Friday, 22 January 2021 - 10:03
අනුරාධපුර මහ හුරුල්ලෑවේ පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශයේ
අනුරාධපුර,පලාගල මහ හුරුල්ලෑවේ වනජීවි කලාපයක පිහිටි පුරාවිද්‍යාත්මක නටඹුන් සහිත භූමිය පසුගිය කාලයේදී නිධන් සොරුන් විසින් සහ විවිධ පාර්ශවයන් විසින් ඩෝසර් කර විනාශ කර තිබෙනවා.
ජාතික උරුම,ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුලු නිලධාරිහු පිරිසක් ඊයේ (22) එම ස්ථානය නිරීක්ෂණය කළා.
මෙම භූමියෙහි මැනුම් කටයුතු කඩිනමින් සිදු කර පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පුරාවිද්‍යා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
එමෙන්ම මෙම භූමිය විනාශ කළ සැකකරුවන් සොයා කඩිනමින් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන ලෙස ද රාජ්‍ය අමාත්‍යවරයා පොලිසියට උපදෙස් ලබා දුන්නා.
මෙම ඓතිහාසික භූමිය හැඳින්වූ නාමය පිළිබඳව ද මෙතෙක් සොයාගෙන නොමැති බවද පුරාවිද්‍යා කොමසාරිස්වරයා එහිදී සදහන් කළා.