Thursday, 21 January 2021 - 17:08
ආරක්ෂක අංශ සිටියදී ජනපති නිවසට ගිය හොරා
...


හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට අයත් හොරගොල්ල වලව්වේ දොරක් කඩා කිසියම් පුද්ගලයකු ඊයේ (20 වැනිදා) අලුයම ඊට ඇතුළුවී ඇති බව ​පොලිසිය පවසයි.

හිටපු ජනාධිපතිනිය එදින කොළඹ 7 පිහිටි ඇගේ නිල නිවසේ රැඳී සිට ඇති අතර ඇයගේ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු වලව්වේ ආරක්ෂාව සඳහා යොදවා තිබී ඇත

එලෙස ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් වලව්වේ ආරක්ෂාව සඳහා යොදවා තිබියදී අදාළ පුද්ගලයා වලව්වට ඇතුළු වී ඇත.

හොරගොල්ල වලව්වට පිවිසෙන මාර්ගය අසල බණ්ඩාරනායක සමාධියේ සහ වලව්වේ ආරක්ෂාවට පොලිස් මුරපොළක් ද පිහිටුවා තිබියදී මේ අයුරින් එම පුද්ගලයාගේ පැමිණීම ගැටළු සහගත බව කුමාරතුංග මහත්මියගේ කාර්යාලයේ සේවකයෙකු සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය හා නිට්ටඹුව පොලිසිය  විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසා ඇති බව වාර්තා වේ.


More News
...
Saturday, 06 March 2021 - 10:30

  උපත ලබන සෑම මිනිසකුට ම මරණය උරුම වෙයි. එය පොදු ධර්මතාවයි. එහෙත් මරණය අප සොයා එන්නේ කවර මොහොතක ද...   Read more

...
Friday, 05 March 2021 - 16:11

තනාපතිවරයකු වශයෙන් තමන් මාස දහයක කාලයක සිට පිං පඩියක් ලබාගන්නා බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති...   Read more

...
Friday, 05 March 2021 - 13:51

දිමන්ක වෙල්ලාලගේ ගායනා කරන ‘අහිංසකාවි’ ගීතය කා අතරත් ජනප්‍රිය වුණා.  සජිත් චතුරංග අතින් ලියැවුණු...   Read more

දවසේ වීඩියෝව