Friday, 22 January 2021 - 9:59
අයියා මලෝ එක්වෙලා ඥාති දියණිය කෙලෙසලා
...
තම 14 හැවිරිදි ඥාති දියණිය අපහරණය කළ බාප්පලා වන අයියා මලෝ දෙදෙනෙකු මේ මස 26 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට හලාවත මහේස්ත්‍රාත්  සහ දිසා විනිසුරු ඒ.ඒ.බී. බුද්ධදාස මහතා පෙරේදා (20) පොලීසියට නියෝගකර තිබුණා.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට නියම වූයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ වයස අවුරුදු 57 සහ 54 වයසේ පසුවන සහෝදරයන් දෙදෙනෙකුටය. තවද මෙම අගතියට පත් දැරිය සම්බන්ධයෙන් වහාම වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාවත් පරිවාස හා ළමාරක්ෂක වාර්තාවත් එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද දිසා විනිසුරුවරයා විසින් පොලීසියට නියෝග කළා.

ඉකුත් 17වනදා වින්දිත දැරියගේ මවුපියන් විසින් ආරච්චිකට්ටුව පොලීසියට සිදුකරනලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව ආරච්චිකට්ටුව පොලීසිය විසින් 14 හැවරිදි පාසල් ශිෂ්‍යාවක් වන වින්දිත දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත රෝහලට ඇතුලත් කර ඇති බව සඳහන්.

ආරච්චිකට්ටුව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාද හේරත් මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා උප පොලිස් පරීක්ෂක සුපුනි ශෂිපබා, මහත්මියගේ ප්‍රධානත්වයෙන්  පොලිස් සැරයන් වන්නිනායක ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

ආරච්චිකට්ටුව - අනුරාධ


More News
...
Friday, 26 February 2021 - 11:59

“ටෙලිසිනේ ක්ලබ්” ආයතනයේ ලේකම් ධූරය හෙබවූ ප්‍රවීණ සිනමා නිළි සනෝජා බිබිලේ  එම තනතුරෙන් ඉල්ලා...   Read more

...
Wednesday, 24 February 2021 - 11:32

මනීෂා චංචලා යනු දක්ෂ රංගන ශිල්පිනයක් මෙන්ම ගායිකාවක් සහ නිවේදිකාවක්ද වනවා. මේ දිනවල බොහෝ ජනප්‍රිය...   Read more

...
Wednesday, 24 February 2021 - 10:09

වයස අවුරුදු දාහතරක පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයකට ලක් කළ වයස අවුරුදු 52ක පුද්ගලයෙකු මාර්තු තුන්වැනි...   Read more

දවසේ වීඩියෝව
    Latest Headlines
  • තවත් ආසාදිතයින් 240ක්
  • පෑලියගොඩ පොලීසියේදී තරුණයෙකුට පහරදීම ගැන පරීක්ෂණයක්
  • කොවිඩ් මරණ 464යි
  • නව ආසාදිතයින් 247ක්
  • සුවය ලැබූවන් 77000 ඉක්මවයි

  • දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2021 පෙබරවාරි මස 25

     නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව,
    මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් 
    ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත්ස
    වස් කාලයේදී හෝ රාත්‍රී
    කාලයේදී තැනින් තැන වැසි හෝ 
    ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
    මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට
    මි.මී. 50 ට වැඩි තරමක
    තද වැසිද ඇතිවිය හැක.

    දවසේ කාටුනය
    ...