Friday, 22 January 2021 - 7:17
චිලි රාජ්‍ය කොරෝනාවැක් අනුමත කරයි
...


චීනයේ බීජිං හි ජෛව ඖෂධ සමාගමක් වන සීනොවැක් විසින් සංවර්ධනය කරන ලද නව කොරෝනා වෛරස රෝගයට එරෙහි එන්නතක් වන කොරෝනාවැක් හදිසි භාවිතය සඳහා චිලී මහජන සෞඛ්‍ය ආයතනය අනුමත කර තිබෙනවා.

චිලී මහජන සෞඛ්‍ය ආයතනයෙහි වැඩබලන අධ්‍යක්ෂ හෙරිබර්ටෝ ගාර්ෂියා පැවසුවේ නිෂ්පාදනයේ ගුණාත්මකභාවය සහ මෙම එන්නත නිපදවීමේදී ඇතිවන වික්‍රියා පිළිබඳව ලබාගත් හොඳ ප්‍රතිඵල පදනම් කරගෙන මෙම තීරණය ගෙන ඇති බවයි.

"මෙම එන්නත නිෂ්පාදනය කිරීමේදී නිෂ්පාදනයේ ගුණාත්මකභාවය සහ වර්ධනය වන වික්‍රියා පිළිබඳව අපි ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගත්තා. ජනගහනය සඳහා ආරක්ෂිත හා ඵලදායී එන්නතක් ලෙස අප මේ එන්නත අනුමත කරනවා" යැයි ගාර්ෂියා උපුටා දක්වමින් ෂින්හුවා පුවත් සේවය වාර්තා කළා.

එමෙන්ම මෙම එන්නත ඵලදායී ලෙස රෝහල් ගතවීම සහ රෝගයේ බරපතලකම වළක්වන බවද ඔහු සඳහන් කර තිබෙනවා.

චිලියේ COVID-19 ආසාදිතයන් 685,107ක් වාර්තා වී ඇති අතර, මේ වන විට මරණ 17,702ක් වාර්තා වී ඇති බව සඳහන්.


More News
...
Saturday, 06 March 2021 - 9:24

තමන් අකමැති පුද්ගලයකු සමඟ ප්‍රේම සබඳතාවයක් පැවැත්වීම හේතුවෙන් තම දියණිය ඝාතනය කර ඇයගේ හිස කඳින්...   Read more

...
Friday, 05 March 2021 - 16:33

 ‘ඇමරිකාවේ ඉහල පෙළේ රැකියාවක් නිරත වූ ෆර්න්ට ඇගේ රැකියාව අහිමි විය. ඒ සමයේදීම ඇගේ සැමියා ද අහිමි...   Read more

...
Friday, 05 March 2021 - 15:14

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉරාකයේ සංචාරය කිරීමට තීරණය කර තිබෙනවා . ඒ අනුව, අති උතුම් ෆ්‍රැන්සිස්...   Read more

දවසේ වීඩියෝව