Thursday, 21 January 2021 - 16:32
කුසල් මෙන්ඩිස් ඇතුළු ක්‍රීඩකයන් පහක් ගාල්ලෙන් ගෙදරට
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියට නම් කළ සංචිතයෙන් කුසල් මෙන්ඩිස් ඉවත් කිරීමට ජාතික තේරීම් කමිටුව කටයුතු කර තිබෙනවා.
ඒ අනුව එංගලන්ත තරගාවලියට නම්කළ 22 දෙදෙනකුගෙන් යුත් සංචිතයෙන් කුසල්මෙන්ඩිස් ඇතුළුව ක්‍රීඩකයන් 5 දෙනකු නිදහස් කර තිබේ.
කුසල් මෙන්ඩිස් ටෙස්ට් සංචිතයෙන් ව්වේක ගන්වා ඇත්තේ වසර 3කට පසුව වීම විශේෂත්වයකි.
2018 වසරේ ජනවාරි මස බංග්ලාදේශ සංචාරයෙන් පසු පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ටෙස්ට් තරග සඳහා එක් වූ මෙන්ඩිස් මේ වසරේ පැවති ටෙස්ට් තරග 2ක (එංගන්තය සහ දකුණු අප්‍රිකාව) සමඟ නිමා වූ තරග 25ටම ක්‍රීඩා කර තිබේ.
ඔහුගේ අවසන් ඉනිම 6 තුළදී අඛණ්ඩව ලකුණු නොලබා දැවී යෑම් 4ක්ද සමඟින් රැස් කළ හැකිව ඇත්තේ ලකුණු 27ක් පමණි. එම ඉනිම 15, 0, 0, 0, 0, 12ක් ලෙස සටහන් වී ඇත.
ඒ අනුව කුසල් මෙන්ඩිස් වෙනුවට ඔෂධ ප්‍රනාන්දු අංක තුන පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට නියමිතව ඇතැය් වාර්තාවේ.
කුසල් මෙන්ඩිස්ට අමතරව ආබාධයන්ට ලක්ව සිටින නිත්‍ය නායක දිමුත් කරුණාරත්න, මිනොද් භානුක, ළහිරු කුමාර සහ නුවන් ප්‍රදීප් ප්‍රනාන්දු යන ක්‍රීඩකයන්ද සංචිතයෙන් ඉවත්කර තිබෙනවා.
ඒ අනුව දෙවැනි ටෙස්ට් තරගයේදීත් දිනේෂ් චන්දිමාල් නායකයා ලෙස කටයුතු කරනු ඇතැයි වාර්තා වෙනවා.