Friday, 22 January 2021 - 9:11
මවුපියන්ට නිදිපෙති පෙවූ 15 හැවිරිදි දැරිය තරුණයෙකු සමග අනඟ රැඟුමක
...
15 හැවිරිදි දැරියක් ලවා ඇයගේ මවුපියන්ට ආහාර සමග මිශ්‍ර කර නිදි පෙති ලබාදී අවස්ථා ගණනාවකදී එම දැරිය ලිංගික අපයෝජනයට ලක්කළ 23 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (21දා) සැකපිට අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය කියයි.

මීට අමතරව සැකකරු එම දැරියටඩ ලිංගිකව හැසිරුණු අයුරු වීඩියෝ දර්ශනය කර පෙන්වා අපයෝජනයට ලක්කර ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.

අතවරයට පත් දරිය මීට දින දෙකකට ඉහතදී කිසියම් පෙති වර්ගයක් හොර රහසේ පානය කරන අයුරු පියා දැකීමත් සමගම ඒ් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එය උපත් පාලන පෙති බවට අනාවරණය වී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.

අනතුරුව සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති අතර අවස්ථා කිහිපයකදී සැකකරු විසින් නිදි පෙති කුඩුකර නිවස ඉදිරිපිට පිහිටි තැපැල් පෙට්ටියට දමා දැරිය ලබා ඒවා ආහාරවලට මිශ්‍ර කර ලබාදී මවුපියන්ට නින්ද යෑමෙන් පසු එම නිවසට පැමිණ දැරියට එලෙස අතවර කර ඇති බව සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇතැයි පොලිස් නිලදාරියා වැඩිදුරටත් පැවසීය.

අතවරයට පත් දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇති අතර සැකකරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අතුරුගිරිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිලක රූපසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රේමලාල්, පොලිස් පරීක්ෂක ඩී.එන්.වීරසිංහ, කාන්තා පොලිස් සැරයන් නිලක්ෂි යන මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වති.

එම්.සී.පෙරේරා


More News
...
Saturday, 06 March 2021 - 10:30

  උපත ලබන සෑම මිනිසකුට ම මරණය උරුම වෙයි. එය පොදු ධර්මතාවයි. එහෙත් මරණය අප සොයා එන්නේ කවර මොහොතක ද...   Read more

...
Friday, 05 March 2021 - 16:11

තනාපතිවරයකු වශයෙන් තමන් මාස දහයක කාලයක සිට පිං පඩියක් ලබාගන්නා බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති...   Read more

...
Friday, 05 March 2021 - 13:51

දිමන්ක වෙල්ලාලගේ ගායනා කරන ‘අහිංසකාවි’ ගීතය කා අතරත් ජනප්‍රිය වුණා.  සජිත් චතුරංග අතින් ලියැවුණු...   Read more

දවසේ වීඩියෝව