Wednesday, 20 January 2021 - 15:03
මැල්ගේ ක්‍රිකට්
...
 
 අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වලපල්ලට වැටී ඇති බව අමුතුවෙන් කිවයුතු නොවේ. අපට දක්ෂ ක්‍රීඩකයන්ගේ හිගයක් නැත. පහසුකම්වල අඩුවක්ද නැත. ලොව සිටින දක්ෂතම පුහුණුකරුවන්ගේ සහයද අපට ලැබේ. එහෙත් අපි ක්‍රිකට් තරග පරදී. මෙම පරාජයන් ඇත්තටම අස්වාභාවිකය.

ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මේ කඩා වැටීම දෙයාකාරයකට විග්‍රහකළ හැකිය.අද අපේ කණ්ඩායම තුළ කිසිදු එකමුතුකමකු නැත. එකමුතු කම නැති තැන කණ්ඩායම් හැගීමක් ඇතිවන්නේ නැත. විනයක් නැත. කණ්ඩායම් හැගීම, විනය නැති නැතිවිට එකිනෙකා තම තමන්ගේ පුද්ගලික න්‍යායපත්‍රයන් අනුව කටයුතු කරනවා මිස පොදු හැගීමෙන් කටයුතු කරන්නේ නැත. ඒ සදහා උදාහරණ ඕනෑ තරම්වේ. ඒ ගැන පසුව සදහන් කරමි.

දෙවැන්නනම් ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්තරා ආගමික නිකායක් (බෝර්න් අගේන්) අතට පත්වීමය. එම නිකායේ මෙරට ඒජන්තවරයා (ක්‍රිකට් සම්බන්ධයෙන්) කටයුතු කරන්නේ ඔස්ටින් නැමැත්තාය. එ් පිළිබදවනම් ගැඹුරින් සිතා බැලිය යුතුය.මේ කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන්ගේ කළමණාකරු වශයෙන් කටයුතු කරන ඔස්ටින්ය. කෙටියෙන් පවසන්නේනම් අද මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මෙහෙයවන අදෘශ්‍යමාන හස්තය ඔස්ටින්ය. ඔහු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කර තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකි. චාලිට අවනත නොවූ බොහෝ ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් ජීවිතය ඉතාම ඉක්මනින් අවසන්විය. දශකයකට ආසන්න කාලයක සිට චාලි ගැන කතා කෙරුණද ඔහු ගැන එළිපිටම කතා කරන්නට පටන්ගත්තේ කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම ප්‍රහාරරාත්මක පිතිකරුවකුවූ තිලකරත්න ඩිල්ෂාන්ය.තවත් වසර දෙකතුනක් ක්‍රීඩාකිරීමට හැකියාව තිබියදීත් ඩිල්ෂාන්ව ගෙදර යැව්‍වේ ඔස්ටින් ඇතුළු පිරිසය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල ද ඔස්ටින් පන්නයේම කෙනෙකි. ඔහුට ජනාධිපතිකම ලැබුණත් වැඩක් නැත. ඔහුට අවශ්‍ය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිකමය. එය ලබාගන්නට ඔහු අතිවිශාල ධනස්කන්දයක් වියදම් කරයි. තමන්ට බැරිනම් තමන්ගේ ධනය උඩ සෙල්ලම් කරන කෙනෙකු හෝ ක්‍රිකට් ආයතනයේ සභාපතිකරවීමට ඔහු කටයුතු කරයි. අද ලංකාවේ ක්‍රිකට් පරිපාලනය කරන්නේ ධන කුවේරයන් හා ආගමික අන්තවාදීන් පිරිසකි. මේවා ක්‍රිකට් ප්‍රේකෂකයන් දන්නේ නැත.

බෝර්න් අගේන් යනු අන්තවාදී ආගමික නිකායකි. එය මිත්‍යාව මත ගොඩනැගුණ ආගමික නිකායකි. එම නිකායේ ප්‍රධානතම ඉලක්කය බෞද්ධයන් අන්‍යාගමිකකරණය කර ගැනීමය. එහිදී ඔවුන් ඉලක්ක කරගන්නේ ධනවත් හා බලවත් පුද්ගලයන්ය.  වාර්තාවන ආකාරයට ක්‍රිකට් ක්‍රීඩකයන්ට අමතරව මෙරට ප්‍රධාන පෙළේ දේශපාලනඥයන්ද මෙම මිත්‍යා ආගමික නිකාය වැළඳගෙන තිබේ. (ඔවුන් පිළිබදව පුද්ගලිකවම දන්නා නමුත් නම් සදහන් කළ නොහැක). මෙම ආගමික කල්ලිය ක්‍රීඩකයන්ගේ මානසිකත්වය වර්ධනයට යැයි කියිමින් යාඥා පූජාවන් පවා සංවිධානය කරනු ලැබේ. එවැනි බලයක් ලැබුනේ කාගෙන්දැයි කියන්නට අපි දන්නේ නැත. මේ කල්ලිය පාලනය නොකලොත් අපේ ක්‍රිකට් තවත් පහළට වැටෙනු නොවනු මානය. එය වැළක්විය හැක්කේ වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂටය.

මෙයට දශකයකට එනම් 2010 වසර වනතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාති හෝ ආගම් භේදයක් තිබුනේ නැත. එල්.ටී.ටී.ඊ යුද්ධයෙන් බැටකන සිංහලයන්ම ද්‍රවිඩ ජාතිකයකු වූ මුත්තයියා මුරලිදරන්ට ආදරය කළේය. ජාත්‍යන්තරයෙන් ඔහුට එල්ලවන බලපෑම්වලට එරෙහිව සිංහලයෝ පෙනී සිටියහ. චමින්ද වාස් ක්‍රිස්තියානි ආගමිකයෙකි. ෆර්විස් මහරුෆ් මුස්ලිම්ය, මුත්තයියා මුරලිදරන් ද්‍රවිඩ ජාතිකයෙකි. සනත් ජයසූරිය, අර්ජුණ රණතුංග, සිංහල බෞද්ධය. ලෝකයා අපිට සංහිඳියාව උගන්වන්නට පෙර අපි ක්‍රිකට් ක්‍රීඩාව හරහා ලෝකයට සංහිඳියාව ඉැගැන්වූයේය. ජාතික සමගිය ගොඩ නැගුනේ ක්‍රිකට් ක්‍රීඩාව වටාය. 96 ලෝක කුසලානය ජයගන්නට මේ සංහිදියාව වටාගොඩ නැගුණු එකමුතුකම බොහෝ ඉවහල් විය.

අද වනවිට සිංහල බෞද්ධ ක්‍රීඩකයකුට කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීම හරිම අසීරුය. දැනට කණ්ඩායමේ සිටින සිංහල බෞද්ධ එකම ක්‍රීඩකයා දිනේෂ් චන්දිමාල්ය.මැල් ප්‍රමුඛ තේරීම් කමිටුව ඔහුට සලකන්නේ කපන්නබැරි අත සිඹින්නාක් මෙනි. උපුල් තරංග, තිළිණ කණ්ඩම්බි, චමින්ද වාස්, මාවන් අතපත්තු, උපල් චන්දන බෝර්න් අගේන් නොවීම නිසා මැල්ගේ කතුරට හසුවී විසිවූ දක්ෂ ක්‍රීඩකයන්ය. සිංහල බෞද්ධ ක්‍රීඩකයකුට ලේසියෙන් කණ්ඩායමේ ස්ථානයක් දිනාගන්නට බැරිය. කණ්ඩායමට එන්නට පෙර මැල් ප්‍රමුඛ ක්‍රිකට් ලොක්කන් අදහන බෝර්න් අගෙන් ආගම වැළඳ ගත යුතුය. දිගින් දිගටම අසාර්ථක වෙද්දීත් කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමේ රැදෙන්නේ බෝර්න් අගෙන් ආගමේ පිහිටෙනි. එහෙත් කුසල් මෙන්ඩිස්ගේ පිහිටට දෙවියන්වත් නැති බව අපි දැනගත්තේ පිට පිටම බින්දු හතරකට ඔහු දැවී යෑමත් සමගය. දික්වැල්ල පිත්තෙන් බොලෙට ගහනවාට වඩා පිටියේදී කරන්නේ කුරුස ගසන එකය.

2018 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ‍ඉන්දිය කොදෙව් දේශයේ තරඟ සංචාරයක නිරත විණ. එහිදී ජෙෆ්රි වැන්ඩසේ නම් ක්‍රීඩකයා විනය විරෝධීව හැසීරීම නිසා නැවත මෙරටට එවීය. සංචාරය අතරතුර එක් රාත්‍රියකදී ඔහු තවත් ක්‍රීකඩයන් කිිහිප දෙනෙකු සමග රාත්‍රී සමාජ ශාලාවකට ගොස් තිබේ. එහිදී ඔහුට කලින් අනෙක් ක්‍රීඩකයන් නැවත හෝටලයට පැමිණ ඇති අතර ප්‍රමාදවී පැමිණි වැන්ඩසේට පාර සොයාගත නොහැකිව කොදෙව් දේශයේ අතරමංව එරට ආරක්ෂක නිළධාරීන්ගේ උදව්වෙන් නැවත නවාතැන්ගත් හෝටලයට පැමිණ තිබේ. වැන්ඩසේ අතරමං නොවුණානම් මේ කිසිවක් හෙළිවන්නේ නැත. අපේ ක්‍රීඩකයන්ගේ විනය පිරීහීමට මේ එක උදාහරණයක් පමණී.

හිටපු නායක අර්ජුන රණතුංග සදහන් කරන ආකාරයට 96න් පසුව අපේ ක්‍රිකට් දුවන්නේ සල්ලි උඩය. ක්‍රිකට් අපේ ආගම බවට පත්කරන්නට එදා අර්ජුන, අරවින්ද, සනත්, වාස්, මුරලි ලොකු කට්ටක් කෑවේය. සංගා, මහේල,මැතිව්ස් ගොඩට ආවේ ඒ පාරෙනි. අධිපතිවාදියෙකු වශයෙන් හැදින්වුණ අර්ජුණ එදා හැදුවේ ලංකාවේ ක්‍රිකට්ය. එ් වෙනුවෙන් ඔහු දැඩී තීන්දු තීරණ ගත්ත්ය. ඒ කණ්ඩායමේ දක්ෂයන්ට මිස අන්තවාදීන්ට හෝ සල්ලිකාරයන්ට තැනක් නොතිබුණි. දක්ෂයන්ට පාර කැපුවේ අර්ජුණය. දක්ෂයා හදුනාගත හැකි අපූරු ඉවක් තිබූ අර්ජුණ ඒ දක්ෂතාවයන් එළියට ගන්නට ගතහැකි සෑම දෙයක්ම කළේය.

ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි මුල් සමයේදී එස්.එස්.සී කණ්ඩායමට ක්‍රීඩාකළ එවකට නවකයෙකු වූ මහේල ජයවර්ධන ප්‍රතිවාදී කණ්ඩායමට එරෙහිව හොදින් ක්‍රීඩාකරමින් සිට ලකුණු 80කට දැවී ගොස් ඇත. ඔහු නැවත ක්‍රීඩාගාරයට පැමිණියද නායක අර්ජුණ ඔහුව ක්‍රීඩාගාරයට ගත්තේ නැත. අර්ජුණ, මහෙල්ගනේ ශතකයක් බළාපොරොත්තු විය. නමුත් මහේල දැවී යන්නේ නොහික්මුණ පහරක් එල්ල කිරීමෙනි. ඒ නිසා ශතකය අහිමි විය. මහේල එදා සිට ඉවසීමෙන් යුතුව පන්දුවට පහරදනේනට සිතාගත්තේය. නවකයන්ට අර්ජුණ ක්‍රිකට් කියා දුන්නේ එහෙමය. ඉන් සෙත සැළසුනේ අර්ජුණට නොව මහේලටය. මහේල ජයවර්ධනට හිමි අනාගතය අර්ජුණ දුරදීම දුටුවේය.

නමුත් මහේල සල්ලි හම්බකළා මිස රටේ ක්‍රිකට්වල අනාගතය හැදුවේ නැත. අර්ජුණගේ නායකත්වය යටතේ ක්‍රිකට්වල අනාගතය ගොඩ නැගුනේය. සනත් නායකයකු කරන්නේ අර්ජුණය. මහලේ නායකයකු කරන්නේ සනත්ය. නමුත් මහේල ක්‍රිකට්වලට අනාගත නායකයන් බිහි කළේ නැත.  කල්ලිවාදය හැදෙන්නට පටන් ගත්තේ මහේලගේ කාලයේදීය. එයට එවකට තේරීම් කමිටු සභාපතිවරයා වූ අසන්ත ද මැල්ද සහය විය. එහි  කූඨප්‍රාප්තිය 2007 ලෝක කුසලානයයි. සනත්ගෙන් පසු කණ්ඩායමේ නායකත්වය භාරගත් මාවන් අතපත්තු දක්ෂ කණ්ඩායමක් බිහිකළේය. ලසිත් මාලිංග වැනි නවකයන්ට කණ්ඩායමේ දොර හැරුනේ මාවන්ගේ කාලයේදීය. නමුත් 2007 ලෝක කුසලනාය ක්‍රීඩා කරනේ මහේලගේ නායකත්වය යටතේය. අපේ ක්‍රිකට් කඩා වැටෙන්නට පටන්ගත්තේ එතන සිටය. අන්තිමේදී සිත බිඳුණු මාවන් ක්‍රිකට්වලින් සමුගත්තේය. තමන්ට තැන නොලැබෙන බව දත් උපුල් චන්දනද ක්‍රිකට්වලින් සමු ගත්තේය. එදා ඔවුන් මැල් දැඩිව විවේචනය කළේය. එහෙත් කලින් කලට පත්වන ඇමතිවරුන් මැල්ව තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත්කළේය. එ් ඉහළ දේශපාලන බලපෑම් හා සම්බන්ධකම් නිසාය.

සනත් ජයසූරිය තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත්ව ස්ථාවර කණ්ඩායමක් සකස් කරගෙන යම් ගමනක් යෑමට උත්සාහ ගත්තේය. නමුත් කණ්ඩායමේ ක්‍රීඩකයන් දිගට හරහට ආබාධවලට ලක්වීම නිසා ඒ සැළසුම යම් තරමකට අසාර්ථක විය. එමෙන්ම එවකට ක්‍රිකට් සභාපතිවරයා වූ තිලංග සුමතිපාලගෙන්ද තේරීම්වලට පෑම් එල්ලවූ බව එවකට මාධ්‍ය වාර්තාකර තිබුණි. තිලංගගේ සහ චාලි ඔස්ටින්ගේ ධන බලය හා දේශපාලන බලය හමුවේ සනත්ට කළ හැකි දෙයක් තිබුණේ නැත. අවසානයේදී ඔහු තනතුරෙන් ඉවත්විය.
එංගලන්තය සමග පැවැත්වෙන් දෙවැනි ටෙස්ට් තරඟයෙන් පසුව අසන්ත ද මැල් කණ්ඩායමේ කළමණාකාරීත්වයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ. එහෙත් ඔහු තේරීම් කමිටු සභාපතිධූරයෙන් ඉවත් නොවේ. එහි තේරුමනම් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති පුටුවේ හිඳිමින් ඔහු තවත් කාලයක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කිරීමයි. ඒ නිසා මැල්ගේ මේ ඉල්ලා අස්වීම මායාවක් පමණී. ඒ නිසා මැල් ඉවත් කිරීමට පෙර මේ බෝර්න් අගේන් ආගමික අන්තවාදී කල්ලිය අපේ ක්‍රිකට්වලින් ඉවත් කළ යුතුය. එවිට මැල් ඉබේම අවලංගුවී යනු ඇත. නොයෙසේනම් අපේ ක්‍රිකට් මැල් සමඟම වල් වැදෙනු නිසකය.
 
 
 දයා විජේභාහු
 
 
 
 


More News
...
Thursday, 04 March 2021 - 16:26

ප්‍රවීණ රංගන ශිල්පී සහ අධ්‍යක්ෂක ජැක්සන් ඇන්තනී විසින් අධ්‍යක්ෂණය කළ “ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයට...   Read more

...
Sunday, 28 February 2021 - 9:46

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූයේ රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ සිටි යුගයේදීය. ඒ ප්‍රහාරය...   Read more

...
Thursday, 25 February 2021 - 9:48

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හා ඊට සම්බන්ධවූවන් පිළිබඳව වසර කිහිපයක් පුරා අදාළ බලධාරීන්ට...   Read more

දවසේ වීඩියෝව