Friday, 22 January 2021 - 7:39
සෞඛ්‍ය සේවකයින්ට හෝටල්
කොවිඩ් ආසාදිතයන් බවට පත් වන සෞඛ්‍ය සේවකයන්ට ප්‍රතිකාර කිරීම සඳහා කාමර සියයකින් පමණ වූ හෝටලයක් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක බැංකු කොවිඩ් අරමුදලේ අධ්යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර වෙත ඊයේ (21) දැනුම් දී තිබෙනවා.
ඒ අනුව එම අරමුදලේ නිලධාරීන් ඊයේ (21 වැනිදා) පස්වරුවේම හෝටල්වලින් මිල ගණන් කැඳවා ඇත. සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නි ආරච්චිගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී තීරණය කර ඇත්තේ කොවිඩ් ආසාදිතයන් වන සෞඛ්‍ය සේවකයන් රැඳවීම සඳහා බස්නාහිර පළාතෙන් හෝටලයක් හෝ වෙනත් ස්ථානයක් ලබා ගත යුතු බවයි.
සේවකයන් නව දෙනකු කොවිඩ් ආසාදිතයන් වීමත් සමග මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විභාග ශාඛාව හා හෙද ශාඛාවද වසා දමා තිබෙනවා. ඊට අමතරව කොළඹ හා තදාසන්න නගරවල පිහිටි රෝහල් රැසක සේවකයන් කොවිඩ් ආසාදිතයන් බවට පත්ව ඇති බව සඳහන්.
මෙම සියලු සේවකයන් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. එහි ද රෝගීන්ගේ සංඛ්‍යාව ඉක්මවා ගොස් ඇති බවයිවාර්තා වන්නේ.