Thursday, 21 January 2021 - 21:21
2021 වසරේ පළමු කණ්ඩායම අද දකුණු කොරියාවට
...

 

 මෙම වර්ෂයේ රැකියා සඳහා දකුණු කොරියාවට පිටත්ව යන පළමු කණ්ඩායම අද (21)එරට බලා පිටත්ව ගියේය.

ශ්‍රමිකයින් 22නෙකු ගෙන් යුත් පළමු කණ්ඩායම කේ.ඊ  9474 දරණ විශේෂ වාර (Charter Flight) ගුවන් යානයක් මගින් දකුණු කොරියාව බලා පිටත්විය.

මෙම ශ්‍රමික පිරිස කොරියාව බලා පිටත්ව ගියේ පැය 48කට පෙර පී.සී.ආර්පරික්ෂණ සිදුකිරීමෙන් අනතුරුවය.

දකුණු කොරියාවේ දී දින 14ක නිරෝධායන කාලයකින් පසුව මෙම ශ්‍රමික පිරිස සේවා ස්ථාන වෙත යොමු කිරීමට දකුණු කොරියානු බලධාරීන් කටයුතු කිරීමට නියමිතය.

දකුණු කොරියාවට ඇතුළු වන සියළුම විදේශිය ශ්‍රමිකයින් විසින් තම ජංගම දුරකථනයට එරට සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති ජංගම දුරකථන යෙදවුම (Mobile App) ස්ථාපනය කර ගත යුතු අතර තම නිරෝධායන කාලසීමාව තුල එහි තමන්ගේ විස්තරයන් යාවත්කාලීන කිරීම අනිවාර්යය කර ඇත.

කොවිඩ්-19 ගෝලීය වසංගතය වැළැක්වීම සඳහා කොරියානු ජනරජය විසින් ගෙන ඇති පියවරයන්ට අනුව, ඊ 9 වීසා යටතේ සේවය කරන විදේශීය ශ්‍රමිකයින් මෙම වසරේ ජනවාරි 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි වලංගු පී.සී.ආර්පරීක්ෂණ වාර්තාවක් කොරියාවට පිවිසීමේදී අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතුය. පී.සී.ආර්පරීක්ෂණ වාර්තාව, කොරියාවට පිටත්වීමට පෙර පැය 72 ක් තුළ ගත යුතු අතර, පී.සී.ආර්පරීක්ෂණ වාර්තාව නොමැති විදේශ සේවකයින් කොරියානු රජය මගින් පිටුවහල් කෙරේ.


More News
...
Friday, 05 March 2021 - 15:57

චයිනා හාබර් ඉන්ජිනේරු සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත නවීන පොලිමරේස් දාම ප්‍රතික්‍රියා...   Read more

...
Friday, 05 March 2021 - 10:44

කූවේට් එයාර්වේස් හි  ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකරු සුදේශ් රුපසිංහ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න...   Read more

...
Thursday, 04 March 2021 - 13:35

මල් අපනයන කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් මිලියන දොළහක ආදායමක් පසුගිය වසරේදී (2020) මෙරට ලැබී ඇති බව ශ්‍රී...   Read more

දවසේ වීඩියෝව