Friday, 22 January 2021 - 10:39
ක්‍රීඩා පාසල් 12ක් සංවර්ධනයට පියවර
ක්‍රීඩා පාසල් 12 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මෙම වසරේදී ආරම්භ කරන බව ග්‍රාමීය පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය සදහන් කරනවා.
ඒ අනුව දික්වැල්ල විජිත විද්‍යාලය, හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, පොලොන්නරුව රාජකීය විද්‍යාලය, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය, අම්පාර ඩී.එස් සේනානායක මධ්‍ය විද්‍යාලය, ත්‍රිකුණාමලය ශාන්ත ජෝශප් විද්‍යාලය, යාපනය මධ්‍ය විද්‍යාලය, ගම්පහ හේනෙගම මධ්‍ය මහා විද්‍යාලය, මොනරාගල/ පැලවත්ත නවෝද්‍යා විද්‍යාලය, මන්නාරම මුරුන්ගන් මධ්‍ය මහ විද්‍යාලය, රත්මලාන හින්දු විද්‍යාලය යන ක්‍රීඩා පාසල් මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා යුධ හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදා ශ්‍රම දායකත්වය යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 250 ක මුදලක් වෙන්කර ඇත.
ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම, ක්‍රීඩා මණ්ඩප අලුත්වැඩියා කිරීම, නොවාසිකාගාර හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු සංවර්ධන කටයුතු රැසක් මේ යටතේ සිදුකිරීමට නියමිතය.