වේ. ඒ තුළින් ආර්ථික ස්ථාවර භාව­යද ඔබට උදා­ක­ර­ගත හැකිය. කිසි ලෙස­කි­න්වත් ඔබ ඔබගේ වග­කීම් අන් අයට පව­රන්න නොසි­තන්න. කිසි­යම් වග­කී­ම­කින් තාව­කා­ලි­කව හෝ ඔබ නිද­හස් වීමට සිත­නවා නම් සතිය අග භාග­යේදි පසු­තැ­වී­මට හේතු වනු ඇත. චන්ද්‍රයා ඔබගේ කේන්ද්‍ර­යට අනුව මෙම සතියේ ගමන් කර­නුයේ 05 - 06 - 07 - 08 යන ස්ථාන­ව­ලයි.

වෘශ්චික- අපේක්ෂා සඵ­ලවේ

වෘශ්චික ලග්නට අනුව ඔබට මෙම සතිය පුරා­වට සිතට කුමක් හෝ සැක සහිත කරු­ණක් නිසා කාලය නික­රුණේ කැප කිරී­මට සිදු­වී­මට පුළු­වන. විශේ­ෂ­යෙන් තම නිව­සට පැමි­ණෙන පිට­ස්ත­ර­යකු හෝ ඥාති­යකු නැති­නම් ගෘහ සේවක සේවි­කා­වක නිසා පාඩු විඳී­මට සිදු වේ. ඒ නිසා කල්ප­නා­කාරී ලෙස කට­යුතු කරන්න. වාහන මිලදී ගැනීමේ ව්‍යාපා­ර­ය­කට අත ගැසීම ඔබට අහි­මිව තිබූ රැකි­යා­වක් යළි අපේක්ෂා කර එය ඉටු­කර ගැනී­මට උත්සාහ දැරිය යුතු සති­යකි. චන්ද්‍රයා ඔබ කේන්ද්‍ර­යට අනුව 04 - 05 - 06 - 07 යන ස්ථාන­වල ගමන් කිරීම බොහෝ අපේක්ෂා සඵල කර­ගත හැකි සති­යකි.

ධනු ලග්නය- දේපළ හිමි­ක­මක්

ධනු ලග්නය හිමි ඔබගේ කේන්ද්‍ර­යට අනුව චන්ද්‍ර­යාගේ හැසි­රී­මත් රවි, බුධ, ගුරු, සිකුරු යන ග්‍රහ­යන්ගේ හැසි­රිම් රටාව නිසාත් නඩු­හබ ජය, දේපළ හිමි­කම් ඇති වේ. කිසි­යම් හිත­ව­ත­කුගේ නීති­මය ගැට­ලු­ව­කට හෝ ඒ වෙනු­වෙන් ඔබට සාක්ෂි දීමට යෑමට පවා සිදු වේ. ඒ නිසා මෙම සතිය ගෙද­ර­ටම වී නිද­හසේ කට­යුතු කිරීම සුබ වෙයි. තම මිතුරු මිතු­රි­යන් තමා වෙතින් ඈත්වී­මක් නිසා කිසි­යම් සිත් තැවු­ල­කට වුවද මුහුණ දීමට සිදු වේ. සෙම හතිය බහුල කෙරේ. චන්ද්‍රයා ගමන් කරන්නේ 03 - 04 - 05 - 06 යන ස්ථාන­වල වේ.

මකර ලග්නය - ආදා­යම් මාර්ග කීප­යක්

මකර ලග්න­යට අනුව චන්ද්‍රයා මෙම සතිය පුරා­වට කේන්ද්‍රයේ 02 - 03 - 04 05 යන ස්ථාන­වල ගමන් කිරීම නිසා ආදා­යම් මාර්ග කීප­ය­කට ඔබ අත­ග­සනු පෙනේ. ඒවා­යින් සතු­ටු­දා­යක ප්‍රති­චාර දක්නට ලැබේ. කුස ආශ්‍රිත රෝග කීප­යක් නිසා පීඩා විඳී­මට සිදු වුවද නිසි වේලා­වට ප්‍රති­කාර ගැනී­මෙන් ඒවා අවම කර­ගත හැකිය. පිට­ර­ටට සම්බන්ධ අයකු නිසා ජීවි­තය ස්ථාව­ර­ත්ව­යෙන් ගෙන­යා­මට අව­ස්ථාව උදා වේ. තම සිතැඟි පරිදි පම­ණක් කට­යුතු නොක­රන්න. වැඩි­හිටි ඔව­දන් මඟ පෙන්වීම අනුව ගිය­හොත් ඉදි­රිය සුබ වේ. සැර උෂ්ණ ආහාර පාන අවම කරන්න.

කුම්භ ලග්නය- හුදෙ­කලා දිවි­යක්

කුම්භ ලග්න­යට අනුව සතියේ මැද භාගයේ අන් අය­ගෙන් දුර­ස්ථව හුදෙ­කලා දිවි­යක් ගත කිරී­මට ඔබට සිදු වේ. මෙතෙක් ගොඩ­ගැහී තිබූ කට­යුතු කීප­යක් නිර­වුල් කර ගැනී­මට ඔබට හැකි වේ. තම මවු පාර්ශ්වයේ කෙනෙ­කුගේ ඇප උප­කාර නිසා බොහෝ කට­යුතු අවම කර ගැනී­මට ඔබට හැකි වේ. උගුරේ අමාරු උර­හි‍ෙස් අමාරු පෙන්වයි. ප්‍රවේ­ශම් වන්න. කිසි­යම් නීති කට­යු­ත්තක් උසා­විය, පොලි­සිය ආදී ස්ථාන­ය­කට යෑමට හෝ පෙන්වන සති­යකි. චන්ද්‍රයා ඔබ කේන්ද්‍ර­යට අනුව මෙම සතියේ 01 - 02 - 03 - 04 යන ස්ථාවල ගමන් කිරීම සතු­ටු­දා­යක වේ.

මීන ලග්නය- සතුරු බාධක

මීන ලග්නය හිමි ඔබට මෙම සතිය රැකි­යා­ගත සතුරු බල­පෑ­මක් නිසා ගැටලු ඇති වේ. ඒ නිසා ඔබ කර කිය­නදෑ වුවද කල්ප­නා­වෙනි. ඔ‍බගේ හදිසි කෝපය නිසා වුවද තමාට ආර්ථික පාඩු එළ­ඹෙ­නසේ බල­පෑ­මට පුළු­වන. ඒ කෙසේ නමුත් ආර්ථික ලෙස ඔබට යහ­පත්ය. තම පිය පාර්ශ්ව­යෙන් උරු­ම­යක් ලැබෙන සති­යකි. අන් අයගේ සිත දිනා­ගෙන කට­යුතු කිරී­මට ඔබට හැකි වේ. චන්ද්‍රයා මේ සතියේ ඔබ කේන්ද්‍ර­යට අනුව ගමන් කරන්නේ 12 - 01 - 02 - 03 යන ස්ථාන­ව­ලයි.



More News
...
Monday, 08 February 2021 - 11:09

ලෝකයේ මිනිසා ඇතුළු සියලුම ජීවින් මෙන්ම සොබාදහමද රඳා පවතින්නේ, සූර්යයා නිසා බවට ඈත අතීතයේ සිටම අපගේ...   Read more

...
Sunday, 07 February 2021 - 9:27

  මේෂ- අඹු­සැමි මත භේද මේෂ ලග්නය හිමි ඔබට මෙම සතිය ආර­ම්භය අස­තු­ටු­දා­යක වුවත් සතිය මැද භාගයේ...   Read more

...
Monday, 01 February 2021 - 10:00

ජලය මිනිසාගේ ප‍්‍රධානතම අවශ්‍යතාවයක්. නිවසකට ජලය ලබා ගැනීමේ පහසුකම අතිශයින්ම වැදගත් වෙනවා....   Read more

දවසේ වීඩියෝව