Wednesday, 20 January 2021 - 11:30
ගෙදර ඉඳන් වෙබ් එකෙන් ගංවතුර අවදානම දැනගන්න
...
නිරන්තරයෙන් ස්වාභාවික ආපදාවන්ට ලක්වන රත්නපුර දිස්ත්‍රික්කයේ පළමු තැන ලැබෙන්නේ ගංවතුරෙන් සිදුවන ආපදාවන්ට. වාර්ෂිකව මිලිමීටර 4000 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් කළු ගඟේ හා අතු ගංගා වන වේ ගඟ, දෙනවක ගඟ, නිරිඇල්ල ගඟ, කුරුගඟ, ගලතුර ඔය, කුකුළේ ගඟ යන ගංගාවල ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කය වාර්ෂිකව ගංවතුර තත්ත්වයකට මුහුණදෙනවා.

මේ ගංවතුර තත්ත්වය හේතුවෙන් මිනිස් ජීවිත සිය ගණනක් මෙන්ම හානි වූ දේපළ ද අති විශාලය. මේ අහිමිරි අත්දැකීම්වලට මුහුණපාන රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට ගංවතුර අනතුරු පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටීමට හා කල්වේලා ඇතිව පහසුවෙන් එම තත්ත්වයන් දැන ගැනීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව, සබරගමුව පළාත් සභාව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව පූර්ව(ගංවතුර) අනතුරු ඇඟවීමේ පද්ධතියක් කළුගඟේ හා අතු ගංගාවල ස්ථාපිත කර ඇති බව රත්නපුර දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු අරුණ සමරතුංග මහතා ප්‍රකාශ කළා.

මේ සඳහා www.rivernet.lk වෙත පිවිසීමෙන් ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක කළුගඟේ හා එම අතු ගංගාවල ජල මට්ටම ඉහළ යෑම පිළිබඳ තොරතුරු දැනගන්න පුළුවන්.
 


More News
...
Tuesday, 06 April 2021 - 15:30

වර්තමානයේ රුක් රෝපණ බොහෝමයක් අයාලේ සිදු වන බව කල්පනාකාරීව බැලූ විට පෙනෙන කරුණක්.පරිසරය රැකගැනීම...   Read more

...
Tuesday, 06 April 2021 - 10:19

ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය කෑවම හැදෙන ලෙඩද? ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය...   Read more

...
Tuesday, 06 April 2021 - 9:43

‌ඇෆලොටොක්සීන් (aflatoxin beta 1) කියන්නේ ඇස්පජිලස් (Aspergillus flavus and Aspergillus parasiticus) නම් දිලීර මගින් නිපදවන විෂ ද්‍රව්‍යයක්. ‌ ‌ප්‍රධාන...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...