Thursday, 21 January 2021 - 13:48
ලිංගික සංක්‍රාන්තිකයෙකු ඇමරිකාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලයකට
ලිංගික සංක්‍රාන්තික වෛද්‍යවරියක වන Rachel Levine රජයේ ඉහළම සෞඛ්‍ය නිලයකට පත්කිරීමට නව ජනාධිපති ජෝ බයිඩ්න් විප්ලවීය තීරණයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
මෙම පත්වීම සෙනෙට් සභාව විසින් අනුමත කරනු ලැබිය යුතු අතර එසේ වූවහොත් මෙම නිලයට පත්වූ පළමු ලිංගික සංක්‍රාන්ති පුද්ගලයා බවට ඇය පත්වෙනු ඇති.
මේ වනවිට ලක්ෂ 4ක පමණ ඇමෙරිකානුවන් මරුමුවට යවා ඇති වයිරස් වසංගතයෙන් රට මුදා ගැනීමේ තීරණාත්මක මොහොත සඳහා නායකත්වය දීමට ඇය පමණ සුදුස්සකු නැති බව ජෝ බයිඩන් පෙන්වාදී තිබේ. සුදුස්සන් සුදුසු තැන්වලට පත්කිරීමේදී ප්‍රදේශය, වර්ගය, ආගම හෝ ලිංගිකත්වය වැනි කරුණු බාධා කරගත යුතු නොවන බව ඔහු ප්‍රකාශ කර ඇති බව සඳහන්.
හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වන Rachel Levine වර්තමානයේ පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ සෞඛ්‍ය ලේකම්වරිය ලෙස සේවය කරනවා.
බයිඩ්න්ගේ පදවි ප්රාප්තියෙන් පළමු දින 100 තුළ කොවිඩ් එන්නත් කෝටි 10ක් ජනතාවට ලබාදීමේ ඩොලර් කෝටි 130000ක ව්‍යාපෘතිය සාර්ථක කිරීම ඇයට පැවරෙන වගකීමයි.