Monday, 18 January 2021 - 12:52
අඩුපාඩු සහිත අනපනත්වල කඩිනම් සංශෝධනයක්
...
ළමා අපචාර නඩු සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කර මහාධිකරණවල අධිචෝදනා ගොනුකිරීම සඳහා අවධානය යොමුව තිබෙනවා. ඒ මෙරට තුළ නීතිය හා සාමය පවත්වාගෙනයාම, ජනතාවට අපරාධ භීයකින් තොරව ජීවත් වීමට හා මතින් තොර ශ්‍රී ලංකාවක් බිහිකිරීම සම්බන්ධයෙන් සිදුකළ විශේෂ සාකච්ඡාවකදීයි.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේදී පැවැති එම සාකච්ඡාවට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය, රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා, අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පීකේ මායාදුන්න ඇතුළු පිරිසක් සහභාගී ව සිටියා.

මෙහිදී රටට මත්ද්‍රව්‍ය තුළ ජාවාරම්කරුවන්  විසින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධයෙන් වැටලීම් සිදුකිරීම, එම නීති කඩිනම් කර අදාළ පලුද්ගලයින් නීතිය ඉදිරියට ගෙන ඒම, පිටරට සිටින ලංකාවට අවශ්‍යකරන ජාවාරම්කරුවන් ගෙන්වා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාලය බිඳදැමීම පිළිබඳ ද සාකච්ඡා කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

එමෙන්ම රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වැනි ආයතනවලින් විශේෂඥ සාක්ෂි ගෙන්වාගැනිමේ ක්‍රමවේදය වේගවත් කිරීම, දරුණු ඝණයේ අපරාධ සිදුකළ අපරාධකරුවන් සම්බන්ධයෙන් විශේෂිත ආකාරයට විමර්ශන අවසන් කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පවතින නීති අනපනත්වල යම් යම් අඩුපාඩු හදුනාගෙන ඉක්මනින් ඒවා සංශෝධනය කිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇති බව සඳහන්.


More News
...
Saturday, 06 March 2021 - 11:51

රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.ඊයේ රාත්‍රියේ සිට පවතින මෙම ගින්න හේතුවෙන් රක්ෂිතයේ...   Read more

...
Saturday, 06 March 2021 - 10:45

ජාත්‍යන්තර ප්‍රවාහන දිනය අදට (06) යෙදී තිබෙනවා. එම දිනයට සමගාමීව වැඩසටහන් රැසක් අද ක්‍රියාත්මක...   Read more

...
Saturday, 06 March 2021 - 10:40

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර වෙළෙද සබඳතා ඉහල නැංවීමේ අරමුණින් නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබීම...   Read more

දවසේ වීඩියෝව