Tuesday, 19 January 2021 - 9:21
කොළඹ කොටස් වෙළඳපොළේ ඉහළම අගය වාර්තාවේ
...

 

 

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය ඊයේ (18) වාර්තා විය.
ඒ අනුව ඊයේ දිනය තුළ කොටස් ගනුදෙනු 67,153 ක් වාර්තා වී තිබූ අතර එය ඉතිහාසයේ තනි දිනක් තුළ සිදු වූ වැඩිම ගනුදෙනු සංඛ්‍යාව ලෙස සටහන් විය.
දිනයේ අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 12 ඉක්මවූ අතර ගනුදෙනු පිරිවැටුම අඛණ්ඩව රුපියල් බිලියන 12.18ක් ලෙස වාර්තා වූ දෙවැනි දිනය ඊයේ විය.
මේ වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු සිදු වූ 10 වැනි දිනය ඊයේ (18) වූ අතර, දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,922.66 ලෙස දැක්විණ.
දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඊයේ ඒකක 188.09කින් ඉහළ ගිය අතර කොළඹ කොටස් හුවමාරුවේ වසර 35ක ඉතිහාසයේදී ඉහළම අගයක් වාර්තා කළ අටවැනි අවස්ථාව ලෙස වාර්තාවේ.
මීට පෙර සියලු කොටස් මිල දර්ශකය ඉහළම අගයක් වාර්තා කරන ලද්දේ 2011 වසරේ පෙබරවාරි මස 11 වැනිදා ය. එදින, දිනට නියමිත ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,811.80ක් ලෙස සටහන්ව විය.
කොළඹ කොටස් වෙළෙඳපොළේ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ද ඊයේ (18) ඒකක 3,000 සීමාව ඉක්මවා ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේදී ඒකක 3,003.30ක් ලෙස දැක්විණි. එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඊයේ ඒකක 100.32කින් ඉහළ ගිය අතර එය සියයට 3.46ක වර්ධනයකි.

 

 



More News
...
Friday, 05 March 2021 - 15:57

චයිනා හාබර් ඉන්ජිනේරු සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත නවීන පොලිමරේස් දාම ප්‍රතික්‍රියා...   Read more

...
Friday, 05 March 2021 - 10:44

කූවේට් එයාර්වේස් හි  ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකරු සුදේශ් රුපසිංහ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න...   Read more

...
Thursday, 04 March 2021 - 13:35

මල් අපනයන කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් මිලියන දොළහක ආදායමක් පසුගිය වසරේදී (2020) මෙරට ලැබී ඇති බව ශ්‍රී...   Read more

දවසේ වීඩියෝව