Friday, 22 January 2021 - 11:56
ගුවන්තොට විවෘතවීමත් සමග යානා 14කින් මගීන් 779ක් මෙරටට
වානිජ ගුවන් ගමන් සඳහා මෙරට ගුවන්තොට විවෘත වීමත් සමග අද (22) උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ ගුවන් මගීන් 779 දෙනෙකු රැගෙන මගී ගුවන් යානා 14 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළා.
ඒ අතරින් බහරේනයේ සිට ශ්‍රී ලාංකිකයින් ගුවන් මගීන් 186 දෙනෙකු රැගෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයක්, විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වාගැනීමේ ගන්නා වැඩසටහන යටතේ මෙරටට පැමිණ තිබුණා.
මේ අතර ශ්‍රී ලාංකික ගුවන් මගීන් 129 දෙනෙකු පැමිණ තිබුණා ඒ ඩුබායි සිට 56 දෙනෙකු,
කටාර් රාජ්‍යයේ සිට 31 දෙනෙකු හා ජපානයේ සිට 19 දෙනෙකු වශයෙන්.
මෙම පිරිස යුධ හමුදා නිලධාරීන් විසින් නීරෝධායනය සදහා රජයේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් ඇති බව සඳහන්.
එසේම මෙම කාළසීමාව තුළ ගුවන් මගීන් 449 දෙනෙකු ගුවන් යානා 06 කින් කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබුණා.
ඒ ඩුබායි වෙත 179 දෙනෙකු, ඕමානය වෙත 73 දෙනෙකු හාකටාර් රාජ්‍යය වෙත 70 දෙනෙකු වශයෙන් බවයි කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ.